පුවත්

විද්යාුර්ථයන් අතරමං කරන බාහිර උපාධි සිහිනය

By In

ආසියානු රටවල් වලට සාපේක්ෂව ඉහළ සාක්ෂරතාවයක් හිමිකරගෙන තිබීම ශ්‍රී ලංකිකයින් වශයෙන් සැබවින්ම අපට අභිමානයකි. වසරකට පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවයි. අ.පො.ස සාමාන්‍ය පෙළ කඩයිමෙන් ජයග්‍රහණය කර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලැබෙන්නේ ඉන් සුළු පිරිසකට වන අතර එයිනුත් උ.පෙළ සමත්වී සරසවි වරම් ලබාගන්නේ ඉතා අතලොස්සකි. ඉවතට යන ලක්ෂ 2 කට අසන්න තරුණ ප්‍රජාව අතරින් ඉතා සුළු ප්‍රමාණයක් විද්‍යාපීඨ අධ්‍යාපනය සදහා තේරීපත් වන අතර අතිරික්තය පුද්ගලික හෝ බාහිර උපාධි අධ්‍යපානය හෝ වැඩ ලෝකය සදහා පිවිසෙයි.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පුද්ගලික අධ්‍යාපනයට යොමු නොවී බාහිර උපාධි අධ්‍යාපනය සඳහා යොමුවී ඇති සිසුන්ට අත්වී ඇති සිසුන්ට අත්වී ඇති ඉරණම සැබවින්ම කණගාටුදායකය.

ලංකාවේ දැනට රුහුණ, ජයවර්ධනපුර, කැලණිය, පේරාදෙණිය සහ පාලි යන විශ්වවිද්‍යාල වල බාහිර උපාධි පිරිනැමුවද, 2014 අධ්‍යාපන වර්ෂයේදී කැලණිය විශ්ව විද්‍යාලය මගින් බාහිර උපාධි විද්‍යාර්ථයින් ලියාපදිංචි කර වසර දෙකකට අධික කාලයක් යන තුරුම පළමු පරික්ෂණයවත්නොපැවැත්විම නිසා සිසුන්ට මුහුණදීමට සිදුවූ දුෂ්කරතා අසීමිතය.

තත්ත්වය එසේ වුවද 2018 වර්ෂයේ පරීක්ෂණය පවත්වාගෙන යාමට දැක්වූ සහයෝගය ප්‍රශංසනීයයි.

ඉහත ගැටළුකාරී තත්ත්වය 2015 අධ්‍යාපන වර්ෂයේ සිසුන්ටද මුහුණදීමට සිදුවේය යන චකිතය සෑම විද්‍යාර්ථයෙකුටම පොදුවූ දෙයකි.

මෙහි සැකහැර ගැනීම උදෙසා 2015 අධ්‍යනය වර්ෂයේ ලියා පදිංචි එල්. එම් රූපසිංහ විසින් මුහුණදීමට ඇති විෂයන් පිළිබද, ප්‍රථම පරීක්ෂණ ආදී වූ ගැටළු නිරාකරණය කරගැනීම උදෙසා සමස්ථවිද්‍යාර්ථයින් නියෝජනය වන පරිදි 2016 අංක 12 තොරතුරු දැනගැනීමේ පණතට අනුව ඉල්ලීමක් කළා ය. ඇය විසින් විශ්ව විද්‍යාලයට යොමු කරනු ලැබූ තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පත්‍රයට අනුව ඇය අපේක්ෂා කළ පරිදි සමස්ථය මුහුණදී තිබෙන ගැටළු වලට පිළිතුරු ලිපියක් මගින් ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයට උසස් ප්‍රශංසනීයතත්වයක් හිමිකරදිය යුතුය.

එහිලා වූ පිළිතුරු වලට අනුව සෑම විද්‍යාර්ථයෙකුගේම බලාපොරාත්තු ඉටුකරමින් අදාළ ක්‍රියාමාර්ග යුහුසුළුව ක්‍රියාවට නගතියැයි ඔවුන්ගේ බලාපොරාත්තුවයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *