Uncategorized

ඇස් මානයෙන් පිටත දී ඔබේ දරුවා ආරක්‍ෂිත ද​?

By In

‘කුඩා ළමුන් මල් වැනි ය​’. ඔවුන් තවමත් පසු වනනේ ලෝකය පිළිබඳ ඉගෙන ගන්නා අවධියක ය​. වැඩිහිටියන් අනුකරණය කරමින්, අලුත් අලුත් දෑ අත්හදා බලමින්, පොතපතින්, අවට පරිසරයෙන් නොයෙක් දෑ උගන්නා ජීවන අවධියක ය​. එසේම දෙමාපිය වැඩිහිටියන්ගේ අවධානය සහ ආරක්‍ෂාව උපරිමයෙන්  ලැබිය යුතු අවධියක ය​.

එහෙත් ඔවුන්ට අවැසි අවධානය,ආරක්‍ෂාව නොලබන ළමුන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ සිටින බව ඔබ දන්නවා ද​?

2016 සිට 2020 වසර දක්වා වූ වසර පහ තුළ ‘ළමා ලිංගික හිංසනය’ පිළිබඳ ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 2881 කි.

2016 සිට 2020 වසර දක්වා වූ වසර පහ තුළ ‘බරපතල ලිංගික අපයෝජනය’ පිළිබඳ ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 1541 කි.

2016 සිට 2020 වසර දක්වා වූ වසර පහ තුළ ‘නීතිවිරෝධීව ළමුන් මෙහෙකාර සේවයෙහි යෙදවීම​’ පිළිබඳ ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 1307 කි.

2016 සිට 2020 වසර දක්වා ගෙවුණු වසර පහ තුළ, අඛණ්ඩව වැඩි ම පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. අඛණ්ඩව අඩු ම පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙනි. 

Uncategorized

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත සහ එහි භාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ…

By In
Uncategorized

‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ මාධ්‍යවේදීන් සඳහා තොරතුරු පනත පිළිබඳ වැඩමුළුවක්

තොරතුරු දැනගැනීමේ පනත සහ එහි ජනමාධ්‍යවේදීමය භාවිතාව පිළිබඳ ජනමාධ්‍යවේදීන් ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්…

By In
Uncategorized

තොරතුරු පනතට වසර 5යි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාවයට පත්වී  අදට වසර 5ක් සපිරෙයි.2016 අගෝස්තු මස 04 වන දින,…

By In
Uncategorized

කොවිඩ් එන්නත සහ රට​ ගමන්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද පීඩාවට පත්ව තිබෙනු දැකගත හැක​. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *