පුවත්

2020 නොවැම්බරයේ කොවිඩ් සමඟ නැවතත් පාසලට…

By In

2019 වසරේ චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වසංගත තත්ත්වය, 2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වන්නට විය. එහි නිර්දය ව්‍යාප්තිය පාලනය කිරීමට අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙහෙස මහන්සි වී කටයුතු කරන ලද්දේ ජනතාවගේ දැවැන්ත සහයෝගයත් සමගිනි. මේ අනුව  පාසල්, කාර්යාල සහ පොදු ස්ථාන වසා දමමින් සමස්ත රටම වසා දමන ලදී. සූර්යයා සෙමෙන් හිරු එළිය පතුරුවන්නාක් මෙන් ජනතාව ද ඔවුන්ගේ සාමාන්‍ය දිවි පෙවෙතට හැරෙන්නට විය. සෑම දෙයක්ම සුපුරුදු පරිදි සාමාන්‍ය අතට හැරෙන්නට විය. පාසල් සහ කාර්යාල සියල්ලම සුපුරුදු ලෙස වැඩ කටයුතු ආරම්භ කරන ලදී. නමුත් සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවට රජයේ නියෝග මත සියල්ල සිදු කිරීමට නියම විය. පාසල් ද කොටස් වශයෙන් විවෘත කරන ලදී.

 

මේ අනුව මාස 4 ක හෝ 5 ක පමණ කාලයක් මිනිසුන් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය චර්යයාවන්වල නියැලුණි. නැවතත් 2020 ඔක්තෝබර් 4 වන දින කොරෝනා වෛරසයේ දෙවන රැල්ල බලවත් වන්නට විය. ස්වාධීනව තම වැඩකටයුතුවල කල් ගෙවූ මිනිසුන් නැවත හුදකලාවේ සුසුම්ලන්නට  විය. සියලුම සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් නොවැම්බර් 23 වන දින පාසල් නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කළේය.

රටේ සියලුම පාසල් නැවත විවෘත කිරීමට නම් සියලුම පාසල්වලට අත් සේදීමේ පහසුකම්, ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ පහසුකම්, අත් පිරිසිදුකාරක දියර සහ මුහුණු ආවරණ ලබා දිය යුතුය. මේ සඳහා දැවැන්ත ලෙස අරමුදල් වෙන් කළ යුතුය. මේ සඳහා සියලුම පාසල්වලට අරමුදල් ලැබෙනු ඇතැයි පැවසිය නොහැක. එබැවින් අපි අදාළ පළාත් සභාවල අධ්‍යාපන අමාත්‍යාංශ හා කලාපීය අධ්‍යාපන කාර්යාල වෙත තොරතුරු ඉල්ලීම් යවා ඇත්තෙමු. මෙම ලිපිය අප විසින් ලියනු ලබන්නේ මෙතෙක් මේ සම්බන්ධයෙන් ලබා ඇති තොරතුරු පදනම් කරගෙන ය. මෙම ලිපියේ වවුනියා උතුර, වවුනියා දකුණු කලාප අධ්‍යාපන කාර්යාල සහ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු අඩංගු වේ.

වවුනියා දකුණු ප්‍රදේශයේ කලාපය යටතේ පාසල් 50 ක් 2020 නොවැම්බර් 23 වන දින විවෘත කරන ලදී. ඉහත සඳහන් සෞඛ්‍ය සේවාවන් සැපයීම සඳහා රුපියල් 559,300 ක් වැය කර ඇත. පහත රූපයේ 01 සහ 02 රූප සටහන් මඟින් වවුනියා දකුණු අධ්‍යාපන කලාපයේ පාසල් සඳහා වෙන් කර ඇති අරමුදල් ප්‍රමාණය පෙන්වයි.

       

Image 1                                                                                                                  Image 2

ප්‍රාථමික පාසල් හැරුණු විට වවුනියා උතුරු ප්‍රදේශ කලාප අධ්‍යාපනයේ පාසල් 31 ම 2020 නොවැම්බර් 23 වන දින නැවත විවෘත කරන ලදී. රු. 472,200 ක් ඉහත සඳහන් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා වියදම් කර ඇත. වවුනියා දකුණු අධ්‍යාපන කලාපයේ පාසල් සඳහා වෙන් කර ඇති අරමුදල් ප්‍රමාණය පහත  3, 3.1 සහ 3.2 රූප සටහන් මගින් දැක්වේ. 

Image 3

Image 3.1                                                                                  Image 3.2

මීට අමතරව, උතුරු පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රු. 10,095,760 ක් උතුරු පළාත් කලාපීය අධ්‍යාපනයේ පාසල් සඳහා සෞඛ්‍ය කටයුතු සඳහා යොමු කර ඇති බවට  4 සහ 4.1 රූප සටහන් සාක්ෂි දරයි.

           

      Image 4                                                                                      Image 4.1

හුදෙකලා ප්‍රදේශ හැර වෙනත් ප්‍රදේශවල නිවාඩු දිනෙන් පසු 2021 ජනවාරි 11 වන දින පාසල් නැවත විවෘත වූ බව ද සඳහන්කළ යුතුමය. තවද, සිසුන් මෙම සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්නේද යන්න අධීක්ෂණය කිරීම සහ ඔවුන්ගේ වැදගත්කම ඔවුන්ට පැහැදිලි කිරීම අභියෝගාත්මක කාරණා වේ.

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *