පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

By In

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝගයක් නිකුත් කර ඇත.

මාධ්‍යවේදී රාහුල් සමන්ත යොමුකළ අභියාචනයක් විභාගයට ලක්කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව මෙම නියෝගය නිකුත් කර තිබේ.

මාධ්‍යවේදියා විසින් 2025 වසරේ ජනවාරි මාසයේදී ජනාධිපති කාර්යාලයෙන් ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලය සහ වෙන්කර ඇති වාහන පිළිබඳ මෙම තොරතුරු ඉල්ලා ඇති අතර ඒසදහා තොරතුරු ලබාදීම ජනාධිපති කාර්යාලයෙන් සිදුකර නොමැත. මේ හේතුවෙන් රාහුල් සමන්ත මාධ්‍යවෙදියා විසින් කොමිෂන් සභාවට අභියාචනා කර ඇති අතර දීර්ඝ අභියාචනයකින් පසුව මෙම තීන්දුව ලබාදී ඇත. එහිදී කොමිෂන් සභාව විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමට  ජනතාවට ඇති අයිතිය පිළිබඳව කරුණු දක්වා ඇති අතර ඒ මෙසේය,

“රජය සතු මෙන්ම විශාල වශයෙන් මහජන අවධානයට ලක් වු වාහන එකතුවක එක් එක් වාහන කුමන රාජ්‍ය ආයතනවලට වෙන් කර තිබේද යන්න දැනගැනීමේ අයිතිය පුරවැසියන්යට ඇති බව කොමිෂන් සභාව පිළිගනී”

ඒ අනුව අදාළ තොරතුරු ජනවාරි 31 දිනට ප්‍රථම මුදාහරින ලෙස කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයට නියෝග කර තිබේ.

අදාළ නියෝගය සහිත සම්පුර්ණ වාර්තාව මෙතැනින් කියවන්න

පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In
පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *