පුවත්

වැය වැඩි අය අඩු රන්මිණිතැන්න

By In

“රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය” යනු ලංකාවේ සිනමාව ටෙලි කර්මාන්තය  වෙනුවෙන් ලංකාවේ ඉදි වූ සිනමා ගම්මානයයි. මෙය සිනමාවේ උන්නතිය වෙනුවෙන් මෙරට බිහිවූ විශාලතම සිනමා ගම්මානය ලෙසට දැක්වීම වරදක් නැත.. නමුත් අද වන විට මෙයින් නිසි ප්‍රයෝජනයක් ලබා ගන්නේද යන්න ගැටළුවකි. සිනමාවේ වර්ධනයට මහත් රුකුලක් වේ යැයි  බලාපොරොත්තුවෙන් ඉදි වූ මෙම සිනමා ගම්මානය සඳහා ඉතා අධික වියදමක් දරා ඇත. 2010 වසරේ ඉරිකෙරුණු මෙම සිනමා ගම්මානය ඉදිකිරීමට මිලියන හයසිය තිහකට අධික මුදල් ප්‍රමාණයක්  වැය වි ඇත. මෙහිදි මෙය ඉදිකිරීම් අදාල මුලික වියදම ලෙස රුපියල් 31,822,874.70 මුදලක් වේ.

2010 වසර සිට 2018 දක්වා කාල පරාසය තුල මේ වන විට රන්මිණිතැන්න සිනමා ගම්මානයේ ටෙලි සිනමා 19 ක් සහ චිත්‍රපට 14 ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. රන්මිණිතැන්න සිනමා ගම්මානයෙන් වැඩිම අදායමක් ලද ඇති වර්ෂය වන්නේ 2014 වර්ෂයයි. එම වසරේදී  ඔවුන් රුපියල් 20,857,203.08 ක අදායමක් ලබාගෙන ඇත. කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ලබා ගත්  තොරතුරු අනුව රන්මිණිතැන්න සිනමා ගම්මානයෙන් ලබාගත් මුළු අදායම මෙහි ඉදිකිරීම් කිරීමට වැය වූ වියදම පියවීමට සමත් වී නොමැති බව තහවුරු වී ඇත. මෙසේ නිකරුනේ විනාශ වන්නට නොදී ඒ සම්බන්ධව නිසි පියවර ගැනීමට අදාළ බලධාරීන් පියවර ගන්නේනම් එහි නිසි ප්‍රයෝජන සිනමාවට මෙන්ම රටටද ලබා ගැනීමට හැකි වේ.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *