තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ භූමිකාව

By In

තොරතුරු දැනගැනීමේ අයිතිය  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ භූමිකාව 

            ශ්‍රී ලාංකේය  මාධ්‍ය කර්මාන්තයේ උන්නතිය සහ මාධ්‍යවේදීන් සදහා නිසි මගපෙන්වීමක් මෙන්ම නායකත්වයක් ලබාදීමේ අරමුණින්  පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා කතෘ සංසදය, යන ආයතන තුළින්  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (Sri Lanka Press Institute (SLPI))  ස්ථාපිත විය.  දොළොස් වසරක සාර්ථක ක්‍රියාකාරිත්වයකට පසුව ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛ මාධ්‍ය ප්‍රවර්ධන ආයතනයක් ලෙසට තම ස්ථාවරය ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට හැකිවී තිබේ . මෙම සාර්ථකත්වය  සදහා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම  (Press Complaints Commission of Sri Lanka (PCCSL)), ශ්‍රී  ලංකා ජනමාධ්‍ය  විද්‍යාලය (Sri Lanka College of Journalism (SLCJ)), The advocacy and Free media division  යන ආයතනයන්ගේද  සහය නොමදව ලැබෙන්නට විය. මේ තුළින්  මෙම ආයතනය ඔස්සේ පුවත්පත්වෙදින් සදහා ක්‍රමික පුහුණුවක් ලබාදීමට අවශ්‍යය වටපිටාව සකසනු ලබයි.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම  (Press Complaints Commission of Sri Lanka (PCCSL)) මගින්  නිවැරදි වාර්තාකරණයකට  පුවත්පත් මාධ්‍යවේදියෙක් සතු විය යුතු  ස්වයං  නියාමනය, වගකිව යුතු බව මෙන්ම යම් පුවතක් වාර්තා කිරීමේදී එය නිවැරදිව වාර්තාකිරීමට අවශ්‍ය පෙළඹවීම  සලසනු ලබයි. ශ්‍රී ලංකා ජනමාධ්‍ය  විද්‍යාලයේ (Sri Lanka College of Journalism (SLCJ)), ඉලක්කය දෙසට අවධානය යොමු කිරීමේදී  පුවත්පත් වෘත්තීය මාධ්‍යවේදීන් ලෙසට පුහුණුවන්නන්ගේ හැකියාවන් වර්ධනය කිරීම ප්‍රමුඛ වේ. මෙකී සමස්ථය දෙසට අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (Sri Lanka Press Institute (SLPI))  අරමුණ වන්නේ වෘත්තීය වශයෙන් පරිපුර්ණ මෙන්ම  වගකිම් සහගත මාධ්‍යවේදියෙක්  සමාජගත කිරීමට අවශ්‍ය අඩිතාලම සකස් කිරීමයි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (Sri Lanka Press Institute (SLPI))   තුළින්  යහපාලනයක් සමාජය තුළ ස්ථාපිත කිරීම, මානව අයිතිවාසිකම් සුරැකීම , දිළිදු බව තුරන් කිරීම ආදී බොහෝ සාධක ක්‍රියාත්මක කිරීමට පරිශ්‍රමයක් දරන ආයතනයකි. මේ තුළින්  විවිධ මාධ්‍ය සදහා එනම් විද්‍යුත් හෝ අනෙකුත් මාධ්‍ය සදහා ඉහත කී මෙම සාධක පිළිබද  යම් ධනාත්මක ප්‍රතිරූපයක් ගොඩනගා  ගැනීමට තහවුරු කරගැනීමට අවශ්‍යය පසුබිම සකසා ගැනීමට අවකාශය ලැබෙනවා මෙන්ම, ධනාත්මක ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවන මාධ්‍යය හෝ අනෙකුත්  ආයතනයන්හි ක්‍රියාකාරීත්වය දෙසටද අවධානය යොමු කළ හැකිය. 2008 වර්ෂයේදී සමාලෝචනයට ලක් කළ , 1998 කොළඹ ප්‍රකාශනයෙන් මුලපිරූ  තොරතොරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත (The Right to Information Act (RTI) ) කෙටුම්පත්  කිරීම සදහා ශ්‍රී ලංකා  පුවත්පත් ආයතනය (Sri Lanka Press Institute (SLPI))  සිය නොමද දායකත්වය ලබාදී තිබේ. රාජ්‍ය  දායකත්වය ලැබූ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් යහපාලනය සහ  ශ්‍රී ලංකා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරක්ෂණය කරනු පිණිස මුලිකව ඉදිරියට ගෙනයනු ලබයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් තොරතොරු දැනගැනීමේ පනත පිළිබද පොදු ජනයා දැනුවත් කිරීමට  අවශ්‍යය අනුග්‍රහය ලබාදීමට උත්සුක වේ.

දැනට හදුනාගෙන ඇති ආකාරයට තොරතුරු දැනගැනීමේ පනත පිළිබද පුළුල් දැනුවත් කිරීමක් ලංකාව පුරාවට දියත් කළ යුතුය. මේ අවස්ථාවේදී අත්‍යාවශ්‍ය කරුණක් වන තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ලාංකේය පුරවැසියන් දැනුවත් කිරීමේ  ප්‍රචාරණ කටයුතු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (Sri Lanka Press Institute (SLPI)) ඔස්සේ සාර්ථකව සිදුකරනු  ලබයි. මෙකි ප්‍රචාරණ කර්තව්‍ය  සදහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (Sri Lanka Press Institute (SLPI)) විසින් විවිධ වැඩමුළු, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද දැනුවත් කිරීමේ පුහුණුවීම් වැඩසටහන් ,ප්‍රාදේශීය වැඩසහන් ද, මාධ්‍යවේදීන්  දැනුවත්  කිරීමේ වැඩසටහන්ද මේ වනවිට සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දැනට සිදු කර ඇත. තරුණ තරුණියන්, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන දැනුවත්  කිරීමේ වැඩසටහන්ද මේ වනවිට ආරම්භ කොට ඇත. එමෙන්ම තවදුරටත් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (Sri Lanka Press Institute (SLPI))  විසින් තොරතොරු දැනගැනීමේ අයිතිය පිළිබද මෙන්ම එහි වැදගත්කම පිළිබද දනුවත් කිරීමේ තවත් බොහෝ වැඩසටහන් ඉදිරියේදී සිදු කිරීමට නියමිතව ඇත.