පුවත්

අන්තර්ජාල පරිශීලකයිනි, ඔබේ අවධානයට!

By In

2020! එය ගෝලීය වශයෙන් මිනිසුන් අන්තර්ජාලය සමඟ සම්බන්ධ කළ වසරකි. ශ්‍රී ලංකාවට ද එය එසේම විය. එමගින් මෙතෙක් කල් නොවූ විරූ අයුරින් ජනතාවට වෙබ් අඩවි හරහා අධ්‍යාපනය ලැබීමට, ව්‍යාපාර කටයුතු නිරීක්‍ෂණය කිරීමට සහ සන්නිවේදන අත්දැකීම් විඳගැනීමට ඉන් හැකියාව ලැබිණි.  නමුත් අප අන්තර්ජාලයේ මෙවැනි ප්‍රතිලාභ භුක්තිවිඳින අතරතුර දී ම එහි අනෙක් පැතිකඩ ගැන ද සිතා බැලීම වැදගත් වේ. 

අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වංචා සහ ප්‍රචණ්ඩ ක්‍රියා ලෝකය පුරා වාර්තා වන බව අප අසා ඇත්තෙමු. ඒ අනුව ශ්‍රී ලංකාවට අදාළව මෙම වසරේ මාර්තු මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ වාර්තා වූ එවැනි සිදුවීම් පිළිබඳ විමසා දැනගැනීම සඳහා ශ්‍රී ලංකා CERT ආයතනය වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කරන ලදී. ඉන් ලද තොරතුරු පහත පරිදි වේ.

එයට අමතරව, පසුගිය වසර 10 තුළ පළ වූ සයිබර් අපරාධ සහ වංචා පිළිබඳ ඔවුන් විසින් නිකුත් කරන ලද 2019 වාර්ෂික වාර්තාවේ දත්ත ලබාගැනීමට ද අපට හැකි විය.

එම පැමිණීලි නිරීක්‍ෂණය කිරීමෙන් පෙනී යන්නේ පරිගණක භාවිතාකරන්නන් සිදු කරනු ලබන පැමිණිලි අඛණ්ඩව වැඩි ව ඇති බව ය.

මෙම දත්ත අනුව පසුගිය වසර 10 තුළ දී සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 3685 කි. කෙසේ නමුත් මෙම වසරේ මුල් මාස 9 තුළ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිලි සංඛ්‍යාව 13,855 කි. ඒ අනුව සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් මෙරට ඉදිරිපත් වන පැමිණිලි සංඛ්‍යාවෙහි පැහැදිලි වැඩි වීමක් නිරීක්‍ෂිත ය. 

 

මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන තරුණ තරුණියන්ගෙන් 65% ක් ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය හෙළි කරන අතර, 47% ක් ඔවුන්ගේ දුරකථන අංක හෙළි කරති. එසේම තරුණ, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් 24% ක් කිසිවිටෙකත් ඔවුන්ගේ මුරපදය භාවිතා නොකරති. 2019 සිට 2023 දක්වා SLCERT හි උපායමාර්ගික දත්ත වාර්තා අනුව පෙනී යන්නේ පරිශීලකයින් 30% ක් සිය වැදගත් ලේඛන ආරක්‍ෂා කිරීම සඳහා මුරපද භාවිතා කරන්නේ කෙසේදැයි නොදන්නා බවයි.  

 

අන්තර්ජාල පරිශීලකයින්ගේ ආරක්‍ෂාව සහ ආරක්‍ෂක විධිවිධාන පිළිබඳ විවිධ අංශ වන මෙවැනි වාර්තාවන් තිබියදීත් මෙම මාස 9 ක කාලසීමාව තුළ උද්ගතව ඇති තත්ත්වය නිරීක්‍ෂණය කිරීමෙන් පෙනී යන්නේ අන්තර්ජාලය ඔස්සේ  සිදුවිය හැකි අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳව අපට අමතකව ඇති හැඩකි.

 

 

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *