පුවත්

දෙමළ භාෂා පුස්තකාල පිටපත් අතුරුදහන්

By In

සිංහළ, දෙමළ ඇතුළු විවධ ජන වර්ග වලට අයත් ජනයා සහයෝගයෙන් ජීවත් වන හල්දුම්මුල්ල ප්‍රදේහය සාමකාමී ප්‍රදේශයකි. මෙම ජන විවිධත්වය නිසාම ප්‍රදේශයේ පාසල්වල පවා සිංහල හා දෙමළ යන භාෂා දෙකෙත්ම උපදෙස් ලබා දීම සිදු කරයි.

ප්‍රදේශයේ තරුණ පිරිසක් ප්‍රදේශයේ පුස්තකාලය පරිහරණය කිරීමේදී පෙනී ගියේ එහි ඇත්තේ සිංහල හා ඉංග්‍රිසි පොත් පමණක් බවයි. ප්‍රස්තකාලය පුරා එකදු දමිළ භාෂාවෙන් ලියවුනු පොතක් සොයාගැනීමට නොහැකි විය. මේ පිළිබදව පුස්තකාලාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු විසින් කළ සොයාබැලීමේ දී ද හමු වූයේ දමිළ භාෂාවෙන් ලියවුණු එක් පොතක් පමණිග එම පොතද සිංහළ හා ඉංග්‍රීසි භාෂාවද ඇතුලත් භාෂා තුනෙන්ම ලියවුණු ප්‍රකාශනයක් විය.

ප්‍රදේශයේ තරුණ පිරිසට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය USAID-SDGAP ව්‍යාපෘතිය යටතේ පැවැත්වූ තොරතුරු දැනගැනීමේ පනත පිළිබ්‍රද වැඩමුළුවට සහාභාගි වීමේ අවස්තාව හිමිවිය. ඔවුන් එම වැඩමුළුවේ අද්දැකීම් මත 2018 ඔක්තෝබර් 19 වන දින හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ පහත ගැටලු යොමුකරමින් තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.

  1. 2013 සිට 2018 වර්ෂය දක්වා කාලය තුළ පුස්තකාලයට පොත් මිළදී ගැනීම සදහා වෙන්කරන ලද මුදල කොපමණ ද?
  2. එම කාලසීමාව තුල මිළදී ගත් පොත් සංඛ්‍යාව කොපමණ ද?

ඒ අනුව ඔවුන්ට ලැබුණු පිළිතුරු තොරතුරු පහත පරිදි විය. 2013-2014 කාලය තුළ පොත් මිළදී ගැනීම සදහා වෙන් කොට නැත. 2015 වර්ෂයේ දී රුපියල් ලක්ෂයක මුදලක් ද 2016 වර්ෂයේ දී පනම් දහසක මුදලක් ද, 2017 වර්ෂයේ 200000/= ක මුදලක් ද, 2018 වර්ෂයේ දී 100000/= ක මුදලක් ද වශයෙන් වෙන්කර ඇත.

පොත් මිළ දී ගැනීමේ දී, 2013 වර්ෂයේ පොත් 3ක් ද, 2014 වර්ෂයේ දී පොත් 32ක් ද, 2015 වර්ෂයේ දී පොත් 430ක් ද, 2016 වර්ෂයේ දී පොත් 192ක් ද, 2017 වර්ෂයේ දී පොත් 48ක් ද වශයෙන් මිල දී ගෙන ඇත.

පොත් 5146ක් සිංහල භාෂාවෙන් ද, 972ක් ඉංග්‍රීසි භාෂාවෙන් ද, 26 ක් දෙමළ භාෂාවෙන්ද මිලදී ගෙන ඇත.

ප්‍රදේශයේ දෙමළ භාෂාව කතාකරන පිරිස සැළකියයුතු තරම් පිරිසක් වුව ද පුස්තකාල නිලධාරීන් විසින් දෙමළ පාඨකයින්ව සම්පූර්ණයෙන් නොසලකා හැර ඇති ආකාරය දැකිය හැකි ය. ඊට අමතරව මිළ දී ගත් දමිළ පොත් 26න් ඒකක් පමණක් ඉතිරි වී තිබූ අතර ඉතිරිදමිළ පොත් අස්ථානගත වීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

මෙම දමිළ භාෂා පොත් පිළිබදව තවදුරටත් පුස්තකාලයේ අදාළ නිලධාරීන්ගෙන් තොරතුරු ඉල්ලා සිටින බව තරුණ පිරිස කියා සිටියහ. මෙවැනි විෂමතා මගහරවා ගැනීමට තොරතුරු දැනගැනීමේ පනත තවදුරටත් භාවිතා කරන බව ඔවුන් පැවසී ය.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *