පුවත්

රේගුව කෝටි තිස් එකක කහ අත් අඩංගුවට අරන්!

By In

සුළු අපනයන බෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්‍ෂා කිරීම හා දිරිමත් කිරීමේ අරමුණු කොටගෙන  ගම්මිරිස් , කරුංකා , සියඹලා ඇතුළු මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් ,  2019 දෙසැම් බර් මස 05 වන දා මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.  පසුගිය සමය තුළ වෙළඳපොලෙහි උග්‍ර හිඟයක් ඇති වූ ‘කහ’ ද ගැසට් නිවේදනයේ ඇතුළත් භෝග අතරට අයත් විය​.  අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු කාලසීමාව තුළ ආනයත තහනම නොතකා මෙරටට ගෙන්වන ලද කහ තොග ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන සිය භාරයේ රඳවාගැනීමක් සිදු කරන ලදී. 

ඒ අනුව එම කහ තොග පිළිබඳ විමසීම සඳහා අප විසින් 2021.02.10 වන දින ශ්‍රී ලංකා රේගුව වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කෙරිණි. එම තොරතුරු අයදුම්පත්‍රය සඳහා 2021.03.13 වන දින  ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රේගුවෙහි මධ්‍යම භාණ්ඩ පරීක්‍ෂණ අංශය සහ මධ්‍යම විමර්ශන අංශය විසින් අප වෙත ඉදිරිපත් කර ඇති තොරතුරු පහත පරිදි වේ.

ප්‍රමාණය – කිලෝග්‍රෑම් වටිනාකම – රුපියල් ගෙන ඇති නීතිමය පියවර 
9,9503,578,852.00රාජසන්තක කර රු.100,000ක දඩ මුදලක් නියම කර ඇත.
5,0201,227,541.00රාජසන්තක කර රු.750,000ක දඩ මුදලක් නියම කර ඇත.
5,9751,460,990.00රේගු විමර්ශනය සිදු වෙමින් පවතී.
2,750672,600.00රාජසන්තක කර රු.150,000ක දඩ මුදලක් නියම කර ඇත.
5,1121,335,907.00රාජසන්තක කර  ඇත.
6,050.91,502,000.00රේගු විමර්ශනය සිදු වෙමින් පවතී.

ඒ අනුව, ආනයන තහනමෙන් පසු අත් අඩංගුවට ගත් කහ ප්‍රමාණය  ශ්‍රී ලංකා රේගුවෙහි මධ්‍යම විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇති කහ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 903,854.50 ක් බව ඔවුන් දන්වා සිටියි. පසුගිය මාර්තු මස 10 වන දින, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙහි තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ජනමාධ්‍යවේදී සංසඳයේ සාමාජිකාවක්

වන ඩී. ජයසේකර විසින් මෙම ගැටළුව සම් බන්ධයෙන් සම්පාදනය කර ඇති ලිපියට අනුව 2020.10.31 වන දින වන විට ශ්‍රී ලංකා රේගුවෙහි මධ්‍යම භාණ්ඩ පරීක්‍ෂණ අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබූ කහ තොගය කිලෝ ග්‍රෑම් 897,854.50 කි. මේ අනුව 2020.10.31 දින සිට 2021.02.10 වන දින දක්වා කාලය අතරතුර අත් අඩංගුවට ගෙන ඇති කහ ප්‍රමාණය කිලෝ 6,000 කි.  2021.02.10 වන විට මධ්‍යම භාණ්ඩ පරීක්‍ෂණ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබූ කහ කිලෝ 903,854.50 හි සමස්ත වටිනාකම රුපියල් 314,317,237.09 කි. (තිස් එක් කෝටි හතළිස් තුන් ලක්‍ෂ දාහත් දහස් දෙසිය තිස් හතයි ශත නමයයි) 

තහනමින් පසු මධ්‍යම විමර්ශන අංශය විසින් 52 වතාවක දී මෙසේ කහ අත් අඩංගුවට ගෙන ඇති අතර නීත්‍යනුකූල නොවන ලෙස මෙරටට කහ ආනයනය කළ ආයතන සහ පුද්ගලයින් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් කර ඇත.  එම ආයතන සහ පුද්ගලයින් ගේ ලැයිස්තුවක් ලබාදෙන මෙන් අප තොරතුරු අයදුම්පත ඔස්සේ කළ ඉල්ලීම ඔවුන් විසින් තොරතුරු දැනගැනීමේ පනතෙහි 5(1) වගන්තිය ප්‍රකාරව ප්‍රතික්‍ෂේප කර ඇත​.

මෙම කහ තොග සඳහා ගන්නා ලද නෛතිකමය පියවරයන් පිළිබඳ අප විසින් සිදු කළ විමසීමේ දී ඔවුන් සඳහන් කර එවා ඇත්තේ ඒ සඳහා රේගු ආඥා පනතට අනුව කටයුතු කර​, එය රේගුවට ප්‍රකාශ නොකරන ලද කහ තොග රාජසන්තක කර ඇති බවත්, ඇතැම් කහ තොග රේගු පරීකක්‍ෂණයෙන් පසු ප්‍රතිඅපනයනයට අවසර දී ඇති බවත් ය​. එයට අමතරව ඇතැම් කහ ආනයනයන් පිළිබඳව අභියාචනාධිකරණයේ නඩු ගොනු කර ඇති බව ද දන්වා එවා ඇත.  

මෙයට අමතරව 2021.02.10 වන දින දක්වා ශ්‍රී ලංකා රේගුව විසින් කිසිදු කහ තොගයක් විනාශ කර නොමැති බව ද සඳහන් කර ඇත​. 

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *