Uncategorized

කොවිඩ් එන්නත සහ රට​ ගමන්

By In

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද පීඩාවට පත්ව තිබෙනු දැකගත හැක​. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම රටේ රජය පිළිබඳව ජනතාව තුළ සෘණාත්මක හැඟීමක් ඇති කර ඇති අතර, මෙම වැඩිවීමට අප මුහුණ දෙන්නේ කෙසේද යන්න සියල්ලන්ටම මේ මොහොතේ පවතින ගැටලුවකි. විශේෂයෙන් අපගේ වැටුප සියලු වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත්ද? යන්න මෙහි දී මූලිකව අවධානයට යොමුවන අනෙක් කරුණ ය​. මේ හේතුව නිසාවෙන් බොහෝ පිරිසක් ශ්‍රී ලංකාව අතහැර විදේශගත වීමට උත්සුක වනු දැකගත හැකි විය​. එමෙන්ම විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පිරිසද ඉහළ යාම අපට නිරීක්‍ෂණය කළ හැකියි. 

නමුත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟම විවිධ රටවලට සංක්‍රමණය වීමේ දී “අදාළ රටට ඇතුළුවිය හැක්කේ ඒ ඒ රටවල නිෂ්පාදනය කරන එන්නත ගත්තොත් පමණක් ය”  එසේත් නැත්නම් වෙනත් රටක නිෂ්පාදනය කළ එන්නත ගතහොත් කිසිම රටකට ඇතුළුවීමට නොහැකියි යනුවෙන් බොහෝ පිරිස් විවිධාකාරීය මත දරනු දක් නට ලැබිණි. ශ්‍රී ලංකා රජය ද රටවල් ගණනාවකින් එන්නත් බිලියන ගණනක් ආනයනය කොට මෙරට පුරවැසියන් එන්නත්කරණය කිරීමට කටයුතු කරන ලදී. කෙසේ වුව ද ජනතාව  අතර පවත්නා එම මතය පිළිබඳ සැක හැර තහවුරු කරගැනීම සඳහා අපි විදේශ කටයුතු අමාත්‍යාංශයට තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කළෙමු.

ඒ අනුව අප විමසා සිටියේ ශිෂ්‍ය වීසා හෝ සංචාරක වීසා මත විදේශගත වන අය විසින්  කුමන එන්නත ලබා ගත යුතුද යන්න ය. ඒ සඳහා අමාත්‍යාංශය දැක්වූ ප්‍රතිචාරය වූයේ බොහෝ රටවලට තම රටට ඇතුළු වීමට එන්නත අවශ්‍ය නොවන බවයි. බොහෝ රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද  එන්නත් අනුමත කරනු ලබන අතර  ඇතැම් රටවල් යම් නිශ්චිත එන්නතක් ලබා ගන්නේ නම් පමණක් තමන් ගේ රටට ඇතුළු වීමට අවසර ලබා දෙන බව අවධාරණය කර ඇත​.  එසේ එම නිශ්චිත එන්නත ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සහ  වලංගු ගුවන් ටිකට් පතක් අදාළ තානාපති කාර්‍යාලය හරහා ඉදිරිපත් කළහොත් අදාළා රටට යාමට අපේක්‍ෂා කරන්නන් හට එම නිශ්චිත එන්නත ලබා ගැනීමට හැකියාව ඇත​. 

ජනතාවට මින් මතු මතුවන ප්‍රශ්නය නම්, විදේශගත වීමට අපේක්‍ෂා කරන්නන් කොවිඩ්-19 එන්නත ලබා ගැනීම සඳහා කිසියම් මුදලක් ගෙවිය යුතුද යන්නයි. අප විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්  එම ප්‍රශ්නය ද අසන ලදී. එයට පිළිතුරු ලෙස, එම එන්නත සඳහා කිසිදු මුදලක් අය නොකළ බවත්, රාජ්‍ය එන්නත් කිරීමේ වැඩසටහන යටතේ එම එන්නත මහජනතාවට නොමිලේ ලබා දුන් බවත් එහි සඳහන් විය.

මීට අමතරව විගමණිකයින් සඳහා වන ප්‍රතිශක්තිකරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරනු ලබයි. එන්නත ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින් හට තමන් ජීවත් වන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය ඒකකයට හෝ යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත් මධ්‍යස්ථානයට ගොස් එන්නත ලබා ගත හැක. විදේශගත වීමට අදහස් කරන පුද්ගලයින් සඳහා වෙනම එන්නත් මධ්‍යස්ථාන තිබේදැයි යන්න ද අප විමසා සිටි අතර, අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ එසේ වෙනම එන්නත් මධ්‍යස්ථාන පිහිටුවා නොමැති බවත්, එන්නත් ලබාගැනීම සඳහා නේවාසික විදේශිකයින් ඇතුළු සියලුම ශ්‍රී ලාංකික ජනතාවට සියලුම එන්නත් මධ්‍යස්ථාන විවෘතව පවතින බවත්‍ ය​.

මේ වන විට රජය විසින් ශ්‍රී ලංකාව පුරා බොහෝ ස්ථානවල කොවිඩ් එන්නත්කරණ වැඩසටහන දෛනිකව ක්‍රියාත්මක කරයි. දිනපතා එන්නත් ලබා දෙන ස්ථාන පිළිබඳ තොරතුරු අපට ජනමාධ්‍ය හරහා ලබා ගත හැකිය. එසේම නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින්, අපි ජනතාවගේ යහපත වෙනුවෙන් රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොවිඩ්-19 වසංගතයට තිත තබමු.

Social, Uncategorized, පුවත්

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

මහේන්ද්‍ර රන්දෙනිය  ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ…

By In
Uncategorized

කථානායක පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරලා?

– චාමර සම්පත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව සඳහා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යන…

By In
Uncategorized

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත සහ එහි භාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *