පුවත්

අන්තර්ජාල පරිශීලකයිනි, ඔබේ අවධානයට!

By In

2020! එය ගෝලීය වශයෙන් මිනිසුන් අන්තර්ජාලය සමඟ සම්බන්ධ කළ වසරකි. ශ්‍රී ලංකාවට ද එය එසේම විය. එමගින් මෙතෙක් කල් නොවූ විරූ අයුරින් ජනතාවට වෙබ් අඩවි හරහා අධ්‍යාපනය ලැබීමට, ව්‍යාපාර කටයුතු නිරීක්‍ෂණය කිරීමට සහ සන්නිවේදන අත්දැකීම් විඳගැනීමට ඉන් හැකියාව ලැබිණි.  නමුත් අප අන්තර්ජාලයේ මෙවැනි ප්‍රතිලාභ භුක්තිවිඳින අතරතුර දී ම එහි අනෙක් පැතිකඩ ගැන ද සිතා බැලීම වැදගත් වේ. 

අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වංචා සහ ප්‍රචණ්ඩ ක්‍රියා ලෝකය පුරා වාර්තා වන බව අප අසා ඇත්තෙමු. ඒ අනුව ශ්‍රී ලංකාවට අදාළව මෙම වසරේ මාර්තු මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ වාර්තා වූ එවැනි සිදුවීම් පිළිබඳ විමසා දැනගැනීම සඳහා ශ්‍රී ලංකා CERT ආයතනය වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කරන ලදී. ඉන් ලද තොරතුරු පහත පරිදි වේ.

එයට අමතරව, පසුගිය වසර 10 තුළ පළ වූ සයිබර් අපරාධ සහ වංචා පිළිබඳ ඔවුන් විසින් නිකුත් කරන ලද 2019 වාර්ෂික වාර්තාවේ දත්ත ලබාගැනීමට ද අපට හැකි විය.

එම පැමිණීලි නිරීක්‍ෂණය කිරීමෙන් පෙනී යන්නේ පරිගණක භාවිතාකරන්නන් සිදු කරනු ලබන පැමිණිලි අඛණ්ඩව වැඩි ව ඇති බව ය.

මෙම දත්ත අනුව පසුගිය වසර 10 තුළ දී සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 3685 කි. කෙසේ නමුත් මෙම වසරේ මුල් මාස 9 තුළ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිලි සංඛ්‍යාව 13,855 කි. ඒ අනුව සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් මෙරට ඉදිරිපත් වන පැමිණිලි සංඛ්‍යාවෙහි පැහැදිලි වැඩි වීමක් නිරීක්‍ෂිත ය. 

 

මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන තරුණ තරුණියන්ගෙන් 65% ක් ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය හෙළි කරන අතර, 47% ක් ඔවුන්ගේ දුරකථන අංක හෙළි කරති. එසේම තරුණ, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් 24% ක් කිසිවිටෙකත් ඔවුන්ගේ මුරපදය භාවිතා නොකරති. 2019 සිට 2023 දක්වා SLCERT හි උපායමාර්ගික දත්ත වාර්තා අනුව පෙනී යන්නේ පරිශීලකයින් 30% ක් සිය වැදගත් ලේඛන ආරක්‍ෂා කිරීම සඳහා මුරපද භාවිතා කරන්නේ කෙසේදැයි නොදන්නා බවයි.  

 

අන්තර්ජාල පරිශීලකයින්ගේ ආරක්‍ෂාව සහ ආරක්‍ෂක විධිවිධාන පිළිබඳ විවිධ අංශ වන මෙවැනි වාර්තාවන් තිබියදීත් මෙම මාස 9 ක කාලසීමාව තුළ උද්ගතව ඇති තත්ත්වය නිරීක්‍ෂණය කිරීමෙන් පෙනී යන්නේ අන්තර්ජාලය ඔස්සේ  සිදුවිය හැකි අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳව අපට අමතකව ඇති හැඩකි.

 

 

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *