පුවත්

විදේශ රැකියා ලබාදෙන නීති විරෝධී ආයතන සම්බන්ධයෙන් පසුගිය 2020 වසර තුළ දී පැමිණිලි 172 ක් ලැබිලා

By In

වැටලීම් 25 කදී අත්අඩංගුවට ගෙන ඇති පිරිස සමිබන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග

රාහුල්  සමන්ත හෙට්ටිආරච්චි 

විදේශ රැකියා ලබාදෙන නීති විරෝධී ආයතන සම්බන්ධයෙන් පසුගිය 2020 වසර තුළ දී පැමිණිලි 172 ක්  ලැබි ඇති බවත් බවත් එම පැමිණිලිවලට අදාළ වැටලීම් 25 ක් සිදුකොට පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තොරතුරු දැනගැනීමේ අයදුම්පත් මගින් විදේශසේවා නියුත්ති  කාර්යාංශයෙන් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වේ. 

අත්අඩංගුවට ගෙන ඇති  එම පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද එම තොරතුරු මගින් අනාවරණය වේ.

  මේ වනවිට ලංකාවේ බොහොමයක් නීති විරෝධී  විදේශ රැකියා ලබාදෙන ස්ථාන මගින් විදෙස් ගතවන ශ්‍රමිකයින් පිලිබඳ නිසි වගකීමක් සොයා බැලීමක් සිදු නොවන පසු බිමක ඔවුන් විවිධ ගැටළු සදහා  මුහණ දීමට සිදුව තිබේ. එවන් පසුබිමක විදෙස් ගත වන්නන්ද ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වියයුතු බව විදේශසේවා නියුත්ති  කාර්යාංශයේ නිලධාරියෙකු කියා සිටියේය.

  එමෙන්ම පැමිණිලි ලැබුණු අනෙකුත් විදේශ රැකියා ලබාදෙන ස්ථාන පිලිබදව සෙවීමටද මේ වනවිට පරීක්ෂණයක් ආරම්භකර තිබෙන බවත් එම ආයතනද වරදක් කර තිබේනම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම නිලධාරියා කියා සිටියේය.

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *