පුවත්

පාර්ලිමේන්තු ගුටිබැට හුවමාරුවේ ඇස්තමේන්තු ගත අලාභය ලක්ෂ 3.7කට අධිකයි.

By In

පසුගිය වසරේ (2018) නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙදී පාර්ලිමේන්තු මැති ඇමතිවරු අතින් පයින් පමණක් නොව පාර්ලිමේන්තු සභාඝර්භයේ ඇති පුටු,  මේස වලින්ද ගුටිබැට හුවමාරු කරගන්නට විය. ඉතා හාස්‍ය ජනක හැසිරීම් බොහොමයක් පාර්ලිමේන්තුව තුලදී දැකගැනීමට හැකි විය. මෙම ගැටුම්කාරී තත්ත්වයේ දී ඇතිවූ හානිය කෙසේදැයි විමසීමට තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ අයදුම් පත්‍රයක් යොමු කරන්නට විය.

මේ ඔස්සේ ලද තොරතුරු අනුව එම සිදුවීමෙන් ශබ්ද පරිපාලන පද්ධතියේ මුලසනයේ මයික්‍රෆෝනය සහ පාර්ලිමේන්තු නිලධාරීන්ගේ නිළමැදිරියේ යකඩ කූරු හානියට පත්වූ බවයි. මෙහිදී මෙම සිදුවූ හානිය යතාතත්ත්වයට පත්කිරීමට ඇස්තමේන්තු ලබාගැනීමට පාර්ලිමේන්තු සභා ගර්භයේ ශබ්ද පරිපාලන පද්ධතියේ සැපයුම්කරුවන හේලීස් ඇවෙන්චුරා පුද්ගලික අයත්නයේද, නිලධාරී නිලකාමරයේ යකඩ කූරු සම්බන්ධයෙන් රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවෙන්ද, ලබා ගැනීමට කටයුතු කරන ලද බවයි. ඒ අනුව ශබ්ද පරිපාලන පද්ධතියේ හානි සිදු වූ මයික්‍රෆෝනය යථාතත්වයට පත්කිරමට හේලීස් අවෙන්චුරා පුද්ගලික ආයතනය රුපියල් 344,958.18ක මුදලක් ද, යකඩ කූරු රාමුවට සවි කර යථා තත්ත්වයට පත් කිරමට රුපියල් 29,670.00 මුදලක් ද ඇස්තමේන්තු ගතකොට තිබුණු බවයි. ඒ අනුව මුළු ඇස්තමේන්තු මුදල ලෙස රුපියල් 374,628.18 මුදලක් වැය වී ඇති බව ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව පෙනී යයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *