අමාත්‍යවරුන්ගේ සහ පොදු අධිකාරීවල යුතුකම්

By In

[toggle title=” පොදු අධිකාරීන්ට පනත යටතේ කිසියම් යුතුකම් තිබේ ද?  “]

  •  ඔව්. පොදු අධිකාරීන්ට ඔවුන්ගේ සියලූම වාර්තා සහ ලේඛන නිසි ආකාරයකින් පවත්වා ගෙනයාමේ යුතුකමක් ඇත. වාර්තා පහසුවෙන්, කලබලයකින් තොරව ලබා ගැනීම ස`දහා නිසි පරිදි නාමාවලියක් සහ සුචියක් සේ සකස් කොට පවත්වා ගෙන යා යුතුය යන්න මෙයින් අදහස් වේ.
  • පොදු අධිකාරීන්ගේ වාර්තා නිසි පරිදි පවත්වාගෙනයාම පිළිබ`දව කොමිෂන් සභාව කිසියම් නියෝග නිකුත් කරන්නේ නම් එම පොදු අධිකාරිය කොමිෂන් සභාවේ නියෝග අනුගමනය කළ යුතුය.

[/toggle]

[toggle title=”පොදු අධිකාරීන් වාර්තා පවත්වා ගෙන යා යුත්තේ කෙසේද?”]

පොදු අධිකාරීන්ට ප‍්‍රමාණවත් සම්පත් තිබේ නම් ඔවුන්ගේ වාර්තා ඉලෙක්ට්‍රොනික ආකෘතිවලින් පවත්වා ගෙන යායුතු යැයි ද අපේක්ෂා කෙරේ.

[/toggle]

[toggle title=”අමාත්‍යවරුන්ට පනත යටතේ කිසියම් යුතුකම් තිබේ?”]

  • ඔව්. (මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් සභා යන දෙකේම) අමාත්‍යවරු සෑම වසරකදීම දෙවරක් වාර්තා පළ කරනු ලබන බවට සහතික කර ගැනීමේ වගකීමක් ඇත (පිළිවෙලින් ජූනි මස 30ට සහ දෙසැම්බර් 31ට පෙර).
  • පුරවැසියන්ට සිය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම අර්ථාන්විතව ක‍්‍රියාත්මක කිරීමට සහායවීම පිණිස වාර්තාවලට විස්තරාත්මක තොරතුරු ඇතුලත් විය යුතුය.
  • වාර්තා සිංහල සහ දෙමළ භාෂාවලින් පළ කරනු ලබන අතර මහජනතාවට විද්‍යුත් ආකෘතියෙන් ලබා ගැනීමට සැලැස්විය යුතුය.
  • මෙයට අමතරව, වාර්තාවේ දෘඩ පිටපත් මහජනතාවට ගාස්තුවක් ගෙවීම මත පරීක්ෂා කිරීමට සහ ලබා ගැනීමට සලස්වනු ලැබේ.

[/toggle]

[toggle title=” පොදු අධිකාරීන්ට කොමිෂන් සභාව වෙත වාර්තා කිරීමට  බැදීමක් තිබේද?”]

  • ඔව්. ඔවුන්ට එවැනි බැදීමක් තිබේ. සෑම පොදු අධිකාරියකටම වාර්ෂික වාර්තා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමේ වගකීමක් ඇති අතර ඒවා මහජනතාවට ලබා ගත හැකි විය යුතුය.
  • වර්ෂය තුළ දී ලැබුණු මුළු ඉල්ලීම් ගණන, සපයන ලද සහ ප‍්‍රතික්ෂේප කරන ලද ඉල්ලීම් ගණන, වර්ෂය තුළ දී එකතු කරනු ලැබූ ගාස්තු මුදල සහ කොමිෂන් සභාවේ විධානය පරිදි තොරතුරු සපයන ලද වාර ගණන ආදිය වාර්ෂික වාර්තාවට ඇතුළත් විය යුතුය. විනිවිදභාවය පිළිබදව පවත්නා ක‍්‍රමයේ ක‍්‍රියාකාරීත්වය ප‍්‍රවර්ධනය කිරීම සදහා අවශ්‍ය යම් යෝජනා, ලැබූ අභියාචනා ගණන සහ වාර්තා පවත්වා ගෙනයාමට අදාළ ව්‍යවහාර හෝ තොරතුරු ආදිය ද එයට ඇතුළත් විය යුතුය.

[/toggle]

[toggle title=”මෙම පනත යටතේ ඉටු කරන රාජකාරි සම්බන්ධයෙන් පොදු අධිකාරින්ගේ නිලධාරීන් වගකීමකට යටත් කළ හැකිද?”]

නැත. පොදු අධිකාරීන්ගේ නිලධාරීන් සහ පොදු අධිකාරීන් මෙම පනත මගින් ඔවුන්ට ලබා දී ඇති රාජකාරී සහ/හෝ බලතල සද්භාවයෙන් ඉටු කිරීමේ දී හෝ ක‍්‍රියාත්මක කිරීමේ දී කිසිදු අපරාධ හෝ සිවිල් වගකීමකට යටත් නොකළ යුතුය. නමුත් වංකභාවයක් (අසද්භාවයක්) පෙනී යන්නේ නම්, එය පසුව විස්තර කරනු ලබන පරිදි පනත යටතේ වරදක් වනු ඇත.

[/toggle]