පුවත්

තොරතුරු පනත නියාගම ගංවතුර අපදා ගොඩනැගිල්ල ජන සතු කරයි

By In

ගාල්ල නියාගම ප්‍රදේශය නිතර නිතර ගංවතුර නිසා පීඩාවටපත් වන ප්‍රදේශයකි. තමන් ජීවිත කාලය පුරාවටම උපයාගත්දේ ගංවතුරට ගසාගෙන යනහැටි බලා සුසුම් හෙලන බොහෝ දෙනා මේ ප්‍රදේශයේ සිටී. දින සති මාස ගණන් ගංවතුරෙන් යටවූ තම ප්‍රදේශයන් යථාතත්වයට පත්වන තුරු කදවුරු පාසල් වලට වී බලා සිරීමට ඔවුනට බොහෝවිට සිදුවේ.  මෙවැනි ගංවතුර තත්ත්වයන් ඇති වනවිට තම දරුමල්ලද රැගෙන තාවකාලික අවතැන් කදවුරු වන පාසල් පන්සල් පල්ලි වලට වී කාලයගත කිරීමට මොවුන්ට සිදුවේ. මේ වැනි අවසථා වලදී ඉතා දුෂ්කර ලෙස කාලය ගෙවීමට ඔවුනට සිදුවේ. මේ නිසා පාසල් වල අධ්‍යාපනික කටයුතුද අඩාල වන අවස්ථා නැතුවම නොවේ.

මේ නිසාම මීට විසදුමක් ලෙස ගාල්ල නියාගම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට ලක්වූ ජනයාට රැදී සිටින්නට තාවකාලික රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සුදානම් විය. නිතර නිතර ගංවතුර නිසා පීඩාවට පත් වන ජනතාවට සැබවින්ම මෙය යම් අස්වැසිල්ලක් විණි. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් නිමා වුවත් රටේ පැවතී දේශපාලන අස්තාවර වීම් සහ දේශපාලනික පෙරළියත් සමග මෙය ජනසතු කිරීමේ කටයුත්ත ප්‍රමාද වන ස්වරූපයක් ප්‍රදේශවාසීන්ට දකින්නට හැකි විය.  මේ පිලිබඳ ප්‍රදේශවාසීන් විවිධ බලධාරීන්ගෙන් විමසුවත් ඊට නිසි පිළිතුරක් නොලැබිණි.

මේ අතරතුරේදී තොරතුරැ දැනගැනීමේ පනත පිළිබද දැනුවත්වූ ප්‍රදේශවාසීන් විසින් මෙම තාවකාලි කරැදවුම් මධ්‍යස්ථානය ජන සතු නොකිරීම පිලිබඳ විමසා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට තොරතුරු අයදුම්පතක් යොමු කරන ලදී. අදාළ කාල පරිච්ඡෙදය තුල කිසිදු පිළිතුරක් නොලැබුනද මෙම තවකාලික රැදවුම් මධ්‍යස්ථානය ජන සතු කිරීමට අවශ්‍ය පියවර බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන්නට විය.  සැබවින්ම මෙය නියාගම ප්‍රදේශවාසීන්ට තොරතුරු පනත ඔස්සේ දිනා ගැනීමට හැකි වූ විශාල ජයග්‍රහණයක් ලෙස ඔවුන් පවසයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *