පුවත්

පුරවැසියෙකුට ඔනෑම පොදු අධිකාරියකින් තොරතුරු ලබා ගත හැකි බව ඔබ දන්නවාද​?

By In

දශක දෙක්කට ආසන්න කාලයක සිට කරන ලද නොයෙක් ආකාරයේ අරගල වල ප්‍රතිඵලයක් වශයෙන් 2017 වසරේ දී  තොරතුරු දැනගැනීමේ අයිතිය නීත්‍යනුකූලව බලාත්මක කරගැනීමට මෙරට පුරවැසියන්ට හැකි විය​. 

ඒ අනුව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ඔස්සේ මහජනතාවට මනා විනිවිදභාවයකින් යුක්ත ව මහජන අධිකාරීන් වෙතින් නන් ආකාරීය විෂයයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අවකාශ සළසා දී තිබේ.   එහෙයින් නිරන්තරයෙන් තම තොරතුරු අයිතියෙහි ප්‍රායෝගික භාවිතයටත්  තොරතුරු දැනගැනීමේ පනත අභ්‍යාස කිරීමත් මහජනයා සතු කාර්‍යයකි. 

එහි ලා රටේ පුරවැසියන් හට මෙරට තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පවත්නා අවබෝධය පිළිබඳ උරගා බැලීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙහි ඉන්ස්ටාග්‍රෑම් සමාජ ජාල ගිණුම සහ ෆේස්බුක් පිටුව ඔස්සේ මහජන මත විමසුම් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව එහි මුලික වටය වශයෙන් “පුරවැසියෙකුට ඔනෑම පොදු අධිකාරියකින් තොරතුරු ලබා ගත හැකි බව ඔබ දන්නවාද​?” යන්න පිළිබඳ මහජන අදහස් දැක්වීමට සතියක කාලයක් පුරාවට ඉඩ ලබා දෙන ලදී. 

එලෙස එම මත විමසුම් වලට මහජනතාව දක්වා තිබූ අදහස් අනුව සමස්තයක් වශයෙන් ප්‍රතිචාර දක්වා තිබූ පිරිසෙන් 76% ක් තමන් පුරවැසියෙකුට ඔනෑම පොදු අධිකාරියකින් තොරතුරු ලබා ගත හැකි බව දන්නා බව ද, 24% ක පිරිසක් පුරවැසියෙකුට ඔනෑම පොදු අධිකාරියකින් තොරතුරු ලබා ගත හැකි බව නොදන්නා බව ද සඳහන් කර තිබිණි.  එම ප්‍රතිඵල සටහන පහත පරිදි වේ. 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට අනුව එහි 5 වන වගන්තියෙහි විධි විධාන වලට යටත්ව, ‘පොදු අධිකාරියක් සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු වලට’ ප්‍රවේශ වීමේ අයිතිවාසිකම  මහජනතාව සතු වේ. ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනතෙහි 43 වන වගන්තියට අනුව පොදු අධිකාරියක් යනු කුමක් දැයි ඉතා පැහැදිලිව අර්ථ දක්වා ඇත​. 

පොදු අධිකාරියක් යනු කුමක්දැයි යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා පහත සබැඳිය ඔස්සේ අප ම්න් පෙර පළ කරන ලද ලිපි පරිශීලනය කරන්න​. 

https://bit.ly/2S2qsy4

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *