පුවත්

ඌව පළාත් මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක්

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් ඌව පළාතේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වැඩමුළුවක් පසුගිය 18 වන දින බණ්ඩාරවෙල මලින්දි හෝටලයේදී පැවැත්විය. බදුල්ල හා මොණරාගල යන දිස්ත‍්‍රික්ක දෙකම ආවරණය වන පරිදි සිංහල හා දමිළ මාධ්‍යයෙන් බදුල්ල සහ මොණරාගළ දිස්ති‍්‍රක්ක නියෝජනය කරමින් වෘත්තීය මාධ්‍යකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන් 45ක ට ආසන්න සංඛ්‍යාවක් මෙයට සහභාගී වී සිටියහ.

විශේෂයෙන් පෙබරවාරි 4 වෙනිදා සිට පනත ක‍්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි ප‍්‍රායෝගික තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තොරතුරු පනත සම්බන්ධයෙන් දැනට පවතින ගැටළු සඳහා මඟපෙන්වීමක් ලබා දීමේද මෙහිදී සිදුවිය. කොළඹ, මහනුවර, ගම්පහ සහ ගාල්ල යන දිස්ති‍්‍රක්කයන්ට සමගාමීව ඌව පළාතේ පැවති මෙම වැඩමුළුව සාර්ථකව නිමවිය

 

DSC_0119ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනාරච්චි මහතා සිංහල මාධ්‍යවේදීන් සඳහා සැසියක් පවත්වමින්.

 

 

 

DSC_0138

සිංහල මාධ්‍ය වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න විසිනි.

 

 

 

 

DSC_0103

දමිල මාධ්‍ය වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අමීන් හුසේන් විසිනි.

පුවත්

තොරතුරු සගවන පොලිසියට තොරතුරු කොමිසමෙන් නියෝගයක්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   ප්‍රජාතන්ත්‍රවාදී රජයක සුවිශේෂී අංගයක් වන්නේ එම රජයේ ඇති සුපිලිපන්භාවය යි. එම සුපිලිපන්භාවය කොතරම්දුරට ක්‍රියාත්මක වන්නේද යන්න…

By In
පුවත්

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර මෙන්ම පිලිකාකාරක ඇති ආහාර ගැන විශ්ලේෂණය කරන ලද තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නෑ

 තොරතුරු විශ්ලේෂණයේ අවශ්‍යෙතාව පැනනැගුණේ තොරතුරු ඉල්ලීමෙන් පසුවයි – සෞඛ්‍ය අමාත්‍යාංශය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   ප්‍රජාතන්ත්‍රවාදී  රටක නීති අණ පනත් ගෙන…

By In

1

  • Markk Reply
    January 31, 2017 at 3:45 pm

    Great Job!

Leave a Reply to Markk Cancel reply

Your email address will not be published. Required fields are marked *