පුවත්

පෙනෙන තරම් සොඳුරු නැති උඩගලදෙබොක්ක ජන ජීවිතය​

By In

සොබා සෞන්දර්යයෙහි අසිරිය සොයා යන්නන් හට සුන්දර “උඩගලදෙබොක්ක​” ග්‍රාමය අමතක කළ නොහැකි ගමනාන්තයකි. මහනුවර දිස්ත්‍රික්කයේ, මිනිපේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාල බලප්‍රදේශයට අයත් උඩගලදෙබොක්ක, සංචාරක – ගවේෂකයින් ගේ නොමඳ අවධානය පැහැරගන්නා ආකාරයේ ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ගම් පියසකි. එහෙත් එහි පෙනෙන සුන්දරත්වය එහි දිවි ගෙවන්නන් ගේ ජීවිත තුළ කිසිසේත් ම ගැබ් වී නොමැති බව පැවසුවහොත් එය විශ්වාස කළ හැකි වේ ද​?  

එහෙත් සත්‍යය වශයෙන් ම වසර 2022 වන විටත් රාත්‍රියට හරි හැටි බල්බයක් දල්වාගැනීමට තරම් වත් විදුලිය නොමැති, හදිසි අවස්ථාවක රෝහලකට යාමට හෝ වාහනයක් පැමිණීමට හැකි තරම්  මං මාවත් පද්ධතියක් නොමැති, උසස් පෙළ දක්වා වත් ඉහළට ඉගෙන ගැනීමට හැකියාවැති පාසලක් නොමැති, කොයි මොහොතේ වන සතුන් ගේ පහරකෑම් වලට ලක් වේ දැයි බියෙන් ජීවත් වීමට තරම් දුෂ්කර ජීවන රටාවක් යට කී සුන්දරත්වයෙන් වැසී පවතී. 

මෙම දුෂ්කරතා මධ්‍යයෙහි වර්තමානය වන විට උඩගලදෙබොක්ක ග්‍රාම නිලධාරී වසමෙහි පවුල් 36 ක් ජීවත් වේ. එහි වසන ඡන්ද හිමි ඡන්ද දායකයින් ප්‍රමාණය 72ක් බව අප විසින් මිනිපේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය වෙත යොමු කරන ලද තොරතුරු දැන ගැනීමේ ඉල්ලුම්පත්‍රය සඳහා පිළිතුරු සපයමින් ඔවුන්  සඳහන් කර එවා ඇත. එම ඉල්ලුම්පතෙහි ම මෙම ප්‍රදේශයෙහි පවත්නා අනෙකුත්; බලශක්ති සහ මාර්ග සම්බන්ධ ගැටලු පිළිබඳව ද  අප විමසීමක් කළ අතර ඒ සඳහා පහත ආකාරයේ පිළිතුරු ලැබී ඇත.  

එනම් මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් 2020 “සපිරි ගමක්” සංවර්ධන වැඩසටහන් යටතේ රුපියල් මිලියන 02ක් වැය කරමින් උඩගලදෙබොක්ක ග්‍රාමයට පිවිසීමට ඇති මාර්ගය සංවර්ධනය කර ​ඇති බව සහ 2022 වර්‍ෂයේ “ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ උඩගලදෙබොක්ක ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 03 ක මුදලක් අනුමත වී ඇති බවත් ය​. ග්‍රාමයට ඇතුල් වීමේ ප්‍රවේශ මාර්ග සංවර්ධනය සඳහා රජය විසින් අවධානය යොමු කළ ද ගම අභ්‍යන්තරයේ වන මාර්ග සංවර්ධනය කිරීම සඳහා මේ වන විටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක  කර නොමැති බව ද සඳහන් කර එවා ඇත​. 

මෙයට අමතරව උඩගලදෙබොක්ක, ගලමුදුන, සහ මැදකැලේ යන ගම්මාන සඳහා විදුලි බලය සැපයීම වෙනුවෙන් ජාතික විදුලි ජාලයෙන් බැහැරව විදුලිය සැපයීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් කටයුතු කරමින් පවතින බවත් මේ වන විට ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගෙන කොන්ත්‍රාතුව පිරිනමා ඇති බවත් විදුලිබල අමාත්‍යංශය විසින් දන්වා එවා ඇති අතර, ඔවුන් සඳහන් කළ පරිදි  2022.01.12 වන දින වන විට උඩගලදෙබොක්ක ගම්මානය සඳහා 25 kWp ධාරිතාවයකින් යුත් සූර්‍ය විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කර එවා ඇත. 

එම වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳ විමසා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත අප විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු විමසීමක් මේ වන විටත් සිදු කර ඇති අතර ඒ පිළිබඳ පසු ලිපියකින් දැනුවත් කිරීමට අපේක්‍ෂා කරමු. 

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *