කොමිෂන් සභාවේ (තොරතුරු කොමිසම) පූර්ණ සාමාජිකත්වය හෙවත් කොමසාරිස්වරුන්

By In

තොරතුරු දැනගැනීමේ අයිතිවසික පිළිබද කොමිෂන් සභාව, පනත් සක්‍රිය ලෙස බලත්මක් වීම සදහා ඇති අධීක්ෂණ ආයතනය වේ. එය ස්වාධින සහ විනිවිදභාවයෙන් යුත් ආයතනයක් වන අතර පොදු අධිකාරීන් මෙම පනත යටතේ වූ මොවුන්ගේ කාර්යයන් නිසි පරිදි ඉටු කරන බවට සහතික කර ගත යුතුය. වෙනත් කරුනු අතර, පොදු අධිකාරීන්ට පනතේ අවශ්‍යතාවයන්ට අනුකුල වන ලෙසට විධානය කිරීමට, පනත උල්ලඝණය කිරීම් සෝදිසි කිරීමට, එහි නාමය යටතේ නඩු පැවරීමට සහ නඩු පවරනු ලැබීමට සහ කොමිෂන් සභාවට යොමු කල අභියාචනා විභාග කිරීමට බලතල ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පත් කොට ඇති කොමිසම දෙසට අවධානය යොමු කිරීමේදී මෙහි ජනාධිපතිතුමන් විසින් පත් කානු ලබන සාමාජිකයන් පස් (5) දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම කොමිසන් සභාව ස්වාධින කොමිෂන් සභාවක් වන අතර මෙහි සාමාජිකයන් තෝරා පත් කරගැනීමේදී තිදෙනෙක් කතෘවරු, ප්‍රකාශවරු සහ මාධ්‍යවේදී කණ්ඩායම් වලින්, ශ්‍රී ලංකා නිතිඥ සංගමයෙන් සහ සිවිල් සමාජ සංවිධාන තුඉන් කරන නාමයෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැවීමෙන් පසු නම් කරනු ලැබිය. ඉතිරි සාමාජිකයන් දෙදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් මගජන අයදුම්පත් ක්‍රියාවලියකින් තෝරාගනු ලැබේ. මෙහිදී මෙසේ පත් කරගත් සාමාජිකයන් වන්නේ , සභාපති ,මහින්ද ගම්මන්පිල මහතා , නිතිඥ කිශාලි පින්ටෝ මහත්මිය , නිතිඥ සෝමපාල පුංචිහේවා මහතා , විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්ලිව් ඒ සලාම් මහතා සහ ආචාර්ය සෙල්වින් තිරුච්න්ද්‍රන් මහතා යන පිරිසයි.