තොරතුරු දැනගැනීමේ අයිතියේ ඇති ප්‍රයෝජන

By In

තොරතුරු දැනගැනීමේ අයිතියේ ඇති ප්‍රයෝජන

පොදු අධිකාරීන්  විසින් ගනු  තීරණ ඍජු ලෙසම පුරවැසියාට බලපානු ලබයි.  එමනිසා පුරවැසියා මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙක් වී මෙම පොදු අධිකාරීන් සදහා බලපෑම් කිරීමේ කොටස්කරුවන් විය යුතුය. තොරතුරු දැනගැනීමේ පනත මගින් පුරවැසියාට තමන් විසින්ම තම අසල්වැසියා, සමාජය සහ රට පිළිබද තොරතුරු අසමින්, ප්‍රශ්න කරමින් ඉදිරියට යාමේ අවස්ථාව උදාවී ඇත. මේ ඔස්සේ පුරවැසියාට තමාට අදාළව  සිදුවන රජයේ තොරතුරු දැනගැනීමේ විමසීමේ හැකියාව ඇත. ආණ්ඩුව, රජයේ ආයතන පමණක් නොව පුරවැසියාට බලපෑම් කරනු ලබන පෞද්ගලික ආයතන යන ඕනෑම පොදු අධිකාරියක් මෙම පනතට ප්‍රකාරව පුරවැසියාට උත්තරදීමට බැඳී සිටියි. මේ හේතුවෙන්  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (2016 අංක 12 දරණ  පනත) තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සංස්ථාපනය කරන තොරතුරු පුරවැසියාගේ මුලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසනු ලබයි. මෙම තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව පොදු අධිකාරීන් විසින් තොරතුරු ලබාදීමේ ක්‍රියා පිළිවෙල සහ ක්‍රියාත්මක කරන ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි අදහසක් ලබා දෙයි.