Uncategorized, පුවත්

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නියෝග කළේය.

By In

චාමර සම්පත්

තොරතුරු දැනගැනීමේ පනතට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු ඉල්ලීම්ක් ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් වූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ තීන්දුව ලබාදෙමින් එම කොමිසම මෙම නියෝගව ලබාදුනි. මෙම අභියාචනය සඳහා වසර 02කට වැඩි කාලයක් ගතවීමද විශේෂත්වයකි.

තොරතුරු ඉල්ලීම

2018 වර්ෂයේ තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය සහ 2010 වර්ෂයේ සිය මේ වනතෙක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛන වෙන වෙනම ලබාදෙන ලෙස  අද  පුවත්පතේ මාධ්‍යවේදී චාමර සම්පත් විසින් 2018.06.21වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත තොරතුරු ඉල්ලීමක් යොමු කළේය.

ඉල්ලීම ප්‍රතික්ශේප කිරීම

එම තොරතුරු ලබාදිය නොහැකි බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇති  අතර, වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය අනුව කථානායකවරයාට එම ඉල්ලීම යොමු කළ යුතු බවද සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් %අද^ පුවත්පතේ මාධ්‍යවේදියා විසින් පාර්ලිමේන්තුවේ නම් කළ නිලධාරියා වෙත අභියාචනා කර ඇති අතර, ඉහත කාරණයම සඳහන් කරමින් එම තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

අභියාචනය

අවස්ථා දෙකකදී මෙම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ශෙප කිරිම හේතුවෙන් ඔහු මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත 2018.09.11 වැනි දින අභියාචනයක් ඉදිපත් කර ඇත. තමා ඉල්ලු තොරතුරු සහ අදාල පොදු අධිකාරිය (පාර්ලිමේන්තුව) එම තොරතුරු ප්‍රතික්ශේප කරමින් ප්‍රකාශ කර ඇති කාරණා පිළිබඳ සඳහන් කරමින් ඔහු සිය අභියාචනය කොමිසම වෙත යොමුකර ඇත.

තමා ඉල්ලා සිටිනුයේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නොව අදාළ කාල සීමාව තුළ වත්කම් බැරකම් ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය බවත්, එය ඉල්ලා දෙන ලෙස නියෝගයක් පාර්ලිමේන්තුවට නිකුත් කරන ලෙසත් හෙතෙම තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරමින් ඉල්ලීම් කර තිබේ.

අභියාචනය විභාගයට ගැනීම

තොරතුරු කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මම්පිල සහ කොමිෂන් සභාවේ සාමාජිකයින් වන, ජේෂ්ඨ නීතිඥ කිෂාලී පින්ටෝ ජයවර්ධන, ජේෂ්ඨ නීතිඥ එස් ජී පුංචිහේවා , විනිසුරු රෝහිණී වල්ගම යන පිරිස ඉදිරියේ අභියාචනය සලකා බැලීමට ලක්කර ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 3(1) වගන්තියට ප්‍රකාරව ඉල්ලා ඇති තොරතුරු පොදු අධිකාරිය “සන්තකයේ, භාරයේ හෝ පාලනයේ” පවතියි නම්, පොදු අධිකාරිය විසින් එම තොරතුරු එම පනතේ 5(1) වගන්තියේ විස්තර කර ඇති ව්‍යතිරේකයන්ට යටත්ව නිකුත් කළ යුතුව ඇති බව තොරතුරු කොමිෂන් සභාව මෙහිදී සඳහන් කර ඇත.

1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියේ 4(ආ) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු කථානායකවරයා වෙත ඉදිරිපත්කරයි. එසේ උවද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ  3(1) වගන්තිය ප්‍රකාරව , ඉල්ලා ඇති තොරතුරු පොදු අධිකාරිය “සන්තයේ“, “භාරයේ“ හෝ “පාලනයේ“ පවතීනම් පොදු අධිකාරිය විසින් එම තොරතුරු 5(1) වගන්තියේ විස්තරකර ඇති ව්‍යතිරේකටන්ට යටත්ව නිකුත් කළ යුතුව ඇත. මෙම කරුණු සම්බන්ධයෙන් තොරතුරු කොමිසමේ අවධානය දැඩි ලෙස යොමුවිය

පාර්ලිමේන්තුවේ ( පොදු අධිකාරියේ) තර්කය

 වත්කම් බැරකම් සම්බන්ධ තොරතුරු කථානායකවරයා භාරයේ ඇති අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම්කාර්යාලයේ නොමැති බව මෙම අභියාචනයේ එක් අවස්ථාවකදී පාර්ලිමේන්තුව නියෝජනය කළ නිළධාරීන් දැන්වීය.

එහිදී තොරතුරු කොමිසමේ  පෙන්වා දුන්නේ පොදු අධිකාරිය පාර්ලිමේන්තුව සතුව එම තොරතුරු තිබේද නොතිබේද යන්න පිළිබඳව සොයාබැලිය යුතු  බවත් එහි අභ්‍යන්තර ආයතන සම්බන්ධයෙන් වෙන වෙනම සදහන් කිරීම අවශ්‍ය නොවන බවය.

 ඒ අනුව පාර්ලිමේන්තුව නැමති පොදු අධිකාරිය තුළ “සන්තයේ“, “භාරයේ“ හෝ “පාලනයේ මෙම තොරතුරු ඇති බව අනාවරණය විය.

අනතුරුව මෙම තොරතුරු ඉල්ලා සිටීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ අදහස ලබාගත යුතු බව පාර්ලිමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වු නිළධාරීන් ප්‍රකාශ කරන ලදී.

තොරතුරු නිළධාරියා ලෙස හා නම් කළ නිළධාරියා ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්කාර්යාලයේ නිළධාරීන් පත්කර ඇති අතර පුරවැසියකු ඉල්ලා සිටින තොරතුරු සැපයීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ උපදෙස් ලබාගැනීම අවශ්‍ය නොවන බවත් ඔවුන් ගෙන ආ තර්කය මෙහිදී අදාල නොවන බවද තොරතුරු කොමිසම මෙහිදී සඳහන් කළේය.

අනතුරුව මෙම තොරතුරු (වත්ක්ම් බැරකම් ප්‍රකාශ) පිළිබඳ පාර්ලිමේන්තුවේ නම්කළ නිළධාරියා සහ තොරතුරු නිළධාරියා සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය දැනුවත් උවද වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය යටතේ අදාළ ප්‍රකාශන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාට යොමුකරන බැවින් පාලනයක් මහ ලේකම් සතුව නොමැති බව සඳහන් කරන්නට විය.

තොරතුරු පනත සහ ආණ්ඩුම ව්‍යවස්ථාව සඳහන් කර ඇති ආකාරයට පොදු අධිකාරියේ පරිපාලනමය විධිවිධාන තොරතුරු දැනගැනීමේ පනතට අනුකූලව සිදුකිරීම කළයුතු අතර  එම ව්‍යවස්ථාපිත යුතුකම සපුරාලීමේදී පැහැදිලි පරිපාලන විෂමතාවයක් සිදුව ඇති බව මෙසහිදී තොරතුරු කොමිසම විසින් පාර්ලිමේන්තුවට දැන්වීය.

තීන්දුව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන පොදු අධිකාරිය සතුව මෙම තොරතුරු ඇති බව අවිද්‍යාත්මකව තීරණය කරනු ලබන බවද තොරුතුරු කොමිෂන් සභාව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව අභියාචනය ඉදිරිපත් කළ මාධ්‍යවේදියා විසින් ඉල්ලා ඇති තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට නියෝග කර ඇත.

වසර දෙකක කාලයක් ගතවීම

මෙම නියෝගය ලබාදීම සඳහා වසර දෙකකට වැඩි කාලයක් ගත වූයේ එවකට අග්‍රාමාත්‍යවරයාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ හෙළිදරව් කරන ලෙස කොමිෂන් සභාව මීට පෙර ලබාදුන් නියෝගයක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම විභාග කර අවසන් වනතුරු සිටීමට සිදු වූ හේතුවෙන් බවත්, ඒ සඳහා දෙපාර්ශ්වයම එකඟ වූ බවත් තොරතුරු කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම අභියාචනයට වසර දෙකකුත් මාස තුනකට වැඩි කාලයක් ගත වී ඇති බැවින් මෙම නියෝගය නිකුත් කරන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිටු 26කින් යුතු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් පෙබරවාරි 03වැනිදා නිකුත් කළ තීන්දුව චාමර සම්පත් එදිරිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව RTIC Appeal No 719/2019 ප්‍රකාශයට පත් කර තිබේ.

නඩු වාර්තාව මෙතනින් බාගත කරගන්න.

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *