පුවත්

තොරතුරු ඉල්ලුම්පත් දී දින පහකින් මදුනාගල ගමේ විදුලි පහන් දැල්වේ

By In

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි හම්බන්තොට

තොරතුරු පනත බාවිතා කරමින් තම ගමේ විදුලි කණුවල විසන්දි වී තිබු විදුලි පහන් යලි ලබා ගැනීමට වැඩ සලස්වා ගත් ප්‍රදේශ වාසින් පිරිසක් සම්බන්ධයෙන් සූරියවැව මදුනාගල ප්‍රදේශයෙන් අපට වාර්තා විය .

ග්‍රාමීය ප්‍රදේශයන් තුල සිටින ජනතාවද තොරතුරු පනත භාවිතා කරවීමට කටයුතු සලස්වමින් ඔවුන්ද ඒ සදහා උනන්දු කරවීමේ අරමුණ ඇතිව ශ්‍රීලංකා පුවත්පත් ආයතනය මගින් සිදුකරන ලද වැඩ සටහනකට අනුව තම ගමේ හදුනාගත් පොදු ගැටළු සම්බන්ධයෙන් එම ගමේ ජනතාව හට තොරතුරු පනත මගින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සදහා යොමු කිරීමේ වැඩ සටහටකට අනුව සූරිය වැව මදුනාගල ප්‍රදේශයේ ජනතාව සූරියවැව ප්‍රාදේශීය සභාවට පසුගිය මස (ජුලි ) 20 වනදා මෙම තොරතුරු අයදුම් පත්‍රය යොමු කරන ලදී .

වන අලින්ද බහුලව වාසය කරන මදුනාගල මංසන්දිය ඇතුළු මාර්ගය ආසන්න ප්‍රදේශයේ විදුලි කණුවල තිබු විදුලි පහන් අක්‍රිය වී තිබීම නිසා රාත්‍රිකාලයේ එම ප්‍රදේශ තුල ගමන්ගන්නා ජනතාව දැඩි ආසිරුතවයකට පත්ව සිටියේය මෙහිදී මදුනාගල මන්සිදියත් ඒ ආසන්න මාර්ග සදහාත් විදුලි කණු තුල අක්‍රිය වී ඇති විදුලි බල්බ නොදැමීමට හේතුව විමසමින් මදුනාගල සුමනනාන්ද මහතා ඇතුළු ප්‍රදේශ වාසින් එක්ව සූරියවැව ප්‍රාදේශීය සභාවට මෙම තොරතුරු දැනගැනීමේ අයදුම් පත්ත්‍රය යොමුකර දින 05 කට පසුව සූරියවැව ප්‍රාදේශීය සභාව මගින් අදාළ විදුලි කණු සදහා අවශ්‍ය විදුලි බල්බ ගෙන දැමීම සිදු වූ බව ප්‍රදේශයේ ජනතාව කියා සිටි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මදුනාගල සුමනනන්ද මහතා

මදුනාගල මංසන්දිය විශාල පිරිසක් එන යන මංසන්දියක් නමුත් පසුගිය මස කීපය තුල එහි විදුලි පහන් අක්‍රිය වෙලා තිබුනේ ගමේ අය මේ ගැන සූරිය වැව ප්‍රාදේශීය සභාවට කිවුවත් විදුලි බල්බ ගෙනත් දුන්නේ නැති නිසා අපි තොරතුරු පනත යටතේ සූරියවැව ප්‍රාදේශීය සභාවට අයදුම් පත්‍රයක් දැම්මා ඊට පස්සේ දින කීපයක් යන්නත් කලින් විදුලි කණුවලට විදුලි පහන් ලැබුනා අපිට එකෙන් තේරුණා තොරතුරු පනත ගමේ අපිටත් හොද හයියක් කියලා එනිසා අපි ඉල්ලා සිටිනවා රටේ හැම දෙනාටම මේ ගැන දැනුවත් උනොත් කාටත් හොද දෙයක් වේවි කියලා

තොරතුරු පනත මේ රටේ ජනතාවගේ පනතක්වේ එහි පල නෙලා ගැනීමට හැක්කේ ජනාවටයි සූරියවැව මදුනාගල මංසන්ධියේ ජනතාව ඒ ආදර්ශය මේ තුලින් රටටම දී තිබේ .

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *