පුවත්

නීති විරෝධීව ආනයනය කළ කහ කිලෝ 910,004.5 ක් රාජසන්තක කළ බව රේගුව කියයි.

By In

ඩී.ජයසේකර

දේශීයව වගාකර ඵලදාව ලබා ගත හැකි ද්‍රව්‍යය ආනයනය කිරීම 2019 වර්ෂයේ දෙසැම්බර් 05 වන දින සිට තහනම් කිරීමට රජය පියවර ගත්තේය. පසුව පැමිණි කාලසීමාවේදී වෙළඳපොළේ කහ හිගයක් නිර්මාණය වූ බව නොරහසකි. දේශීය ගොවියා නගා සිටුවිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර ආනයන තහනම යෙදීමෙන් අර්බුධය වැඩි වනවා මිස අර්බුදයේ අඩු වීමක් නොවීය. කෙසේවෙතත් දේශීය වශයෙන් වගාකර ඵලදාව ලබා ගත හැකි ද්‍රව්‍ය ආනයන තහනම පැනවීමෙන් පසු රට තුළ කහ හිගයක් පැවතියත් නීතිවිරෝධී කහ ආනයනය සිදුවූ බව ප්‍රසිද්ධ කරුණකි. රේගුව මෙන්ම වෙනත් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් එසේ ආනයනය කළ කහ තොග වෙළඳ පොළට මුදා නොහැර විනාශ කිරීමට රජය පියවර ගන්නා බව අදාළ බලධාරීන් විසින් විටින් විට නිවේදනය කරන අයුරු අපට දැකගත හැකි විය. ඒ පිළිබදව සොයා බැලීම සදහා අප උක්ත කාරණය පිළිබදව විමසා ශ්‍රී ලංකා රේගුවට 2020/10/31 දින තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කළේය.  

අප ඉන් විමසා සිටියේ ශ්‍රී ලංකා රේගුව යටතේ 2020/10/31 දින තෙක් රේගුව සතුව ඇති කන්ටේනර් 62ක තිබෙන කහ කිලෝ 1,015,547 ( දස ලක්ෂ පහළොස් දහස් පන්සිය හතලිස් හත ) ට සිදු කරන්නේ කුමක්ද යන්නය. ඉහත ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් , මධ්‍යයම භාණ්ඩ පරීක්ෂණ අංශයට අනුව ආනයන තහනමෙන් පසුව එම අංශය විසින් කහ කිලෝ 47,825ක ප්‍ර මාණයක් රදවා තබාගෙන ඇත. විමර්ශණ කටයුතු වලින් අනතුරුව කහ කිලෝ 12,150ක ප්‍රමාණයක් රාජසන්තක කර ඇත. ඉතිරි කහ කිලෝ 35,675 පිළිබදව විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් තිබෙන බව අප වෙත ලබා දී තිබූ පිළිතුර විය. 

මධ්‍යම විමර්ශන අංශයට අනුව එම අංශය කන්ටේනර් 52ක් සහ LCL ආකාරයෙන් ආනයනය කරන ලද කහ තොගයක් පිළිබදව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර එහි කහ කිලෝ 897,854.50ක ප්‍රමාණයක් ඇති බව සදහන් විය. එම කන්ටේනර් 11 ද මේ වන විට රාජසන්තක කර ඇති අතර ඉතිරි කන්ටේනර් සම්බන්ධව විමර්ශන සිදුවෙමින් පවතින බව රේගුව විසින් අප වෙත යොමු කළ ඇමුණුමේ සදහන් කර තිබුණි.

දෙවනුව අප අසා සිටියේ ආනයන තහනමෙන් පසු කහ වලට අමතරව ගම්මිරිස් , කුරුදු , එනසාල් , ගොරක , කරදමුංගු , සියඹලා වැනි ද්‍රව්‍ය කොපමණ ප්‍රමානයක් රේගුවට ලැබී ඇතිද යන්නය. ඊට පිළිතුරු ලෙස ඔවුන් ගේ පිළිතුර වූයේ 2020 අගෝස්තු මස සිට 2020 දෙසැම්බර් මස දක්වා සියඹලා කිලෝ ග්‍රෑම් 13.2 නොවැම්බර් මස ආනයනය කර ඇති බවත් ගම්මිර්ස් කිලෝ ග්‍රෑම් 179.37 ක්, කුරුදු කිලෝ ග්‍රෑම් 12.2 ක්,  සහ එනසාල් කිලෝ ග්‍රෑම් 510.5ක් ආනයනය කර ඇති බවය. 

ඊට අමතරව අප අසා සිටි තෙවන ප්‍රශ්නය වන්නේ විජය නිෂ්පාදන සදහා ගෙන්වන අමුද්‍රව්‍ය ආනයන කරන රටවල් කුමක්ද යන්නය. උක්ත ප්‍රශ්නයට පිළිතුරු ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා රේගුව විසින් සදහන් කර එවා තිබුණි.

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *