අභියාචනා

By In

[toggle title=”ඔබට තොරතුරු නිලධාරීන්ගේ තීරණවලට එරෙහිව අභියාචනා කළ හැකි ද?”]

ඔව්. ඔබට පුළුවන්.

(අ) තොරතුරු නිලධාරීන් තොරතුරු ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නේ නම්;

(ආ) තොරතුරු නිලධාරීන් පනත යටතේ තොරතුරු හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවට ඇති ව්‍යාතිරේඛයක් දක්වමින් තොරතුරු හෙළිදරව් කිරීමට ප්‍රතික්ෂේප කරන්නේ නම්;

(ඇ) තොරතුරු නිලධාරීන් කාල රාමු අනුගමනය නොකරන්නේ නම්;

(ඈ) තොරතුරු නිලධාරීන් සම්පූර්ණ නොවූ, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ලබා දෙන්නේ නම්;

(ඉ) තොරතුරු නිලධාරීන් වැඩිපුර ගාස්තු අය කරන්නේ නම්;

(ඊ) තොරතුරු නිලධාරීන් විසින් අයදුම්පතෙන් ඉල්ලා සිටින තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කරන්නේ නම්;

(උ) ඉල්ලා සිටි තොරතුරු විකෘතිකර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට ඔබ යුක්තිසහගතව විශ්වාස කරන විට;

ඔබට ඔබේ තොරතුරු ලබා ගැනීම සඳහා වූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හෝ ක්‍රියාව සිදු කර හෝ අභියාචනය කරනු ලබන හේතු පිළිබඳව දැන ගත් දින සිට දින දහ හතරක් (14) ඇතුලත නම් කළ නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. ඔබ දින 14ක කාලය ඉක්මවුව ද එම ප්‍රමාදය සඳහා හේතු වූ කරුණු ඔබේ පාලනයෙන් තොර වූ බවට ඔප්පු කළ හැකි වන්නේ නම්, නම් කළ නිලධාරියාට ඔබේ අභියාචනය භාර ගත හැකිය.

[/toggle]

[toggle title=” තොරතුරු නිලධාරීන්ගේ තීරණවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය කුමක් ද?”]

අභියාචනයක් ඉදිරිපත් කළ විට නම් කළ නිලධාරියා විසින් වැඩ කරන දින තුනක් (03) ඇතුලත ඔබට අභියාචනය භාරගත් බවට දැනුම් දෙමින් කුවිතාන්සියක් නිකුත් කරනු ඇත. නම් කළ නිලධාරියා විසින් සති තුනක් (03) ඇතුලත නිශ්චිත හේතු සහ පදනම් ඇතිව අභියාචනය පිළිබඳව තීරණයක් ගත යුතුය. ඔබ ඔබේ අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීමට ප්‍රමාද වුව ද ඔබ එම ප්‍රමාදය සඳහා පිළිගත හැකි හේතු ඉදිරිපත් කරන්නේ නම්, නම් කළ නිලධාරියාට අභියාචනයක් පිළිගැනීමට සහ ඒ පිළිබඳව තීරණයක් ගැනීමට අයිතියක් ඇත.

[/toggle]

[toggle title=”ඔබට නම් කළ නිලධාරියාගේ තීරණයට එරෙහිව    අභියාචනා කළ හැකි ද?”]

ඔව්. ඔබට අවස්ථා දෙකක දී නම් කළ නිලධාරියෙක්ගේ තීරණයට එරෙහිව කොමිෂන් සභාවට අභියාචනා කළ හැකිය;

(අ) ඔබ තොරතුරු නිලධාරියෙක්ට එරෙහිව සිදු කළ අභියාචනයක දී නම් කළ නිලධාරියෙක් ගත් තීරණයෙන් සෑහීමකට පත් නොවන්නේ නම්; හෝ

(ආ) නම් කළ නිලධාරියා, තොරතුරු නිලධාරියෙකුට එරෙහි අභියාචනයක් පිළිබඳව තීරණයක් සති තුනක් (03) ඇතුලත ලබාදීමට අපොහොසත් වන්නේ නම්.

[/toggle]

[toggle title=”කොපමණ ඉක්මනින් අභියාචනා ඉදිරිපත් කළ යුතු ද?”]

(අ) අවස්ථාවේ දී තීරණය දැනුම් දීමෙන් හෝ

(ආ) අවස්ථාවේ දී තීරණයක් ගැනීමට අපොහොසත් 02) ඇතලුත අභියාචනා ඉදිරිපත්  කළ යුතුය.

■ කොමිෂන් සභාව විසින් දින තිහක් (30) ඇතුලත එහි තීරණය ලබා දිය යුතුය.

■ ඔබ ප්‍රමාද වූයේ ඔබේ පාලනයෙන් තොර කරුණක් හේතුවෙන් නම් කොමිෂන් සභාවට අභියාචනයක් පිළිගත හැකිය.

[/toggle]

[toggle title=” කොමිෂන් සභාවට අභියාචනා කිරීමේ ක්‍රියාපටිපාටිය කුමක් ද? “]

කොමිෂන් සභාව පිහිටුවීමෙන් මාස හයක් (06) ඇතුලත කොමිෂන් සභාව මඟින් එයට අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය සකස් කර ප්‍රසිද්ධ කරනු ඇත.

[/toggle]

[toggle title=”කොමිෂන් සභාව එහි තීරණ සඳහා හේතු දැක්විය යුතු ද?”]

කොමිෂන් සභාව සිය තීරණ සඳහා හේතු ලිඛිතව ලබාදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුය. මෙම හේතු අභියාචක වෙත, තොරතුරු නිලධාරියා වෙත සහ අදාළ පොදු අධිකාරිය වෙත දැනුම් දිය යුතුය.

[/toggle]

[toggle title=”32වැනි වගන්තිය යටතේ කොමිෂන් සභාව ගත් තීරණවලට එරෙහිව ඔබට අභියාචනා කිරීමට ක්‍රියාපටිපාටියක් තිබෙන්නේ ද?”]

ඔව්. ඔබ හෝ පොදු අධිකාරිය විසින් කොමිෂන් සභාවේ තීරණයෙන් සෑහීමකට පත් නොවන්නේ නම්, කොමිෂන් සභාව සිය තීරණය අදාළ පාර්ශ්වයන්ට දැනුම් දීමෙන් දින දහ හතරක් (14) ඇතුලත ඔබට/ඔහුට/ඇයට/එයට එකී තීරණයට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනා කළ හැකිය.

[/toggle]

[toggle title=” කරුණු ඔප්පු කළ යුත්තේ කවරෙක් ද (ඔප්පු කිරීමේ භාරය පැවරෙන්නේ කාටද) ?”]

අභියාචනයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක දී, තමා පනතේ ඇති කොන්දේසිවලට අනුකූලව කටයුතු කර ඇති බව පෙන්වීමේ ඔප්පු කිරීමේ භාරය පොදු අධිකාරිය වෙත පැවරී ඇත.

[/toggle]

[toggle title=”ඔබට ඔබ වෙනුවෙන් අභියාචනා කිරීම සඳහා වෙනත් තැනැත්තෙක් යොදා ගත හැකි ද?”]

ඔව්. කිසියම් හේතුවක් නිසා ඔබට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වන්නේ නම්, ඔබ විසින් ලිඛිත බලය පවරනු ලැබ ඇති වෙනත් තැනැත්තෙක්ට ඔබ වෙනුවෙන් අභියාචනය කළ හැකිය.

[/toggle]

[toggle title=”අභියාචන කාර්යපටිපාටිය”]

අභියාචනා
අභියාචන කාර්යපටිපාටිය

 

 

[/toggle]