Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

By In
  • මොහොමඩ් නස්රාන

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය සාධක බලකායන් 13 ක් ස්ථාපිත කර ඇති අතර එහි කටයුතු ද අවසන්වී ඇති බව තොරතුරු ඉල්ලීමක් මගින් ලබාගත් තොරතුරු අනුව සනාත විය.

2019 වසරෙන් පසු මේ වන විට පිහිටුවා ඇති ජනාධිපති කාර්යය සාධක බලකායන් ගණන 13 ක් බව ජනාධිපති ලේකම් කාර්යාලයි විසිල් ලබාදුන් නිල ලේඛනයක සඳහන්ව ඇත. එම කාර්යය සාධක බලකායන් මොනවාද යන්න පහත පරිදි වේ.

1. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය.

2. දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකාය.

3. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී වැඩි අවදානම් තත්වයක් ඇති කොළඹ,කලුතර,ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛත්වය දෙමින් එම ප්‍රදේශ වලට ග්‍රාමීය ප්‍රදේශ හා නිශ්පාදකයින් විසින් සපයනු ලබන ආහාර සැපයුම් සෘජුවම පාරිභෝගිකයින්ට ලබාදීම ඇතුලු සමස්ත ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ සේවාවන් අඛන්ඩව සැපයීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම පිණිස ජනාධිපති කාර්යය සාධක බලකාය.

4. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය.

5. ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කොරෝනා වෛරසය ආසාධනයෙන් වළක්වා ගැනීම සඳහා සෑම හමුදාවක් විසින්ම ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යනය කර එකී පියවර ක්‍රියාත්මක කිරීම සඳහා  උපදෙස් ලබාදීම පිණිස වූ ජනාධිපති කාර්යය සාධක බලකාය.

6. නැගෙනහිර පලාත තුල පුරාවිද්‍යාත්මක උරුම කළමණාකරණය සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය.

7. සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය.

8. සංවර්ධන ප්‍රමුඛතා, ස්වයං රැකියා හා පාරම්පරික වෘත්තීන්හි නියැලෙන කුඩා ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදා ගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යනය කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය.

9. කොවිඩ් – 19 ජාතික එන්නත්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය.

10. ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්යය සාධක බලකාය.

11. දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසදුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්යය සාධක බලකාය.

12. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය.

13. එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකාය. 

මෙලෙස එම ජනාධිපති කාර්යය සාධන බලකායන් වෙන් වෙන් වශයෙන් සඳහන් කල හැකිය. මෙම කාර්ය සාධක බලකායන් විවිද හේතූන් මත විවිධ අරමුණ සඳහා පිහිටවූ බවද ඔවුන් සඳහන් කරයි. එහෙත් මෙමගින් බලාපොරොතතුවූ අරමුණු ඉටුවූවාද යන්න විමසුවත් ඒ සඳහා නිශ්චිත පිලිතුරක් ඔවුන් ලබාදී තිබුනේ නැත. 

කෙසේ වෙතත් මෙම ජනාධිපති කාර්යය සාධක බලකායන් සඳහා වසර තුනක කාලයක් තුල වියදම් කර ඇති මුළු මුදල  රුපියල් 84,955,630.78 ක් වේ. (අසූ හතර මිලියන නවලක්ෂ පනස්පන්දහස් හයසිය තිහයි සත හැත්තෑ අටයි.)

මෙම කාර්ය සාධක බලකායන් සඳහා එක් එක් වර්ෂයන් තුල එම මුදල් වියදම් කර ඇති ආකරය පහත පරිදි සඳහනක් කල හැකිය.

2020 වසරේ වියදම් කර ඇති මුදල – රු.16,279,493.40 ( එක් මිලයන හැට දෙලක්ෂ හැත්තෑ නව දහස් හාරසිය අනූතනයි ශත හතලිහක්)

2021 වසරේ වියද් කර ඇති මුදල – රු.40,438,289.75 (හාර මිලයන හාර ලක්ෂ තිස් අටදහස් දෙසිය අසූ නවයයි ශත හැත්තෑ පහක්.)

2022 වසරේ වියදම් කර ඇති මුදල  –  රු.28,237,847.63  (දෙමිලියන අසූ දෙලක්ෂ තිස් හත්දහස් අටසිය හතලිස් හතයි ශත හැට තුනක්)

මෙලෙස සඳහන් කර ඇත. මේ එක් එක් ජනාධිපති කාර්ය සාධක බලකායන් සඳහා එක් එක් වසරවල විදයම් කරනු ලැබූ මුදල් ප්‍රමාණයන්ය. මේ එක් එක් ජනාධිපති කාර්යය සාධක බලකයන් විසින් වියදම් කරනු ලැබූ මුදල් ප්‍රමාණයන්, කාර්යය සාධක බලකායන් අනුව වෙන වෙනම ඉල්ලා සිටියත් ජනාධිපති ලේක්ම් කාර්යාලය විසින් එම තොරතුරු ලබාදීමට නොහැකි බව පවසමින් වර්ෂයේ මුලු විදයම් පමණක් ලබාදීමට කටයුතු කර තිබුණී. 

මෙම කාර්ය සාධක බලකායන් සඳහා වියදම් කරනු ලැබූ මදුල් පිලිබඳව වෙන වෙනම් ලබාදෙන ලෙස ඉල්ලීම් කල අතර එහි සඳහන් කර තිබුණේ, ජාතික අයවැය දෙපාර්තමෙන්තුව මගින් වාර්ෂික අයවැය ප්‍රතිපාදන ලබාදීමේදී ජනාධිපති කාර්යය සාධක බලකා වෙත ලබාදී ඇත්තේ එක් පොදු වැය විෂයක් පමණක් වන බැවින් ද අදාල වර්ෂය තුලදී ගිණුම් කටයුතු සිදුකිරීමේදී එම වැය විෂය වෙත අදාල වර්ෂය තුල ක්‍රියාකාරීව පවතින සියළු ජනාධිපති කාර්යය සාධක බලකා වල වියදම හර කරනු ලබන බැවින් ද එක් එක් ජනාධිපති කාර්යය සාධක බලකා සඳහා එක් එක් වර්ෂයන්ට අදාලව වියදම වෙන් වෙන් වශයෙන් ලබාදීමට නොහැකි බවය. එබැවින් ඉහත පරිදි 2019 සිට 2022 වසර දක්වා ජනාධපති කාර්යය සාධක බලකායන්හි වියදම් වාර්ෂිකව සඳහන් කර ඇති බවයි.

තවද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තොරතුරු විමසා සිටීමේදී සඳහන් කර සිටිනු ලැබුවේ ඉහත නම් සදහන් සියළුම කාර්යය සාධක බලකායන්හි කටයුතු මේ වන විට අවසන් කර ඇති බැවින්, මේ වන විට එකී කාර්යය සාධක බලකායන් ක්‍රියාත්මක නොවන බවයි. වසර තුනක කාලයක් මිලියන අසූහතරකට වඩා වැඩි මුදලක් වියදම් කල ජනාධිපති කාර්යය සාධක බලකායන්ගෙන් ඉටුවූ සේවය හා ඔවුන් ලබාදුන් වාර්තාවන් ජනතාව දැනගත යුතුය. එමෙන්ම මෙම කාර්යය සාධක බලකායන් පිහිටුවීම මගින් සිදුවූ සෙත කුමක්ද යන්නට නිසි පිළිතුරක් නැත. ඔවුන් මෙසේ වැය කර  කර ඇත්තේ මහජනතාවගේ මුදල්ය.

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *