දඬුවම්

By In

[toggle title=”මෙම පනත උල්ලංඝනය කළහොත්  දඬුවම් නියමවන්නේද”]

ඔව්. කිසියම් තැනැත්තෙක් පහත දැක්වෙන ක්‍රියාවන්ගෙන් එකක් හෝ සිදු කරන්නේ නම්, කොමිෂන් සභාවට එම තැනැත්තාව අධිකරණයක් ඉදිරියට ගෙන යා හැකිය.

(අ) තොරතුරු වෙත ප්‍රවේශය සිතාමතාම වැළැක්වීම හෝ චේතනාන්විතව වැරදි සහගත, අසම්පූර්ණ හෝ නිවැරදි නොවන තොරතුරු සැපයීම;

(ආ) ඔහුගේ/ ඇගේ සන්තකයේ ඇති තොරතුරු විනාශ කිරීම, අවලංගු කිරීම, වෙනස් කිරීම හෝ පූර්ණ හෝ අර්ධ වශයෙන් වසන් කිරීම;

(ඇ) කොමිෂන් සභාව ඉදිරියේ පෙනීසිටීමට ඉල්ලා ඇති විට එසේ කිරීමට අපොහොසත්වීම හෝ ප්‍රතික්ෂේප කිරීම;

(ඈ) කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටිය ද,

(i) කොමිෂන් සභාව මඟින් ප්‍රශ්න කිරීම පැහැර හරිනු ලැබීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ

(ii) ඔහු/ ඇය සතු කිසියම් තොරතුරක් ඉදිරිපත් කිරීම පැහැර හරිනු ලැබීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ

(iii) දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම යටතේ චේතනාන්විතව සාවද්‍ය තොරතුරු සැපයීමත

(ඉ) කොමිෂන් සභාවේ තීරණයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම;

(ඊ) කොමිෂන් සභාවේ හෝ එහි සේවකයින්ගේ බලතල ක්‍රියාත්මක කිරීම වැළැක්වීම හෝ අවහිර කිරීම;

(උ) පනත උල්ලංඝනය කරමින් තොරතුරු හෙළිදරව් කිරීම;

කිසියම් තැනැත්තෙක් ඉහත දක්වා ඇති ඕනෑම ක්‍රියාවක් සිදු කරන්නේ නම්, ඔහු/ ඇය වරදකට වරදකරු වේ. ඔහුට/ ඇයට විරුද්ධව නඩු පවරනු ලබන අතර වැරදිකරු බවට ඔප්පු වුවහොත් රුපියල් පනස් දහසක් (රු. 50,000/-) හෝ ඊට අඩු දඩ මුදලකට හෝ අවුරුදු දෙකකට අඩු කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම යටත් කරනු ඇත.

මෙයට අමතරව, පොදු අධිකාරියක සේවයේ නියුක්ත කිසියම් වෙනත් නිලධාරියෙක් එම අධිකාරියේ තොරතුරු නිලධාරියාට සාධාරණ හේතු නොමැතිව ඔහුගේ/ ඇගේ සහාය හා සේවාව ලබාදීමට අපොහොසත් වන්නේ නම්, ඔහු/ ඇය ද වරදකට වරදකරු වේ.

ඔහුට/ ඇයට විරුද්ධව අධිකරණයක නඩු පවරනු ලැබීමෙන් පසුව වරදකරු බවට ඔප්පු වුවහොත් රුපියල් දහ දහසක් (රු. 10,000/-) හෝ ඊට අඩු දඩයකට යටත් කරනු ඇත.

ඉහත දක්වන ලද දඬුවම්වලට අමතරව වරදකරු වූ පාර්ශ්වයන් ඔවුන්ගේ ආයතන තුළ අදාළ විනය බලධාරීන් විසින් විනය පාලනයකට ද භාජනය කරනු ලැබේ.

[/toggle]

[toggle title=” මෙම පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්     තොරතුරු නිලධාරීන්ට සහ/හෝ අභියාචනා භාරගත යුතු   නම් කළ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගත හැකි ද?”]

ඔව්. තොරතුරු නිලධාරියෙක්;

(i) තොරතුරු සඳහා වූ ඉල්ලීමක් භාරගැනීමට ප්‍රතික්ෂේප කරන්නේ නම්;

(ii) හේතු දැක්වීමකින් තොරව තොරතුරු සඳහා වූ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නේ නම්;

(iii) අධික ගාස්තු ඉල්ලා සිටින්නේ නම් හෝ

(iv) වෙනත් ආකාරයකින් ඉල්ලීමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම්,

කොමිෂන් සභාවට එම කරුණ තොරතුරු නිලධාරියා සම්බන්ධයෙන් විනය පාලනය ක්‍රියාත්මක කරන තැනැත්තාගේ හෝ ආයතනයේ අවධානය සඳහා යොමු කළ හැකිය.

තව ද, අභියාචනා භාරගැනීමට නම් කළ කිසියම් නිලධාරියෙක් විසින් චේතනාන්විතව,

(i) 5වැනි වගන්තිය යටතේ වූ හේතුවක් හැරුණු කොට වෙනත් යම් හේතුවක් නිසා අභියාචනයක් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන විට; හෝ

(ii) දක්වා ඇති කාලසීමාව ඇතුලත හේතුවක් නොමැතිව අභියාචනය පිළිබඳ තීරණයක් ගැනීමට අපොහොසත් වන විට

කොමිෂන් සභාවට එම කරුණ නම් කළ නිලධාරියා සම්බන්ධයෙන් විනය පාලනය ක්‍රියාත්මක කරන තැනැත්තාගේ හෝ ආයතනයේ අවධානය සඳහා යොමු කළ හැකිය.

ඉහත නිලධාරීන් සම්බන්ධයෙන් විනය පාලනය ක්‍රියාත්මක කරන තැනැත්තා හෝ ආයතනය මාසයක් (01) ඇතුලත එම කරුණ සම්බන්ධයෙන් ඔහු/ ඇය/ එය ගෙන ඇති පියවර පිළිබඳව කොමිෂන් සභාවට දැනුම් දිය යුතුය.

[/toggle]

[toggle title=” තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් පොදු අධිකාරියක නිලධාරියෙකුට හෝ සේවකයෙකුට දඬුවම් කළ හැකි ද?”]

නිලධාරියා මෙම පනත යටතේ හෙළිදරව් කිරීමට අවසර ඇති තොරතුරු හෙළිදරව් කරන්නේ නම්, නිලධාරියාව විනයානුකූල හෝ වෙනත් ආකාරයක දඬුවමකට යටත් කළ නොහැකිය.

[/toggle]