පුවත්

හෝමාගම මන්සදියට ඉරිදියේදී විසදුම්

By In

හෝමාගම යනු ඉතා කාර්යබහුල නගරයකි. එදිනෙදා රාජකාරි කටයුතු සඳහා බොහෝදෙනා මෙම නගරය පසු කරමින් ගමන් කරනු ලබයි. කොළඹ නගරයට ආසන්න පවතින මෙම නගරයයේ මංසන්දියේ විදුලි සන්යා පද්දතියක් නොතිබීම  රථවාහන තදබදයට මෙන්ම මෙම නගරය පසුකරමින් ගමන් කරන සියලු දෙනාගේ වැඩකටයුතු අපහසු කිරීමට හේතුවී තිබේ. උදැසන පාසල්යන දරුදැරියන්, රැකියාවන් සඳහා පිටත්ව යන්නන් ආදී සියලුදෙනා  මේ නිසා බොහෝ වෙලාවක් මාර්ග තදබදයට හසුවී තම කාලය කා දමන්නට සිදුව ඇත.මෙය ප්‍රදේශවසින්ටද මහත් හිසරදයක්ව ඇති කරුණක් බවට පත්ව ඇත.

මේ පිළිබද ප්‍රදේශවාසීන් විවිධ බලධාරීන් දැනුවත් කරනු ලැබුවත් මේ සඳහා ගනු ලබන පියවරක් පිළිබද විමසනු ලැබුවත් ඊට නිසි පිළිතුරක් ලබා ගැනීමට ඔවුනට නොහැකි විය. මේ අතරතුරේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් වූ ප්‍රදේශවාසී තරුණයෙක් විසින් හෝමාගම මංසධියේ විදුලි පද්ධතියක් දැනට ස්ථපනය නොකිරීම පිළිබද මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු නිලධාරියාගෙන් විමසන්නට විය.

දින සති ගත වෙද්දී මාර්ග සවර්ධන අධිකාරයෙන් මේ සඳහා පිළිතුරු එවන්නට විය. මෙහිදී ලැබුණු තොරතුරැ වලට අනුව දැනගන්නට වුයේ මෙම මංසධිය විදුලි සංයාමගින් පාලනය කරනු ලබන මන්සධියක් ලෙස සැලසුම්කොට ඇති බවත් මේ වන විට අදාළ සැලැස්ම ප්‍රකාරව ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඉහත අත්පත් කරගැනීමේ කටයුතු අවසන් වූ පසු හෝමාගම මන්සධිය වැඩිදියුණු කොට විදුලි සංයා පද්දතියක් ස්ථපනය කිරීමට කටයුතු කරනු ලබන බවයි.

හෝමාගම මන්සධිය ඉදිරිවැඩ පියවර පිළිබද ප්‍රදේශවාසීන් සතුටුවුවත් මිට අදාළ මෙම වැඩකටයුතු හැකි ඉක්මනින් ආරම්භකොට මෙයට ප්‍රදේශවාසීන්ට මෙන්ම හෝමාගම නගරය හරහා ගමන්කරනු ලබන සියලුදෙනාගේම ගමනාගමන පහසු කිරමට වැඩකටයුතු සලසුම්ක කරනු ඇතියි යන බලපොරතුවෙන් සියලුදෙනා බලාසිටි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *