පුවත්

තොරතුරු පනත නියාගම ගංවතුර අපදා ගොඩනැගිල්ල ජන සතු කරයි

By In

ගාල්ල නියාගම ප්‍රදේශය නිතර නිතර ගංවතුර නිසා පීඩාවටපත් වන ප්‍රදේශයකි. තමන් ජීවිත කාලය පුරාවටම උපයාගත්දේ ගංවතුරට ගසාගෙන යනහැටි බලා සුසුම් හෙලන බොහෝ දෙනා මේ ප්‍රදේශයේ සිටී. දින සති මාස ගණන් ගංවතුරෙන් යටවූ තම ප්‍රදේශයන් යථාතත්වයට පත්වන තුරු කදවුරු පාසල් වලට වී බලා සිරීමට ඔවුනට බොහෝවිට සිදුවේ.  මෙවැනි ගංවතුර තත්ත්වයන් ඇති වනවිට තම දරුමල්ලද රැගෙන තාවකාලික අවතැන් කදවුරු වන පාසල් පන්සල් පල්ලි වලට වී කාලයගත කිරීමට මොවුන්ට සිදුවේ. මේ වැනි අවසථා වලදී ඉතා දුෂ්කර ලෙස කාලය ගෙවීමට ඔවුනට සිදුවේ. මේ නිසා පාසල් වල අධ්‍යාපනික කටයුතුද අඩාල වන අවස්ථා නැතුවම නොවේ.

මේ නිසාම මීට විසදුමක් ලෙස ගාල්ල නියාගම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට ලක්වූ ජනයාට රැදී සිටින්නට තාවකාලික රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සුදානම් විය. නිතර නිතර ගංවතුර නිසා පීඩාවට පත් වන ජනතාවට සැබවින්ම මෙය යම් අස්වැසිල්ලක් විණි. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් නිමා වුවත් රටේ පැවතී දේශපාලන අස්තාවර වීම් සහ දේශපාලනික පෙරළියත් සමග මෙය ජනසතු කිරීමේ කටයුත්ත ප්‍රමාද වන ස්වරූපයක් ප්‍රදේශවාසීන්ට දකින්නට හැකි විය.  මේ පිලිබඳ ප්‍රදේශවාසීන් විවිධ බලධාරීන්ගෙන් විමසුවත් ඊට නිසි පිළිතුරක් නොලැබිණි.

මේ අතරතුරේදී තොරතුරැ දැනගැනීමේ පනත පිළිබද දැනුවත්වූ ප්‍රදේශවාසීන් විසින් මෙම තාවකාලි කරැදවුම් මධ්‍යස්ථානය ජන සතු නොකිරීම පිලිබඳ විමසා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට තොරතුරු අයදුම්පතක් යොමු කරන ලදී. අදාළ කාල පරිච්ඡෙදය තුල කිසිදු පිළිතුරක් නොලැබුනද මෙම තවකාලික රැදවුම් මධ්‍යස්ථානය ජන සතු කිරීමට අවශ්‍ය පියවර බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන්නට විය.  සැබවින්ම මෙය නියාගම ප්‍රදේශවාසීන්ට තොරතුරු පනත ඔස්සේ දිනා ගැනීමට හැකි වූ විශාල ජයග්‍රහණයක් ලෙස ඔවුන් පවසයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *