පුවත්

තොරතුරු පනත යටතේ ඉල්ලා ඇති තොරතුරු ලබා දෙන්නැයි ගොවිජන සංවර්ධන අතිරේක කොමසාරිස්වරයා රත්නපුර සහකාර කොමසාරිස්වරියට දැනුම්දෙයි

By In

කුඹුරු ඉඩම් ගොඩකිරීම් සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් තොරතුරු ඉල්ලා සිටි  අවස්ථාවක  අදාල පොදු අධිකාරිය මගින් එම තොරතුරු ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් කරුණු විමසා ගොවිජන සංවර්ධන දෙපර්තමේන්තුවේ තොරතුරු නිලධාරීයා වෙත 2020.12.21 දින යොමුකළ  ලිපියට පිළිතුරු ලෙස ගොවිජන සංවර්ධන අතිරේක කොමසාරිස් පාලිත නානායක්කාර මහතා  විසින්  2021.01.11 දිනැති ලිපිය මගින්  තොරතුර ඉල්ලුම්කරු ඉල්ලා සිටින තොරතුරු පොදු විෂය යටතේ ඇති කරුණු බැවින් එම තොරතුරු ඉල්ලුම්කරුට ලබාදෙන ලෙස දන්වා  තිබේ.

  ඒ අයුරින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලැබී තිබෙන තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින්  ගොවිජන සංවර්ධන දෙපර්තමේන්තුවේ  අතිරේක කොමසාරිස්වරයා ලබාදී ඇති එම උපදෙස් තොරතුරු පනත සම්බන්ධයෙන් නිසි අයුරින් ක්‍රියාත්මක නොවන  දිවයිනේ අනෙකුත් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලයන්හි තොරතුරු නිලධාරීන්ට හා සහකාර කොමසාරිස් වරුන්හට ද ආදර්ශයක් සපයනු ලබයි.

ලංකාවේ පාර්ලිමේන්තුව මගින් 2016 ජුනිමස 23වන දින පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය  අර්ථාන්විත කරමින්  තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරන ලදී. පුරවැසියා හට රාජ්‍ය  තන්ත්‍රයේ ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව  ප්‍රජාතන්ත්‍රවාදී රටක කැපී පෙනන ලක්ෂණයකි. රජය විසින් ගෙන එන එම නිතිරීති ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් විසිනි.

 කෙසේ නමුත් මේ ආකාරයෙන් ලංකාවේ පුරවැසියන් හට තොරතුරු අයිතිය ලැබී වසර පහක පමණ කාලයක් ගතවුවත් අද වනවිටත් පුරවැසියන්ගේ අයිතිය පිළිබඳ නිසි අයුරින් නොදත් බොහොමයක්  රාජ්‍ය  ආයතනයන්හි  නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතියට දැඩි තර්ජනයක් බාධාවක් ඇතිවී තිබේ.

තොරතුරු පනත නොදත්  තොරතුරු  නිලධාරීන්

 අද වනවිට බොහොමයක් පොදු අධිකාරින් තුළ සිටින තොරතුරු  නිලධාරීන් තොරතුරු පනත සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව ක්‍රියා කිරීම නිසා තොරතුරු ඉල්ලීම් කරන පුරවැසියන් දැඩි අපහසුතාවයට ලක්වී තිබේ. එම තත්ත්වය බොහොමයක් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාල තුලින් ද ඉස්මතු  වූ කාරණාවක් වන අතර රත්නපුර දිස්ත්‍රික් ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය තුලින් ද ඉස්මතු වූයේ එවැනි තත්වයකි.

  විශේෂයෙන්ම තොරතුරු නිලධාරියාහට තොරතුරු දැනගැනීමේ පනතේ 30 වගන්තිය  මගින් ලබාදී තිබෙන අයිතිය මෙන්ම පනත මගින් පුරවැසියන්ට ලබාදී ඇති අයිතිය සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව ක්‍රියාත්මක වීමත්   පුරවැසියා නොමග යවමින් ඔවුන්ට  පෙර සේ තම අධිකාරී බලය විදහා දක්වමින්  ක්‍රියාත්මක වීමට උත්සහ ගැනීම මෙන්ම බොහොමයක් පොදු අධිකාරීන් පනත යටතේ පමණක් නොව පනතේ නියෝගයන් තුළ   සඳහන් ප්‍රගාමී තොරතුරු පවා සැඟවීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කරනු ලැබීම කණගාටුවට කරුණකි.

  එවන් පසුබිමක ජනතාවට ලැබී ඇති  තොරතුරු දැනගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන් බලධාරීන් නිසි අයුරින් දැනුවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමකි යුතුකමකි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *