පුවත්

ඌව පළාත් මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් ඌව පළාතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් පසුගිය 18 වන දින බණ්ඩාරවෙල මලින්දි හෝටලයේදී පැවැත්විය. බදුල්ල හා මොණරාගල යන දිස්ත‍්‍රික්ක දෙකම ආවරණය වන පරිදි සිංහල හා දමිළ මාධ්‍යයෙන් බදුල්ල සහ මොණරාගළ දිස්ති‍්‍රක්ක නියෝජනය කරමින් වෘත්තීය මාධ්‍යකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන් 45ක ට ආසන්න සංඛ්‍යාවක් මෙයට සහභාගී වී සිටියහ.

විශේෂයෙන් පෙබරවාරි 4 වෙනිදා සිට පනත ක‍්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි ප‍්‍රායෝගික තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තොරතුරු පනත සම්බන්ධයෙන් දැනට පවතින ගැටළු සඳහා මඟපෙන්වීමක් ලබා දීමේද මෙහිදී සිදුවිය. කොළඹ, මහනුවර, ගම්පහ සහ ගාල්ල යන දිස්ති‍්‍රක්කයන්ට සමගාමීව ඌව පළාතේ පැවති මෙම වැඩමුළුව සාර්ථකව නිමවිය

 

DSC_0119ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා සිංහල මාධ්‍යවේදීන් සඳහා සැසියක් පවත්වමින්.

 

 

 

DSC_0138

සිංහල මාධ්‍ය වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න විසිනි.

 

 

 

 

DSC_0103

දමිල මාධ්‍ය වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අමීන් හුසේන් විසිනි.

පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In

1

  • Markk Reply
    January 31, 2017 at 3:45 pm

    Great Job!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *