Social, පුවත්

පළාත් පාලන ආයතනවල කාර්‍යභාරය සහ කුලියාපිටිය නගර සභාව

By In
  • චාමර සම්පත් 

ශ්‍රී ලාංකික ජනතාවට වඩාත් සමිප සේවාවන් සපයන පළාත් පාලන ආයතන 340 ක නිල කාලය පසුගිය මාර්තු මස 18 දායින් අවසන් විය. ඒ අනුව මහනගර සභා 29 ක , නගර සභා 36 ක ,  ප්‍රාදේශිය සභා 275 ක නිල කාලය මෙලෙස අවසන් විය . 2018 වසරේ පෙබරවාරි 18 දා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව එම වසරේ මාර්තු 20 දා සිට පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ආරම්භවිය.  ව්‍යවස්ථානුකූලව වසර 04 කට පසුව එනම් 2022 පළාත් පාලන ආයතන වල නිල කාලය අවසන් විය යුතු නමුත් විෂයභාර අමාත්‍යවරයා විසින්  නිල කාලය වසරකින් දීර්ඝ කළේය. ඒඅනුව 2023 වර්ෂයේ මාර්තු මස දක්වා පළාත් පාලන ආයතන ක්‍රියාත්මක විය.  පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී මාසයකට ආසන්න කාලයක් ගතවී තිබුණද මේවනතෙක් පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන දිනයක් ප්‍රකාශවී  නොමැති අතර මෙම ආයතන කොමසාරිස් පාලනයකට නතුව ඇත. නමුත් මේවනතෙක් පළාත් පාලන ආයතන සඳහා කොමසාරිස්වරුන් පත්කර නොමැතිවීම ද අර්බුදයකට මග විවර කර ඇත.

පළාත් පාලන නීතියට අනුව පළාත් පාළන ආයථන යනු මහජන සෞඛ්‍ය පොදු උපයෝගීතා සේවාවන් හා පොදු මංමාවත් පිළිබඳ සියලු කරුණු බල ප්‍රදේශයේ සීමා තුළ විධිමත් කිරීම සහ පරිපාලනය කිරිමට අදාල වගකිව යුතු ආයථනය වේ.    

කුලියාපිටිය නගර සභාවේ නිල කාලයද මේවනවිට අවසන්ව ඇති අතර 2018 වසරේ සිට 2023 වසර දක්වා මෙම කාර්තුව තුළ නගර සභාව කටයුතු කර ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙවර තොරතුරු දැන ගැනිමේ පණත් යටතේ විමසා බැලුවෙමු. නගර සභාවේ කාර්යක්ෂතාවය සොයාබැලීම සඳහා අදාළ කාලසීමාව තුළ නගර සභාවේ ආදායම , අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ කමිටු ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුය. 

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම

නගරය පාලනය කිරීමේදී වර්ෂයකට අදාළව අයවැය සකස්කිරීම සහ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම නගර සභාවකට පැවරෙන ප්‍රධානම කාර්ය.යන්ගෙන් ප්‍රමුකතම එකකි  එමෙන්ම එලෙස සකස් කරන ලද අයවැය වර්ෂයක් තුළ ක්‍රියාත්මක කර ඇති ආකාරය සම්බන්ධයෙන් පසුවිපරමක යෙදීම ද වැදගත්ය. පළාත් පාලන ආයතන පළාත් සභා පමණක් නොවන සමස්ත රටෙහිම ප්‍රධාන අයවැය වන පාර්ලිමෙන්තුව විසින් ඉදිරිපත් කරන අයවැය යෝජනා   සියල්ලම ක්‍රියාත්මක නොවේ. ඒවා ක්‍රියාත්මක වීම නොවීම පිළිබදව පසු විපරම් කිරීමද සිදුවන්නේ මන්දගාමී ලෙසය.

 කුලියාපිටිය නගර සභාව 2018 වර්ෂයේ අයවැය යෝජනා 26 ක් ඉදිරිපත්කර ඇති අතර එයින් යෝජනා 24 ක් ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරතිබීම යහපත් ප්‍රවණතාවයකි. අයවැය යෝජනා 02 ක් පමණක් අවලංගු කර ඇති අතර එවකට ලේකම් එච් එම් පී කේ හේරත් මහතාගෙන් මේ  සම්බන්ධයෙන් විමසීමේදී ලේකම්වරයා සඳහන් කළේ ඇතිවු ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එම යෝජනා අවලංගු කිරීම කළ බවත් ඒ වෙනුවට වෙනත් යෝජනා ක්‍රියාත්මත කළ බවත්ය. නගර සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කර තිබු සියලු යෝජනා ඒ වර්ෂය තුළ ක්‍රියාත්මක කර තිබේ.

2019 වර්ෂය සඳහා යෝජනා 28 ක් සම්මත කරගෙන ඇති අතර එයින් යෝජනා 04 ක් අවලංගු කර තිබේ. ඉතිරි යෝජනා 24 ක් ක්‍රියාත්මක කර තිබේ.  ක්‍රියාත්මක කළ යෝජනා අතර ඝණ අපද්‍රව්‍ය මධ්‍යස්ථානය සංවර්ධනය සහ ගබඩා කාමර ඉදිකිරීම , සතිපොල ආපන ශාලාවක් ඉදිකිරීම , නව වෙළඳ පොලක් ඉදිකිරීම  ආදි යෝජනා ඇතුළත්ය. ඉන්ධන ටැංකි ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 12 ක් වෙන්කර තිබු යෝජනාව අවලංගු කර තිබේ.

2020 වර්ෂය තුළ නගර සභාව විසින් අයවැය යෝජනා 32 ක් ඉදිරිපත් කර ඇති අතර එයින් යෝජනා 26 ක් ක්‍රියාත්මක කර තිබේ.  යෝජනා 06 ක් අවලංගු කර ඒ වෙනුවට තාවකාලික කඩ ඉදිකිරීම සිදුකර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 44 ක මුදලක් වැයකර තිබේ.

2021 වර්ෂයේ අයවැය යෝජනා 15 ක් සඳහා මුදල් වෙන්කර ඇති අතර එයින් පෙර පාසල් සංවර්ධනය සඳහා කරතිබු යෝජනාව පමණක් ක්‍රියාත්මක කර නොමැත. ඒසඳහා වෙන්කළ මුදල රුපියල් 200 000 කි.  නගර සභාවේ ණය ගෙවීම සහ බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා වැඩිම මුදලක් යොදවා ඇති අතර එම මුදල රුපියල් 169 341 621 කි.

කුලියාපිටිය නගර සභාව 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය තුළ ප්‍රදේශයේ සමාජ හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේ. ඒ අනුව සංවර්ධන ක්ෂේත්‍ර තුනක් ඔවුන් හදුනාගෙන ඇති අතර මාර්ග නඩත්තුව හා සංවර්ධනය , නව ඉදිකිරීම් හා අලුත්වැඩියාව , ප්‍රජා සංවර්ධන හා සමාජ ආරක්ෂණ වැඩසටහන් ලෙස සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 76 ක් වෙන්කර තිබේ. ඒ යටතේ සංවර්ධන යෝජනා 77 ක් නගර සභාව මගින් 2022 වර්ෂයට යෝජනා කර තිබේ. මාර්ග නඩත්තුව හා සංවර්ධනය යටතේ ඉදිරිපත් කර ඇති යෝජනා වලින් නගර සභාවට ඉටුකරගැනීමට හැකිව ඇත්තේ යෝජනා 07 ක් පමණි. ඒ සඳහා රුපියල් ලක්ෂ 36 ක් වැය කර තිබේ.

අමතක කරන තිරසර සංවර්ධන යෝජනා

 කුලියාපිටිය නගර සභාවද තිරසර සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ යොජනා සහ වියදම් ලේඛණය අනුමත කරගෙන තිබු අතර එහි දුප්පත්කම තුරන් කිරීම සහ ගුණාත්මක ආහාර සැපයීම වෙනුවෙන්ද විශේෂ වැඩසටහන් හදුන්වාදී තිබුණි. එසේ උවද එම වැඩසටහන් වලින් බහුතරය ක්‍රියාත්මක කර නොමැත. වැඩසටහන් කිහිපයක් පමණක් ක්‍රියාත්මක කිරීමට නගර සභාව සමත්ව තිබේ.

  ඒ අනුව ,   සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම , සාගින්න නැතිකර ආහාර සුරක්ෂිතතාවය හා යහපත් පෝෂක තත්ත්වයන් දිනාගැනීම , නිරෝගී ජීවිත සහතික කර සෑම වයසකම සිටින සියල්ලන්ගේම සුභසාධනය ප්‍රවර්ධනය කිරීම,  පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම  ,  ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය ළඟා කර  සියළු කාන්තාවන් සහ ගැහැණු ළමුන් සවිබල ගැන්වීම සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම,  සියල්ලන් සඳහාම පෝෂිත පරිපූර්ණ සහ තිරසර කාර්මීකරණය ප්‍රවර්ධනය කර නව්‍යකරණය දිරිගැන්වීම. ආදිය විය. මේවායින් බහුතරය ක්‍රියත්මක කිරීමට නගර සභාව අපොහොසත් වී ඇත.

කාරක සභා ක්‍රියාත්මක වීම

පළාත් පාලන ආයතන තුළ කාරක සභා ක්‍රියාත්මකවීම අදාළ අණපනත් මගින්ම සඳහන් කර ඇති කාරණයකි. ඒ අනුව මුදල් හා ප්‍රතිපත්ති  සම්පාදන කමිටුව , නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව , කාර්මික සේවා කමිටුව , පරිසරය හා පහසුකම් කමිටුව අනිවාර්යෙන්ම පත්කළ යුතු කමිටු හතරකි. ඒමෙන්ම අදාළ ප්‍රදේශ අනුව අවධානයට ගතයුතු වෙනත් කරුණු ඇත්නම් ඒ සම්බන්ධ කමිටු පත්කිරීමේ හැකියාවද අදාළ පළාත් පාලන ආයතන සතුවේ.

2018 වර්ෂයෙන් ආරම්භවී 2023 වර්ෂයේ මාර්තු මාසයෙන් අවසන් වු කුලියාපිටිය නගර සභාව තුළද ප්‍රධාන කමිටු 04 අදාළ වර්ෂයන් තුළ ක්‍රියාත්මක වී තිබේ.  එහිදී මුදල් කමිටුවේ සභාපති ධූරය වෙනස් වී නොමැති අතර නගර සභාවේ සභාපති ඒ.එම් ලක්ෂ්මන් අදිකාරි මහතා අඛණ්ඩවම සියලු වර්ෂවල එම කමිටුවේ සභාපතීත්වය දරා තිබේ. අනිකුත් කමිටු තුනෙහි සභාපතිත්වය වාර්ෂිකව වෙනස්වී ඇති අතර වර්ෂයක් තුළ සැළකිය යුතු වාර ගණනක් කමිටු පැවැත්වීමට සහ විවිධ ප්‍රශ්න යටතේ නිර්දේශ මහ සභාවට යොමුකිරීමට  කටයුතු කරතිබිම ඇගයිය යුතු කාරණයි. කමිටු සඳහා පුරවැසි සහභාගීත්වයක් පැවතීම කළ යුතු කාර්යක් උවද පාරිසරික කමිටුවට හැර අනිකුත් කමිටු සඳහා පුරවැසින් සම්න්ධකරගෙන නොමැත.  අදාළ වර්ෂයන් තුළ කමිටු රැස්වී ඇත්තේ මෙසේය

 මුදල් කමිටුවනිවාස සහ ප්‍රජා කමිටුවකාර්මික සේවා කමිටුවපාරිසරික කමිටුව
201807080705
201912120809
202012110711
202112100808
202212101206

අසාර්ථක වු තැනක්

නගර සභාව මගින් මෙම කාර්තුවේදී (2018-2023) සිදුකළ විශාලතම ව්‍යාපෘතිය ලෙස “කුලියාපිටිය නගර සභා නව පොදු වෙළඳපල හා බහු කාර්ය ගොඩනැගිල්ල ඉදි කිරීම” කර ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 69 ක් මේවනවිට වැය කර ඇත. එසේ උවද එම ඉදිකිරීම් අවසානකරගැනීමට මේවනතුරු නොහැකි වී තිබේ. එම ගොඩනැගිල්ල මේවසරේ (2023) ජනවාරි විවෘත කිරීමට නගර සභාව බලාපොරොත්තුවී සිටියද ඉදිකිරීම් අවසන්කරගැනීමට නොහැකිවීම තුළ එය ලබන වසරට කල්දමා ඇත. 

කුලියාපිටිය නව පොදු වෙළඳපල හා බහු කාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් විගණන විමසුමක්ද සිදුව ඇති අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නගර සභාව විසින් ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොමැති අතර ව්‍යාපෘති වාර්තාව පමණක් පිළියෙල කර ඇති බව එහිදී හදුනාගෙන තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ ඉංජිනේරු ඇස්තමේන්තු මිල රුපියල් මිලියන 996 ක් ලෙස සඳහන් ව තිබුණද කොන්ත්‍රාත් අත්සන් කිරීමේ ගිවිසුමේ එහි මිල රුපියල් මිලියන 1089 ලෙස සඳහන් වීමද විගණනයේදී අවධානට ලක්ව තිබේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මිල විචලනයන මෙන්ම ගෙවීම් සිදුකිරීමේ කාර්ය පටිපාටිය අනුගමනය කර නොතිබු අවස්ථා කිහිපයක්ම විගණනය මඟින් හදුනාගෙන ඇත.  කෙසේඋවද මේවනතුරු නගරසභාවට එම ගොඩනැගිලේ වැඩ අවසන්කරගැනීමට නොහැකිවී ඇත.

නගර සභාවේ ආදායම් සහ වියදම්

 20182019202020212021
සත්‍ය ආදායම (රුපියල්)167952777166554093182840984165799990183013458
සත්‍ය වියදම (රුපියල්)129183068209016541727518393949764556457785625

පාලක පාලිත අදහස්

නගර සභාවේ ක්‍රියාකාරීත්වය සහ ගතවු කාල සීමාව සම්බන්ධයෙන් විමසීමේදී හිටපු සභාපති ලක්ෂ්මන් අධිකාරී මහතා පවසන්නේ මෙවර පළාත් පාලන කාලසීමාව අභියෝගාත්මක කාලසීමාවක් උවද සාර්ථකව කරගෙන යාමට උත්සහ කළ බවයි. පාස්කු ප්‍රහාර සිදුවීම , කෝඩිඩ් වසංගතය , ආර්ථික අර්බුධ හමුවේ සැලසුම්කළ ඉලක්ක වලට නගර සභාවට යාමට නොහැකි උවද හැකි උපරිම සාර්ථකත්වයෙන් නගර සභාව මෙහෙයවු බව හෙතෙම සඳහන් කළේය. එමෙන්ම සැලසුම්කළ පරිදි බහුකාර්ය ගොඩනැගිල්ල අවසන් කිරීමට නොහැකි වුයේද එම හේතු නිසා බවත් ඒසම්බන්ධයෙන් කනගාටුවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.  

මෙම කාලසීමාව තුළ නගර සභාවේ ලේකම් ලෙස කටයුතු කළ එච් එම් පී කේ හේරත් මහතා සඳහන් කරන්නේ අනිකුත් පළාත් පාලන ආයතන හා සැසදීමේදී කුලියාපිටිය නගර සභාව ඉතා සාර්ථකව කටයුතු කර ඇති බවයි. අභියෝග මධ්‍යයේ උවද සියලු අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට නගර සභාව උත්සහ කළ බව හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම ජාතික ඵලදායිතා සම්මානය , හරිත සම්මානය ආදී සම්මාන නගර සභාවට ලබාගත හැකි වුයේ නගර සභවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියල්ල එක්ව කටයුතු කිරීම නිසා බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් මෙවර නගර සභාවේ කාලසීමාව සම්බන්ධයෙන් විමසීමේදී සදහන් කරන ලද්දේ හැකි උපරිමයෙන් නගර සභාව කටයුතු බවය. විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ යෝජනා සහ අදහස් ක්‍රියාත්මක කිරීමටද නගර සභාව කටයුතු කළ බව ඔවුන් පෙන්වා දුන්නේය.

නගර සභා සීමාව තුළ වෙසෙන ජනතාව නගර සභාවේ ක්‍රියාදාමය පිළිබඳ දැඩි විමසුමක් නොකරති . ඔවුන් සියල්ලෝම නගර සභව සම්බන්ධයෙන් ධනාත්මකව අදහස් දක්වන්නෝ වෙති. නගර සභාවේ කමිටු ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් ඔවුන්ට අදහසක් නොමැත. කෙසේ වුවද මීලඟට පත්වන නගර සභාව කාර්යක්ෂම නගර සභාවක් බවට පත්කරගැනීමේ  වගකීම පුරවැසියා සතුව ඇත.

Social

ශ්‍රී ලංකාවේ ආහාර හා ආහාර නොවන නිෂ්පාදන වල අඩංගු නොවිය යුතු ලැයිස්තුව

ශරීරයේ කොතැනක හෝ සිදුවන අසාමාන්‍ය සෛල බෙදීමක් හා ඒවායේ පාලනයකින් තොරව ශරීරය පුරා ව්‍යාප්ත වීමක් පිළිකාවක් ලෙස හැඳින්විය හැකිය. පිළිකා…

By In
Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, ප්‍රකාශන

ජනතාවගේ බදු මුදල් මිලියන අසූ හතරක් වැය කල ජනපති කාර්ය සාධක බලකායන්

මොහොමඩ් නස්රාන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහු බලයෙන් පහව යනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *