ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ගැන

By In

ශ්‍රී ලංකා  පුවත්පත් ආයතනය

පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා කතෘ සංසදය යන ආයතන වලින් සමන්විත ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ශ්‍රී ලංකේය මාධ්‍ය කර්මාන්තයේ උන්නතිය සදහා නිසි මගපෙන්වීමක් සහ නායකත්වයක්  ලබාදෙමින් ප්‍රබල දායකත්වයක් ලබාදෙන ආයතනයකි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සමන්විත වන්නේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ප්‍රතිපත්ති මාලාව ආචාර ධර්ම ප්‍රචලිත කිරීමේ වගකීම සහිත ස්වයං නියාමන යාන්ත්‍රණය වන ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම (Press Complaints Commission of Sri Lanka (PCCSL)) සහ ජනමාධ්‍යවේදයේ කෙටි කාලීන පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී  ලංකා ජනමාධ්‍ය  විද්‍යාලයෙනි (Sri Lanka College of Journalism (SLCJ)).

සමස්තයක් වශයෙන් ගත් කළ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ක්‍රියාවලිය තුළින් වෘත්තීයභාව යෙන් යුතු මාධ්‍යවේදියෙක් මෙන්ම වගකිම් සහගත මාධ්‍යවේදියෙක්  සමාජගත කරනු ලබයි. මෙලෙස ගත්කකල  මාධ්‍ය නිදහස සහ සමාජ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් ඉටු කළ  කාර්යභාරය අති  විශාලය