පුවත්

ඌව පළාත් මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් ඌව පළාතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් පසුගිය 18 වන දින බණ්ඩාරවෙල මලින්දි හෝටලයේදී පැවැත්විය. බදුල්ල හා මොණරාගල යන දිස්ත‍්‍රික්ක දෙකම ආවරණය වන පරිදි සිංහල හා දමිළ මාධ්‍යයෙන් බදුල්ල සහ මොණරාගළ දිස්ති‍්‍රක්ක නියෝජනය කරමින් වෘත්තීය මාධ්‍යකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන් 45ක ට ආසන්න සංඛ්‍යාවක් මෙයට සහභාගී වී සිටියහ.

විශේෂයෙන් පෙබරවාරි 4 වෙනිදා සිට පනත ක‍්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි ප‍්‍රායෝගික තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තොරතුරු පනත සම්බන්ධයෙන් දැනට පවතින ගැටළු සඳහා මඟපෙන්වීමක් ලබා දීමේද මෙහිදී සිදුවිය. කොළඹ, මහනුවර, ගම්පහ සහ ගාල්ල යන දිස්ති‍්‍රක්කයන්ට සමගාමීව ඌව පළාතේ පැවති මෙම වැඩමුළුව සාර්ථකව නිමවිය

 

DSC_0119ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා සිංහල මාධ්‍යවේදීන් සඳහා සැසියක් පවත්වමින්.

 

 

 

DSC_0138

සිංහල මාධ්‍ය වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න විසිනි.

 

 

 

 

DSC_0103

දමිල මාධ්‍ය වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අමීන් හුසේන් විසිනි.

පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

1

  • Markk Reply
    January 31, 2017 at 3:45 pm

    Great Job!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *