පුවත්

පාර්ලිමේන්තු ගුටිබැට හුවමාරුවේ ඇස්තමේන්තු ගත අලාභය ලක්ෂ 3.7කට අධිකයි.

By In

පසුගිය වසරේ (2018) නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙදී පාර්ලිමේන්තු මැති ඇමතිවරු අතින් පයින් පමණක් නොව පාර්ලිමේන්තු සභාඝර්භයේ ඇති පුටු,  මේස වලින්ද ගුටිබැට හුවමාරු කරගන්නට විය. ඉතා හාස්‍ය ජනක හැසිරීම් බොහොමයක් පාර්ලිමේන්තුව තුලදී දැකගැනීමට හැකි විය. මෙම ගැටුම්කාරී තත්ත්වයේ දී ඇතිවූ හානිය කෙසේදැයි විමසීමට තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ අයදුම් පත්‍රයක් යොමු කරන්නට විය.

මේ ඔස්සේ ලද තොරතුරු අනුව එම සිදුවීමෙන් ශබ්ද පරිපාලන පද්ධතියේ මුලසනයේ මයික්‍රෆෝනය සහ පාර්ලිමේන්තු නිලධාරීන්ගේ නිළමැදිරියේ යකඩ කූරු හානියට පත්වූ බවයි. මෙහිදී මෙම සිදුවූ හානිය යතාතත්ත්වයට පත්කිරීමට ඇස්තමේන්තු ලබාගැනීමට පාර්ලිමේන්තු සභා ගර්භයේ ශබ්ද පරිපාලන පද්ධතියේ සැපයුම්කරුවන හේලීස් ඇවෙන්චුරා පුද්ගලික අයත්නයේද, නිලධාරී නිලකාමරයේ යකඩ කූරු සම්බන්ධයෙන් රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවෙන්ද, ලබා ගැනීමට කටයුතු කරන ලද බවයි. ඒ අනුව ශබ්ද පරිපාලන පද්ධතියේ හානි සිදු වූ මයික්‍රෆෝනය යථාතත්වයට පත්කිරමට හේලීස් අවෙන්චුරා පුද්ගලික ආයතනය රුපියල් 344,958.18ක මුදලක් ද, යකඩ කූරු රාමුවට සවි කර යථා තත්ත්වයට පත් කිරමට රුපියල් 29,670.00 මුදලක් ද ඇස්තමේන්තු ගතකොට තිබුණු බවයි. ඒ අනුව මුළු ඇස්තමේන්තු මුදල ලෙස රුපියල් 374,628.18 මුදලක් වැය වී ඇති බව ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව පෙනී යයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *