පුවත්

සංවර්ධනය නොවූ පාරට සංවර්ධනය ලඟා කල තොරතුරු පනත (මහනුවර)

By In

සර්පයන් ගැවසෙන ඝණ කැලෑව මැදින් වී ගෝනි හිස මත තබාගනිමින් එදාවේල සොයාගැනීම සඳහා ගමන් කරන, ගොවිතැනින් ජිවත් වන මිනිසුන් වෙසෙන කහඹිලියාව ප්‍රදේශයට අරුණැල්ලක් උදාවේද?

පාතහේවාහැට ලේකම් කොට්ඨාශයට අයත් කහඹිලියාව ගමේ සිට නීලවල ගම්මානයට පිවිසීමට හැකි පහසුම මාර්ගය වසර ගණනාවක් යන තුරුම පාගමනින් යාමටවත් නොහැකි ලෙස අබලන් තත්වයේ පැවතුණි. තම වී අස්වනු කොටාගැනීම සදහා වී මෝල වෙත ළගා වීමට ගම්වාසීන්ට භාවිතා කල හැකි ලෙහෙසිම මාර්ගය වනුයේ මෙයයි. ඒ නිසාම ඉතාම අපහසුවෙන් වුවත් වි ගොනි හිසමත තබා ගෙන වී කොටාගැනීමට ගම්වාසීන් මෙම මාර්ගය ඔස්සේ දුෂ්කර ගමනක යෙදිණි. මේ පිළිබඳව කීපවතාවක්ම බලධාරීන් දැනුවත් කළද ඊට නිසි පිලිතුරක් නොලැබුණි.

ප්‍රදේශයේ ජනතාව මෙම දුෂ්කරතා පිලිබඳ කෙතරම් පැමිණිලි, මැසිවිලි කළද එයට ඇහුම්කම් දීමට කිසිවෙකු නොවිය. මේ අතරතුරේදී තොරතුරැ දැනගැනීමේ පනත ගැන දැනගන්නට ලැබුණු ගම්වැසියෙකු විසින් ඒ පිළිබඳ ලොකු බලාපොරාත්තුවක් නොවූව ද, තම දුක්ගැනවිල්ල පිළිබඳ තොරතුරු අයදුම්පතක් ඔස්සේ අදාළ නිලධාරින්ගෙන් විමසා සිටින්නට විය. සතිකීපයක් ගතවෙත්ම තොරතුරු අයදුම්පතට පිළිතුරු ලිපියක් ඔවුන් වෙත ලැබිණි. නමුත් එහි වූ පිළිතුර නම් එතරම් සුභදායක නොවී ය. එහිවුයේ මෙම මාර්ගයට අදාළ මුදල් ප්‍රතිපාදන වෙන් වී නොමැති බවත් ප්‍රතිපාදන වෙන්වූ වහාම ඒ සදහා අවශ්‍ය පියවර ගනු ලබන බවත්ය. තමන්ට ලැබෙන සුපුරුදු පිළිතුරම මේ ඔස්සේ ලබාගත් ඔවුන් ඒ බලාපොරත්තුවද අතහැරගන්නට විය.

සති කිහිපයකින් ගම්වැසියන්ගේ සිත් වලට නව බලාපොරත්තුවක් එක් කරමින් මෙම මාර්ගය පිළිසකර කිරීමට අවශ්‍ය ගල් වැලි ගෙනවිත් දැමීමට බලධාරීන් පියවර ගත්හ. කාලයක් තිස්සේ කිසිදු පියවරක් නොගත් මෙම මාර්ගය පිළිසකර කිරීමට අවශ්‍ය ගල්වැලි ගෙනවිත් දැමීමම ගම්වාසීන්ට සතුටට කරුණක් වේ. නමුත් තවම මේ මාර්ගයේ පිළිසකර කිරීම ආරම්භ කොට නැත. මෙය මාර්ගය පිළිසකර කිරීමට අවශ්‍ය ද්‍රව්‍යගෙන විත් ගම්මුන්ගේ සිත සතුටු කිරීමක් පමණක්වේද? නතිනම් මෙය සැබවින්ම මාර්ගය පිළිසකර කිරීමටද? යන්න පිළිබඳ ගම්වාසීන් සියල්ල විමසිල්ලෙන් බලාසිටි. කෙසේ නමුත් මෙසේ මාර්ගයට අවශ්‍ය ද්‍රව්‍යගෙන එම හෝ සිදුවුයේ තොරතුරු පනත නිසා බව ගම්වාසීන්ගේ විශ්වාසයයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *