Forum Members

By In

තොරතුරු දැනගැනීමේ ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව

මෙරට තොරතුරු දැනගැනීමේ  පනත අභ්‍යාස කරවීමෙහිලා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සිදු කරන්නේ ඉතා මහඟු කාර්යභාරයකි. තොරතුරු පනත  මෙරට සම්මත කරගැනීමේ සිට මේ දක්වාම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඒ වෙනුවෙන් කටයුතු කරනු ලබයි. තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව පවත්වාගෙන යාම එකී වැඩපිළිවෙලේ තවත් එක් සිවිශේෂී අංගයකි.

තොරතුරු දැනගැනීමේ පනත යනු පුරවැසියාගේ අයිතියයි. ඕනෑම පුරවැසියෙකුට මෙම පනත භාවිතා කිරීමේ හැකියාව ඇත. වෘත්තියමය ලෙස ජනම්ධ්‍යවෙදින්ට මෙම පනත ඔස්සේ යා  හැකි පරාසය බොහෝයි. ලංකාව පුරා විසිරි සිටින ජනමාධ්‍යවේදීන් මෙම පනත භාවිතා කරමින් වාර්තාකරණයේ යෙදෙයි.මෙහිදී මෙම පනත භාවිතා කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට  අත්වැලක් වීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මැදිහත්වීමෙන්, මාසිකව මෙරට තොරතුරැ දැනගැනීමේ පනත ආශ්‍රයෙන් ස්වකීය මාධ්‍ය නව්‍ය ගුණාත්මකභාවයෙන් ගවේෂණය කරන්නා වූ ක්‍රියාකාරී මාධ්‍යවේදීන් ගේ එකමුතුවක් පැවැත්වීමට කටයුතු කරයි.

ඒ ඔස්සේ 20018 මැයි මස මෙහි පළමු අදියර ලෙස තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව ආරම්භ කරන්නට විය.තොරතුරු දැනගැනීමේ පනත ආශ්‍රිත වර්තමාන තත්ත්වය,තොරතුරු ඉල්ලීම් සිදු කිරීමේදී තමන් ලද අත්දැකීම්, පොදු අධිකරින් ගේ ප්‍රතිචාර, ලබාගන්නා තොරතුරු ඵලදායි ලෙස යොදා ගන්නා ආකාරය, ජනමාධ්‍යවේදියෙකු  ලෙස මේ ඔස්සේ පොදු ජනතාවට කල හැකි සේවය, ජාත්‍යන්තර වශයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධව බිහි වන ප්‍රවණතා ආදිය පිලිබඳ විශේෂයෙන් මේ ජනමධ්‍ය එකමුතුව හරහා කතාබහට ලක් කෙරේ.

මේ වන විට  පුවත්පත් ආයතනය ඔස්සේ පවත්වනු ලබන තොරතුරු දැනගැනීමේ පනත පිළිබද ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව සමඟ  සිංහල ඉංග්‍රීසි සහ දමිළ යන මාධ්‍ය ත්‍රිත්වයම නියෝජනය කරමින් සහ විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින්ද, ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය  කරමින්ද ජනමාධ්‍යවේදීන් 35කට අදික පිරිසක් එකතුවී ඇත.

මංගලනාත් ලියනආරච්චි.

වසර 20 පමණ කාලයක ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ විදයුත් හා මුද්‍රිත මාධ්‍යෙව්දියකු ලෙස කටයුතු කරන ඔහු තිස්වසරක යුධ ගැටුම් සමයේ යුධ ගැටුම් සම්බන්දයෙන් මෙන්ම සුනාමිය වැනි බරපතල ආපදා අවස්ථා වලදී ද ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්දයෙන් අත්දැකීම් ලබා ඇති මාධ්‍යවේදියෙකු වේ. අරුණ පුවත්පත,සිළුමිණ,නිව්ස් ෆස්ට්,දෙරණ රූපවාහිනිය,ස්වාධීන රූපවාහිනි සේවය වැනි ආයතන සඳහා ඔහුගේ දායකත්වය ලබා දෙන ඔහු තොරතුරු දැන ගැනීමේ ජනමාධ්‍යෙව්දීන්ගේ එකමුතුව ආරම්බයේ සිටම එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. එමෙන්ම ඔහු තොරතුරු පනත භාවිතා කරමින් සිදුකල ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදීම ඇගයීමටද ලක්ව ඇත. මේ වන විට ඔහු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අයදුම් පත් සියයකට වඩා යොමුකර ඇත.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

වසර 18ක පමණ කාලයක් තිස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයේ කරයුතු කරන රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා මේ වන විට  ‘අද” පුවත්පත හා එක්ව කටයුතු කරයි. තොරතුරු පනත භාවිතයේ සක්‍රිය මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන ඔහු තොරතුරු පනත ලංකාවේ සම්මත වූ දා සිට මේ දක්වා තොරතුරු පනත භාවිත කිරීමෙන් පුවත් හා විශේෂාංග 300කට අදික ප්‍රමාණයක් ඔහු  විසින්  සම්පාදනය කර තිබේ. තොරතුරු දැන ගැනීමේ ජනමාධ්‍යෙව්දීන්ගේ එකමුතුව ආරම්බයේ සිටම එහි සාමාජිකයෙකු ලෙසද  ඔහු  කටයුතු කරයි. මේ වෙනවිට තොරතුරැ අයදුම්පත් 3000කට අධික ප්‍රමාණයක තොරතුරු අයදුම්පත් ඔහු විසින් විවිධ ආයතන සඳහා යොමු කොට ඇත. තොරතුරු පනත භාවිතයෙන් ඔහු සිදු කෙරු වාර්තාකරණය සහ පනත භාවිතයෙන් ඔහු කරන කාර්යභාරයය සඳහා කීප කීපවරක්ම සම්මානයට සහ අගයුමටද ඔහු ලක්ව ඇත.

කුසුම්සිරි විජේවර්ධන

දේශය පුවත්පතේ උප කර්තෘවරයෙකු මෙන්ම රචකයෙකු ලෙස කටයුතු කරන කුසුම්සිරි මහතා වසර 12කට වැඩි කාලයක් පුරාවට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් පවත්වන ලබන  තොරතුරු දැන ගැනීමේ ජනමාධ්‍යෙව්දීන්ගේ එකමුතුව ආරම්බයේ සිටම එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. විවිධ කේෂේත්‍ර ඔස්සේ තොරතුරු ඉල්ලීම් කීපයක් ඔහු විසින් යොමු කොට ඇත.

සරත් මනුල වික්‍රම

වසර 25ක පමණ කාලයක සිට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන සරත් මනුල මහතා ලංකාදීප පුවත්පත් සමඟ මේ වන විට කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් පවත්වන ලබන  තොරතුරු දැන ගැනීමේ ජනමාධ්‍යෙව්දීන්ගේ එකමුතුව ආරම්බයේ සිටම එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කළ තවත් සක්‍රිය මාධ්‍යවේදියෙකු වේ. අනුරාධපුර දිස්ත්‍රිකය මුලික කොට ගෙන ඇති ගැටළු සඳහා බොහෝ ලෙසින් තොරතුරු පනත භාවිත කල මාධ්‍යවේදියෙකු වේ. තොරතුරු පනත හරහා සමාජයට ඉතා ඉස්හල මෙවෙවරක් කිරීමට හැකියව ඇති බව ඔහුගේ විස්වාසයි. මේ වන විට තොරතුරැ අයදුපත් 100කට අධික ප්‍රමාණයක් යොමු  ඔහු විසින් යොමු කොට ඇත.

චාමර සම්පත්

වසර 6ක පමණ කාලයක සිට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන චාමර සම්පත් “අද” පුවත්පතේ පුර්නකාලින මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරයි. තොරතුරු පනත සක්‍රියව භාවිතා කරන මාධ්‍යවේදියෙකුට  ලෙස ඔහු  හැකිය. තොරතුරු අයිතිය ක්‍රියාත්මක කිරීම ආරම්භකළ අවධියේ සිටම තොරතුරු පනත භාවිතාකිරීම ආරම්භ කොට ඒ ඔස්සේ  තොරතුරු බොහොමයක් ලබාගෙන ඇති මාධ්‍යවේදියෙක් ලෙසට ඔහු හැදින්විය හැකිය. තොරතුරු දැන ගැනීමේ ජනමාධ්‍යෙව්දීන්ගේ එකමුතුවට ඔහු සම්බන්ධ වන්නේ 2019 කල සීමාවේදී, එහිද සක්‍රිය සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කරනු ලබයි. මේ වන විට තොරතුරැ අයදුම්පත් 100ක් 150ක් පමණ ප්‍රමානයකට ආසන්නම තොරතුරැ අයදුම්පත් ඔහු විසින් විවිධ අංශ සඳහා යොමු කොට ඇත.

චන්දන තිලක් ද සිල්වා

දීර්ඝ කාලයක් තිස්සේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කල චන්දන තිලක් ද සිල්වා මහතා නුවර එළිය දිස්ත්‍රිකය නියෝජනය කරමින් තම  මාධ්‍යකරණයේ නියැලෙනු ලැබේ. තොරතුරැ දැනගැනීමේ පනත පිලිබඳ දැඩි උනන්දුවක් දක්වන මාධ්‍යවේදියෙකු වන ඔහු තොරතුරු දැන ගැනීමේ ජනමාධ්‍යෙව්දීන්ගේ එකමුතුව හා සම්බන්ධ වන්නේ 2020 වසරේ මුල් කාලයේදීයි.තොරතුරු පනත භාවිතයේ ඉතා උනන්දුවක් දක්වනු ලබන මොහු මේ වනවිට තොරතුරැ අයදුම්පත් 100කට අසන්න ප්‍රමාණයක් විවිධ ආයතන සඳහා යොමු කොට ඇත.

ෆාතිමා අෆ්රා

කළුතර දිස්ත්‍රික්කයේ ෆාතිමා අෆ්රා පසුගිය වසර දෙකක කාලයක සිට මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරයි. ඇය දැනට ‘නිව්ස් නව්’ මාධ්‍ය සංවිධානය සඳහා සේවය කරයි. ඇය 2021 ජුනි 30 වැනි දින තොරතුරු දැනගැනීමේ මාධ්‍යවේදීන්ගේ සංසදයට සම්බන්ධ වූ නව සාමාජිකාවකි.

කරුප්පයියා ප්‍රසන්නකුමාර්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කරුප්පයියා ප්‍රසන්නකුමාර් පසුගිය වසර 8ක සිට තිනකුරල් පුවත්පතෙහි සේවය කරයි.  ඔහු මේ වන විට තොරතුරු දැනගැනීමේ අයදුම්පත් 500ක් පමණ ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ජනමාධ්‍ය සම්මාන උලෙළේදී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිත කරමින් ලිපි ලිවීම වෙනුවෙන් ප්‍රසන්නට සම්මානයක් ද හිමි විය. ඔහු 2021 වසරේ සිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදීන්ගේ සංසදයේ සාමාජිකයෙකි.

පී.නිරෝෂ්

නුවර එළියේ  පී.නිරෝෂ් ටැමිල්මිරර් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරයි. ඔහුට වසර 5ක් පුරාවට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ලද පළපුරුද්දක් ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිතා කිරීම පිළිබඳ ඔහුගේ ලිපි, ප්‍රධාන වශයෙන්ම යුද්ධයේ අවසන් දිනවල හමුදාවට භාර වූ එල්ටීටීඊය පිළිබඳ තොරතුරු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හෙලිකොප්ටර් සංචාර පිළිබඳ තොරතුරු සහ කොටගල ගුවන් තොටුපළ පිළිබඳ තොරතුරු ආශ්‍රයෙන් සම්පාදනය කරන ලද ලිපි බහුල වශයෙන් කතිකාවට ලක් වූ ඒවා විය​. ඔහු 2020 වසරේ සිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදීන්ගේ සංසදයේ සාමාජිකයෙකි.

එම් සුසිකලා

කොළඹ දිස්ත්‍රික්කයෙයෙන් එම්.සුසිකලා  මාධ්‍ය ක්‍ෂේත්‍රයේ වසර 4ක පළපුරුද්දක් සහිත මාධ්‍යවේදිනියකි. සුසිකලා තමිලන් පුවත්පතේ උප ප්‍රවෘත්ති කර්තෘවරියක් ලෙස පසුගිය වසරක පමණ කාලයක සිට කටයුතු කරන අතර මෙයට පෙර ඇය ‘සුදරෝලි’ පුවත්පතේ වසර 3ක පළපුරුද්දක් ලබා ඇත. ඇය 2021 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදීන්ගේ සංසදයේ සාමාජිකාවකි.

ෂබීර් මොහොමඩ්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ෂබීර් මොහොමඩ් තමිලන් පුවත්පතෙහි නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරයි. ඔහු 2019 වසරේ සිට මාධ්‍ය ආයතන කිහිපයක නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇත. ඔහුගේ මාධ්‍ය ගමන ආරම්භ වූයේ නවමනි පුවත්පතෙනි. මේ වන විට ඔහු විසින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත් 50ක් පමණ ඉදිරිපත් කර ඇත.

තනුජා නාගරාජා

තනුජා නාගරාජා 2018 වසරේ සිට වීරකේසරී පුවත්පතේ පූර්ණ කාලීන මාධ්‍යවේදිනියක් ලෙස සේවය කරයි.ඇය වීරකේසරී පුවත්පතේ ප්‍රවෘත්ති මැදිරියේ සේවය කරන අතර දේශපාලන,ආර්ථික හා සමාජීය කරුණු සම්බන්ධයෙන් ලිපි රාශියක් මේ වන විට සම්පාදනය කර ඇත​. ඇය 2021 ජුනි මාසයේදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදීන්ගේ  සංසදය සමඟ සම්බන්ධ විය.

ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

වසර 25 ක පමණ කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නියතු ප්‍රසාද් පුර්ණමාල් මහතා හලාවත ප්‍රදේශයේ තම මාධ්‍යකරණයට පිවිසෙන්නට විය. ලේක්හවුස් ආයතනයේ හා ගුවන්විදුලි යෙන් 1997 වර්ෂයේ  මාධ්‍යට  පිවිසි අතර 2000 වර්ෂයේ   බි බි සි ආයතනයේ වාර්තාකරුවෙකු ලෙස සේවයට එක්වීය. 2001 සිට ඔහු සිරස නාලිකාව සමඟ එක විය. තොරතුරු දැනගැනීමේ මාධ්‍ය එකතුව සමඟ ඔහු 2018 පමණ එක වුනු අතර. තොරතුරැ පණත භාවිතයේ ප්‍රමුඛ ස්ථානයක සිටින මාධ්‍යවේදියෙක් ලෙසට හැදින්විය හැකිය. බොහෝ ගවේෂණාත්මක වර්තකරණයන් සඳහා ඔහු  තොරතුරු පනත භාවිතා කරනු ලබයි. තොරතුරු දැනගැනීමේ පණත තුලින් සැලකියයුතු යමක් සමාජය වෙනුවෙන් සිදු කිරීමට කටයුතු කරන මාධ්‍යවේදියෙකු ලෙස ඔහුව දැකිය හැක.