පුවත්

මෙරට විශ්‍රාම වැටුප් ලාභීන් ලක්‍ෂ හයහමාරක්

By In

රටක ආර්ථිකය සාරවත් කරගැනීම උදෙසා රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය යන දෙපාර්ශවයේ ම දායකත්වය ඉතා වැදගත් වේ. එහෙත් රැකියා සඳහා යොමු වීමේ දී පුද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශයේ රැකියාවක් සඳහා බොහෝ දෙනෙකුගේ වැඩි ආකර්ෂණයක් පවත්නා බව දෘෂ්‍යමාන වේ. විශේෂයෙන් රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් හිමිකම සහිත රැකියා අවස්ථා සඳහා ඇත්තේ ඉතාමත් ඉහළ ඉල්ලුමකි. මෙයට මාස කිහිපයකට පෙර පවත්නා රජය විසින් උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ වැඩසටහනෙහි දී පුද්ගලික අංශයට සේවය කිරීමට අපේක්‍ෂාවෙන් සිටි සහ පුද්ගලික අංශයේ දැනටමත් සේවයෙහි නියුතුව සිටි පිරිස් සැළකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය අංශයට සම්බන්ධ වීමට වැඩි උනන්දුවක් දැක්වීම එයට නිදසුනක් වශයෙන් පෙන්වා දිය හැකි ය. 

ඒ අනුව මෙරට රාජ්‍ය අංශයෙහි සේවය කොට, මේ වන විට විශ්‍රාම වැටුප් ලබන පිරිස කොපමණ ප්‍රමාණයක් සිටින්නේ ද යන්න අන්වේෂණය කරගැනීම සඳහා අප විසින් 2020.09.09 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කරන ලදී.

ඉන් අප විමසා සිටියේ 2020.09.10 දින වන විට මෙරට විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් කියන පිරිස කොපමණක් වන්නේ ද යන්නයි. එයට පිළිතුරු වශයෙන් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඒ වන විට මෙරට විශ්‍රාමිකයින් 651,120 දෙනෙකු (හය ලක්‍ෂ පනස් එක්දහස් එකසිය විසිදෙනෙකු) විශ්‍රාම වැටුප් ලබාගන්නා බවයි. එසේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ දී අදාළ පුද්ගලයා ; ඔහු/ඇය විශ්‍රාම ගැනීමේ දී සේවය කළ තනතුරෙහි තරම සහ එයට අදාළව ලබාගත් වැටුප් පරිමාණය මත විශ්‍රාම වැටුප තීරණය  වන බව ද අනාවරණය කර ඇත. එක් එක් වැටුප් පරිමාණය අනුව විශ්‍රාම වැටුප වෙනස් වන්නේ කෙසේද යනුවෙන් කළ විමසුම සඳහා ලබා දී ඇති පිළිතුර වූයේ එවැනි තොරතුරු ඔවුන් විසින් නඩත්තු කිරීමක් සිදු නොකරන බවයි.

එයට අමතරව, 1970 වසරේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු අඛණ්ඩව මෙරට විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ලබා දී ඇති අතර, ඊට පෙර කාලසීමාවේ දී විශ්‍රාම වැටුප් ගෙවීමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන නොමැති බව ද ඔවුන් පෙන්වා දී ඇත.

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *