Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

By In
  • ලංකාදීප පුවත්පත

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම මාර්තු 22 වැනි දින ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, ප්‍රවෘත්ති කර්තෘ ඇතුළුව මාධ්‍යවේදීන් කණ්ඩායම හමුවිය. ජනමාධ්‍ය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳව කෙටි දැනුවත් කිරීමක් සිදු කළ අතර, RTI කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI උපකාරක සේවාව (RTI Help Desk) ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ විය. 

එම සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු විසින් ප්‍රකාශ කළේ තමන් RTI ඉල්ලීම් කිහිපයක් පොදු අධිකාරීන් වෙත ගොනු කර ඇති නමුත් තමන් හට තොරතුරු අර්ධ වශයෙන් ලැබී ඇති බවත් අනෙකුත් ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති  බවයි. එසේම, නම් කරන ලද නිලධාරියාට අභියාචනයක් ගොනු කිරීමට ඔහුගේ කාර්යබහුලත්වය හේතුවෙන් ප්‍රමාණවත් කාලයක් නොමැති බවද ඔහුගේ අදහස විය. එහිදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම් සාමාජිකයන් ඔවුන්ට උපකාර කිරීමට සිටින බව පැවසූ අතර ඉදිරි අවස්ථාවන්හිදී RTI කණ්ඩායම සම්බන්ධ කරගන්නා බව ඔවුන්ගේ අදහස විය. 

මෙම සාකච්ඡාවට සහභාගී වූ බොහෝ මාධ්‍යවේදීන් RTI පිළිබඳව දැනුවත්ව සිටි නමුත් අවාසනාවකට ඔවුන් අභියාචනා ක්‍රියාවලිය පිළිබඳව අඩු අවබෝධයක් ලබා ඇති බව ඔවුන් හා කතාබහේදී අපට අවබෝධ විය. තවද ලංකාදීප පුවත්පතේ පළාත් මාධ්‍යවේදීන් සම්බන්ධීකාරක පැවසුවේ බොහෝ පළාත් මාධ්‍යවේදීන් RTI අභියාචනා ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් නොමැති බැවින් ඔවුන්ව දැනුවත් කිරීමට වැඩසටහන් අවශ්‍ය බවයි.

Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

ගාල්ල දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

පුත්තලම් දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමහරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ දෙවන…

By In
Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 03-31-2023

මාර්තු මාසය සඳහා වන RTI මාධ්‍යවේදී සංසදය මාර්තු 31 වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සංසදයට මාධ්‍යවේදීන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *