තොරතුරු ප‍්‍රතික්ෂේප කළ හැකි හේතු

By In

[toggle title=”මෙම පනත යටතේ තොරතුරු ප‍්‍රතික්ෂේප කළ හැකි ද?”]

ඔව්. මෙම පනත යටතේ තොරතුරු සදහා වූ ඉල්ලීමක් ඇතැම් විට ප‍්‍රතික්ෂේප කළ හැකිය. කෙසේවුව ද, තොරතුරු මහජන සුභසිද්ධිය වෙනුවෙන් හෙළිදරව් කළ නොහැකි බව ඔප්පු කිරීමේ භාරය පොදු අධිකාරිය සතු වේ.

[/toggle]

[toggle title=”තොරතුරු ප‍්‍රතික්ෂේප කළ හැකි හේතු මොනවා ද?”]

පනත මගින් තොරතුරු ප‍්‍රතික්ෂේප කළ හැකි හේතු ලැයිස්තුගත කර ඇත.

(අ) යම් පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය අනවශ්‍ය ලෙස ආක‍්‍රමණය කරන පෞද්ගලික තොරතුරු,

(එහෙත්, ඉල්ලා සිටින තොරතුරු පොදු සුභසිද්ධියට අදාළ වන බව ඔබට ඔප්පු කළ හැකි නම් හෝ තොරතුරු අදාළ වන පුද්ගලයා ඔහුගේ අවසරය ලිඛිතව ලබා දෙන්නේ නම් එවැනි තොරතුරු වෙත ප‍්‍රවේශ විය හැකිය).

(ආ) තොරතුරු හෙළිදරව් කළහොත් එයින්, රටේ ආරක්ෂාවට, එහි භෞමික අඛණ්ඩතාවට හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන්නේ නම්; හෝ වෙනත් යම් රටක් සමග ශ‍්‍රී ලංකාවේ සම්බන්ධතාවලට හානිකර වන්නේ නම්; හෝ ඉල්ලා සිටින තොරතුරු රහසිගතව හා ශ‍්‍රී ලංකාව භාර ගෙන ඇති අන්තර්ජාතික ගිවිසුමක හෝ කැපවීමක කාර්යය සදහා එක්රැස් කර ගත් තොරතුරු වන්නේ නම්.

(ඇ)තොරතුරු නිසි කලට පෙර හෙළිදරව් කරන්නේ නම්, විදේශ ව්‍යවහාර මුදල් හුවමාරුව, ණය කටයුතු, බදු කරුණු, භාණ්ඩ හා සේවාවල මිල පාලනය, සහ ශ‍්‍රී ලංකාව ඇතුළත්වීමට නියමිත වෙළද ගිවිසුම් ආදී රටේ ආර්ථිකයට බරපතළ හානියක් සිදු විය හැකි අවස්ථාවක්.

උදාහරණය: Z නම් තැනැත්තෙක් ඉදිරි දින කීපය සදහා වූ විදේශ මුදල් හුවමාරු අනුපාතික පිළිබද තොරතුරු මහ බැංකුවෙන් ඉල්ලා සිටී. මෙම තොරතුරු කල් ඇතිව හෙළිදරව් කිරීම රටේ හුවමාරු උත්පාදන ආදායමට අනර්ථදායක විය හැකිය. එබැවින්, Z වෙත මෙම තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ හැකිය.

(ඈ) තොරතුරු 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ වාණිජමය විශ්වාසය, වෙළද රහස් හෝ බුද්ධිමය දේපළවලට සම්බන්ධ වන්නේ නම් සහ එවැනි තොරතුරු හෙළිදරව් කිරීම තුන්වන පාර්ශ්වයක තරගකාරී ස්ථාවරයට හානිකර වන්නේ නම්.

(කෙසේවුව ද, එවැනි තොරතුරු හෙළිදරව් කිරීම මහජන සුභසිද්ධියට හේතු වන බවට පොදු අධිකාරිය සෑහීමකට පත් වන්නේ නම් පොදු අධිකාරියට එම තොරතුරු හෙළිදරව් කළ හැකිය).

(ඉ)  තොරතුරු කිසියම් පුද්ගලයෙක්ගේ වෛද්‍ය තත්ත්වයට සම්බන්ධ වන්නේ නම්, එම තොරතුරු අදාළ වන තැනැත්තා විසින් තොරතුරු හෙළිදරව් කිරීමට ඔහුගේ/ ඇගේ ලිඛිත අවසරය ලබා දී තිබෙන්නේ නම් මිස;

(ඊ) වෘත්තිකයෙක් සේවා සපයන වෘත්තිකයෙක් සහ පොදු අධිකාරියක් අතර හුවමාරු වූ තොරතුරු. නීතියෙන් මෙවැනි තොරතුරු හෙළිදරව් කිරීම තහනම් කර ඇති අවස්ථාවල දී මෙම තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කළ හැකිය. නීතිපතිවරයා හෝ ඔහුගේ/ ඇගේ වැඩ තුළින් නීතිපතිවරයාට සහාය දක්වන යම් නිලධාරියෙක් සහ පොදු අධිකාරියක් අතර ඇති තොරතුරු හුවමාරු කිරීමක් මෙයට ඇතුලත් වේ;

(උ) භාරකාර සම්බන්ධතාවක් අතරතුර ලබා දුන් තොරතුරු

භාරකාර සම්බන්ධතාවක් සදහා උදාහරණයක්:

(i) ‘M’ නම් සේවාදායකයෙක් විසින් ඔහුගේ මූල්‍ය තත්ත්වය නීති ආධාර කොමිෂන් සභාව, පත් කළ සිය නීතිඥයා වෙත හෙළිදරව් කරයි. නීතිඥයා ‘M’ අතර ඇති සම්බන්ධතාව භාරකාර සම්බන්ධතාවක් වන බැවින් මෙම තොරතුරු හෙළිදරව් කළ නොහැකිය.

(ii) ‘K’ නම් තැනැත්තා රෝගයකින් පීඩා විදින අතර ඔහුගේ සෞඛ්‍ය පිළිබද තොරතුරු ඇතිි ‘H’  නම් වෛද්‍යවරයාගෙන් ප‍්‍රතිකාර ලබා ගනී. ‘K’ සහ ‘H’ අතර ඇති සම්බන්ධතාව භාරකාර සම්බන්ධතාවක් වන බැවින් ‘K’ ගේ සෞඛ්‍ය පිළිබද තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.

(ඌ) තොරතුරු හෙළිදරව් කිරීම මඟින් විමර්ශනයකට හෝ වරදකරුවන් අල්ලා ගැනීමට හෝ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට හානි සිදු කරන අවස්ථාවක හෝ පොලීසියට හෝ හමුදාවට නිර්නාමිකව සහාය දෙන ඔත්තුදෙන්නෙක් හෙළිදරව් කරන අවස්ථාවක්;

(එ) තොරතුරු තුන්වැනි පාර්ශ්වයක් විසින් අදාළ පොදු අධිකාරියට රහසිගතව සපයා ඇති අවස්ථාවක දී සහ අදාළ පෞද්ගලික සුභසිද්ධියට වඩා මහජන සුභසිද්ධිය බලවත් වන විට හැරුණු කොට එම තොරතුරු හෙළිදරව් කිරීම සඳහා එම තුන්වැනි පාර්ශ්වය විසින් අනුමැතිය ලබා දී නොමැති අවස්ථාවක්;

(ඒ) තොරතුරු හෙළිදරව් කිරීම අධිකරණයට අපහාස කිරීමක් හෝ අධිකරණයේ අපක්ෂපාතීත්වයට හානිකර වන අවස්ථාවක්;

(ඔ) තොරතුරු හෙළිදරව් කිරීම පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවක වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් වන අවස්ථාවක්;

(ඕ) තොරතුරු හෙළිදරව් කිරීම විභාග දෙපාර්තමේන්තුව හෝ උසස් අධ්‍යාපන ආයතනයක් විසින් පවත් වනු ලබන විභාගයක් සම්බන්ධයෙන් ඇති මහජන විශ්වාසයට හානිකර වන අවස්ථාවක්;

(ක) අමාත්‍ය මණ්ඩලය විසින් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හා සම්බන්ධ තොරතුරු වන අවස්ථාවක්ත හෝ

(ග) නෛතික වශයෙන් රහසිගතව තබා ගැනීමට අවශ්‍ය මැතිවරණ කොමසාරිස් විසින් පවත්වනු ලබන මැතිවරණයකට සම්බන්ධ තොරතුරු වන අවස්ථාවක්

[/toggle]

[toggle title=”  ප්‍රතික්ෂේප කරක ලද තොරතුරු සඳහා තොරතුරු    දැනගැනීමේ අයිතිවාසිකම අනුව ඉදිරිපත් වන ඉල්ලීමකට   යම් කාලසීමාවකට පසුව අවසර දිය හැකි ද?”]

ඔව්. (අ), (ආ), (ඈ), (ඉ), (ඊ), (උ), (ඌ) සහ (ඒ) ඡේදවල සඳහන් කර ඇති තොරතුරු හැර අනෙක් තොරතුරු අවුරුදු දහයකට වඩා පැරණි නම් පොදු අධිකාරියකට එම තොරතුරු සඳහා ප්‍රවේශවීමේ අවසරය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, ඔබට අතික්‍රමණ මහජන සුභසිද්ධියක් ඔප්පු කළ හැකි වන්නේ නම් සහ එවැනි මහජන සුභසිද්ධියක් එම තොරතුරු හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වන කිසියම් හානිකර ප්‍රතිඵලයකට වඩා විශාල වන්නේ නම් සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේප කළ හැකි කිසියම් තොරතුරක් හෙළිදරව් කළ යුතුය.

කෙසේවුව ද, අවුරුදු 10ක් ඉකුත්වීමෙන් පසුව වුව ද විදේශ වෙළඳ ගිවිසුමක් සම්බන්ධ සාකච්ඡා අවසන් වී නොමැති නම්, පොදු අධිකාරියකට එවැනි ගිවිසුමක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ නොහැකිය.

[/toggle]

[toggle title=” ප්‍රවේශ විය නොහැකි තොරතුරු අන්තර්ගත වාර්තාවල   අනෙක් කොටස්වලට ඔබට ප්‍රවේශ විය හැකි ද?”]

නීත්‍යනූකූලව ප්‍රතික්ෂේප කළ හැකි තොරතුරු හැරුණු කොට වෙනත් තොරතුරු වාර්තාවේ හෝ ලේඛනයේ අන්තර්ගත වන්නේ නම්, ඔබට එම ඉතිරි තොරතුරු වෙත ප්‍රවේශවීමට ඉල්ලා සිටිය හැකිය. තොරතුරුවල ප්‍රවේශ විය හැකි කොටසට ඇති ඔබේ ප්‍රවේශය අධිකාරීන්ට ප්‍රතික්ෂේප කළ නොහැකිය.

[/toggle]