පුවත්

තොරතුරු ඉල්ලුම්පත් දී දින පහකින් මදුනාගල ගමේ විදුලි පහන් දැල්වේ

By In

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි හම්බන්තොට

තොරතුරු පනත බාවිතා කරමින් තම ගමේ විදුලි කණුවල විසන්දි වී තිබු විදුලි පහන් යලි ලබා ගැනීමට වැඩ සලස්වා ගත් ප්‍රදේශ වාසින් පිරිසක් සම්බන්ධයෙන් සූරියවැව මදුනාගල ප්‍රදේශයෙන් අපට වාර්තා විය .

ග්‍රාමීය ප්‍රදේශයන් තුල සිටින ජනතාවද තොරතුරු පනත භාවිතා කරවීමට කටයුතු සලස්වමින් ඔවුන්ද ඒ සදහා උනන්දු කරවීමේ අරමුණ ඇතිව ශ්‍රීලංකා පුවත්පත් ආයතනය මගින් සිදුකරන ලද වැඩ සටහනකට අනුව තම ගමේ හදුනාගත් පොදු ගැටළු සම්බන්ධයෙන් එම ගමේ ජනතාව හට තොරතුරු පනත මගින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සදහා යොමු කිරීමේ වැඩ සටහටකට අනුව සූරිය වැව මදුනාගල ප්‍රදේශයේ ජනතාව සූරියවැව ප්‍රාදේශීය සභාවට පසුගිය මස (ජුලි ) 20 වනදා මෙම තොරතුරු අයදුම් පත්‍රය යොමු කරන ලදී .

වන අලින්ද බහුලව වාසය කරන මදුනාගල මංසන්දිය ඇතුළු මාර්ගය ආසන්න ප්‍රදේශයේ විදුලි කණුවල තිබු විදුලි පහන් අක්‍රිය වී තිබීම නිසා රාත්‍රිකාලයේ එම ප්‍රදේශ තුල ගමන්ගන්නා ජනතාව දැඩි ආසිරුතවයකට පත්ව සිටියේය මෙහිදී මදුනාගල මන්සිදියත් ඒ ආසන්න මාර්ග සදහාත් විදුලි කණු තුල අක්‍රිය වී ඇති විදුලි බල්බ නොදැමීමට හේතුව විමසමින් මදුනාගල සුමනනාන්ද මහතා ඇතුළු ප්‍රදේශ වාසින් එක්ව සූරියවැව ප්‍රාදේශීය සභාවට මෙම තොරතුරු දැනගැනීමේ අයදුම් පත්ත්‍රය යොමුකර දින 05 කට පසුව සූරියවැව ප්‍රාදේශීය සභාව මගින් අදාළ විදුලි කණු සදහා අවශ්‍ය විදුලි බල්බ ගෙන දැමීම සිදු වූ බව ප්‍රදේශයේ ජනතාව කියා සිටි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මදුනාගල සුමනනන්ද මහතා

මදුනාගල මංසන්දිය විශාල පිරිසක් එන යන මංසන්දියක් නමුත් පසුගිය මස කීපය තුල එහි විදුලි පහන් අක්‍රිය වෙලා තිබුනේ ගමේ අය මේ ගැන සූරිය වැව ප්‍රාදේශීය සභාවට කිවුවත් විදුලි බල්බ ගෙනත් දුන්නේ නැති නිසා අපි තොරතුරු පනත යටතේ සූරියවැව ප්‍රාදේශීය සභාවට අයදුම් පත්‍රයක් දැම්මා ඊට පස්සේ දින කීපයක් යන්නත් කලින් විදුලි කණුවලට විදුලි පහන් ලැබුනා අපිට එකෙන් තේරුණා තොරතුරු පනත ගමේ අපිටත් හොද හයියක් කියලා එනිසා අපි ඉල්ලා සිටිනවා රටේ හැම දෙනාටම මේ ගැන දැනුවත් උනොත් කාටත් හොද දෙයක් වේවි කියලා

තොරතුරු පනත මේ රටේ ජනතාවගේ පනතක්වේ එහි පල නෙලා ගැනීමට හැක්කේ ජනාවටයි සූරියවැව මදුනාගල මංසන්ධියේ ජනතාව ඒ ආදර්ශය මේ තුලින් රටටම දී තිබේ .

පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In
පුවත්

අයිතිවාසිකම් පනත් කෙටුම්පත් හමස්පෙට්ටියට යාවිද?

  මහජනතාවගේ පරමාධිපත්‍ය හොබවන ඔනෑම රජයක ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ අයිතිවාසිකම්  වන මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමය. එපමණක් නොව එම අයිතිවාසිකම්…

By In
පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *