පුවත්

සූර්ය බල සංග්‍රාමයේ දායකත්වය ප්‍රමාණවත් ද?

By In

2015 වර්ෂයේදී ආරම්භ කරන ලද සූර්ය බල සංග්‍රාමය වැඩ සටහන මෙරට පවතින විදුලිබල හිඟය සඳහා විසඳුමක් ලෙස ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකි. මෙරට වැඩි වශයෙන්ම  විදුලිය නිශ්පාදනය කරනු ලබන ජල විදුලි බලාගාරවල විදුලි නිශ්පාදනය අඩු වර්ෂාවක් සහිත කාලවලදී අවම වන අතර තාප විදුලිබලාගාර සහ ඩීසල් විදුලිබලාගාරද නිරන්තරයෙන් කාර්මික දෝෂයන්ට ලක්වේ.  මේ නිසා මෙම ක්‍රමවලට වඩා ස්ථාවර ක්‍රමවේදයක් ලෙස සූර්ය විදුලිබල උත්පාදනය කෙරෙහි අවධානය යොමු වී ඇත.

සූර්ය බල සංග්‍රාමය යටතේ ගෘහස්ථ මට්ටමින් සූර්ය විදුලිබල උත්පාදන ඒකක පිහිටුවීම හරහා ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය වැඩි කිරීමත් ඒ හරයා විදුලිබල හිඟයට සැළකිය යුතු විසඳුමක් ලබා ගැනීමත් අරමුණ විය. 2019 වර්ෂයේ මුල් භාගයේ මෙරට තුළ  විශාල වශයෙන් විදුලිබල හිඟය පැවැති අතර ඉදිරියේදීද එවැනි විදුලි කප්පාදුකිරීම් ඇතිවීමේ අවධානමක් පවතී. මෙම විදුලිබල හිඟයට 2015 දී ආරම්භ කරන ලද සූර්යබල සංග්‍රාමයෙන් සැළකිය යුතු මට්ටමේ දායකත්වයක් ලැබුණු බවක් දක්නට නොලැබිණි. මෙම තත්වය ඉදිරි වර්ෂවලත් පැවතිය හැකි නිසා ඒ සඳහා ඉදිරියේදී සූර්යබල ශක්තිය කෙතරම් දුරට දායක වන්නේද යන්න පිළිබඳව අප විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙත තොරතුතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් සිදු කරන ලදී.

අපගේ තොරතුරු ඉල්ලීම මඟින් විමසා සිටියේ සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ ඉදිරි වසරවලදී ජනනය කර ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තුවන විදුලිබල ධාරිතාව කොපමණද යන්නයි. එහිදී විදුලිබල මණ්ඩළය අපවෙත එවා ඇති තොරතුරු අනුව  වර්ෂය වනවිට මෙ. වො. 200ක් පමණ ජාතික පද්ධතියට එක්කර ගැනීමට හැකිවන බවයි. දීර්ඝකාලීන වශයෙන් 2025 වන විට තවත් මෙ. වො. 800ක් ජාතික පද්ධතියට එක්කර ගැනීමට අපේක්ෂා කරන බවට තොරතුරු ලබා දී ඇත.

කෙසේ වෙතත් සමකාසන්න රටක් ලෙස සූර්ය ශක්තිය ශ්‍රී ලංකාවේ ඉතා සාර්ථකව භාවිත කළ හැකි වුවත් දැනට මෙම ව්‍යාපෘතිය මඟින් ලැබී ඇති දායකත්වය අඩු බව පෙනීයයිග ඉදිරියේදී එම දායක්ත්වය උපරිම ලෙස ලබාගැනීම සඳහා කටයුතු කිරීම මඟින් විදුලිබල හිඟය අවම කරගතහැකි වනු ඇත.

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *