අද ඇමෙරිකානු ඩොලරයේ අගය කීයද?
අද රටේ ඩොලර් සංචිතය කීයද?
දැනට තියෙන විදේශ මුදල් සංචිත තව සති කීයකට ඇති වෙයි ද?
මේ, මේ වනවිට අප බොහොමයක් දෙනා හට දෛනිකව සිහියට නැගෙන ගැටලු ය.
වර්තමානයේ අපගේ රට මුහුණපා සිටින උග්‍ර ආර්ථික අර්බුදය විසඳාගැනීමට කටයුතු කළ යුතු බව සහ අප මුහුණ පා ඇති සමාජීය ව්‍යසනයන් ගෙන් නිරුපද්‍රිතව මිදීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බව මේ දිනවල රාජ්‍යතාන්ත්‍රික කතිකාවන්වල වැඩි වශයෙන්ම සඳහන් වන කරුණයි.
රටේ පැවති විදේශ සංචිත වලට සිදු වූයේ කුමක් ද? ඒවා වියදම් කළේ කුමන ආකාරයට ද?
ඒවායින් ආයෝජන සිදු කර තිබේ ද?
මේ පිළිබඳ සොයාබැලීම සඳහා අප විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කරන ලදී. ඒ සඳහා ඔවුන් දක්වන ලද ප්‍රතිචාරය පහතින් දැක්වේ.