තොරතුරු නිලධරයෝ සහ නම් කරන ලද නිලධරයෝ

By In

[toggle title=”තොරතුරු නිලධාරීන් යනු කවුද?”]

සෑම පොදු අධිකාරියකම තොරතුරු නිලධාරියෙක් සිටිය යුතුය. ඇතැම් විට එක් පොදු අධිකාරියකට තොරතුරු නිලධාරීන් එක් අයෙකුට වැඩි පිරිසක් සිටිය හැකිය.

[/toggle]

[toggle title=”තොරතුරු නිලධාරීන්ගේ කාර්ය මොනවා ද?”]

  • තොරතුරු නිලධාරීහු ඔවුන්ගේ කාර්යාලවලට තොරතුරු ලබා ගැනීම සදහා ඉදිරිපත් වන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තෝය. එසේම ඔවුහු තොරතුරු ඉල්ලා සිටින පුරවැසියන්ට හැකි ඕනෑම ආකාරයකින් සහාය විය යුත්තෝය.
  • මෙම සේවා සැපයීමේ දී තොරතුරු නිලධාරීන්ට ඔවුන්ගේ අනෙකුත් නිලධාරීන්ගේ සහාය අවශ්‍ය වන්නේ නම්, එම අනෙකුත් නිලධාරීහු තොරතුරු නිලධාරීන්ට අනිවාර්යෙන්ම සහාය විය යුත්තෝය.

[/toggle]

[toggle title=”නම් කරන ලද නිලධරයෝ යනු කවරහු ද?”]

ඔබ තොරතුරු නිලධාරියාගේ තීරණයෙන් සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට එම තීරණයට එරෙහිව එම පොදු අධිකාරියේ වෙනත් නිලධාරියකු වෙත අභියාචනය කළ හැකිය. මෙම නිලධාරියා “නම් කරන ලද නිලධාරියා” ලෙස හදුන්වනු ලැබේ. නම් කරන ලද නිලධාරියා තොරතුරු නිලධාරියාට එරෙහි අභියාචන විමසා තීරණයක් දෙනු ඇත.

තොරතුරු නිලධාරීන් පත් කරනු ලබන තෙක් පොදු අධිකාරීවල ප‍්‍රධානීන් හෝ ප‍්‍රධාන විධායක නිලධාරීන් එම පොදු අධිකාරිවල තොරතුරු නිලධාරීන් ලෙස කටයුතු කරනු ඇත.

[/toggle]

[toggle title=”ඔබ තොරතුරු නිලධාරියකු හෝ නම් කරන ලද නිලධාරියකු සම්බන්ධ කර ගන්නේ කෙසේ ද?”]

තොරතුරු නිලධාරියකු හෝ නම් කරන ලද නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ නම්, අදාළ පොදු අධිකාරියෙන් ඒ පිළිබද විස්තර ලබා ගත හැකිය. තොරතුරු නිලධාරියාගේ සහ නම් කරන ලද නිලධාරියාගේ සම්බන්ධ වීමේ විස්තර සෑම පොදු අධිකාරියකම පරිශ‍්‍රයේ ප‍්‍රකටව පෙනෙන ලෙස ප‍්‍රදර්ශනය කර ඇති අතර ඔවුන්ගේ වෙබ් අඩවිවලින් ද එම විස්තර සොයා ගත හැකිය.

[/toggle]