පුවත්

තොරතුරු දැනගැනීමේ වැඩමුළුවක් හම්බන්තොට දී

By In

ලෝකයේ තෙවන ස්ථානයට පත්ව තිබෙන්නා වූ ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නීතිය පිළිබදව හම්බන්තොට ජනමාධ්‍යවේදීන්  දැනුවත් කිරීමේ වැඩමුළුව මාර්තු 10 වන දින  තංගල්ල “සමන්ස් හෝටලයේදී” ඉතා සාර්ථක අන්දමින් නිම විය.  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් එකොළොස්වෙනි වරට සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන තුළින් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පුළුල් ලෙස මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදුවිය. මෙහිදී  පෙබරවාරි 3වන දින නිකුත් වූ ගැසට් පත්‍රයට අනුව  ක්‍රියාත්මක වන තොරතුරු පනතේ නීතිමය රාමුව සහ  එහි ක්‍රියාවලිය පිළිබද විශේෂ අවධානයකින් වැඩමුළුව මෙහෙය විණි.

    තොරතුරු දැනගැනීමේ පනතේ නීතිමය කරුණු පිළිබද දේශනය සාර්ථක ලෙස සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ ව්‍යාපෘතියේ සම්බන්ධිකාරක/නිතීඥ/ මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි. ඉන් අනතුරුව වැඩසටහන ඉදිරියට ගෙනයාම ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි  මහතා විසින් සිදු කරනු ලැබීය.

.

Social, පුවත්

වැසී යන පාසල් සහ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය

චාමර සම්පත්  පාසලක් ඇරෙනවිට සිපිරි ගෙවල් දහයක් වැසියන බව අප අසා ඇති ප්‍රකට කියමනකි.ඉන් අරුත් ගැන්වෙන්නේ පාසල් ඇධ්‍යපනය යනු රටකට…

By In
Social, පුවත්

හිටපු ජනාධිපති ගෝඨාභය සහ ජනපතිවරුන්ට අපි ගෙවන හැටි

කමණි හෙට්ටිආරච්චි ඉතිහාසයේ අන් කවරදාකවත් අත්විඳ නැති අත්දැකීමකට පසුගිය කාලයේ මුහුණ දීමට ශ්‍රී ලංකාවට  සිදුවිය. ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *