පුවත්

තොරතුරු පනතින් ජයගත් ඇදගල පන්සල පාර සංවර්ධන ව්‍යාපෘතිය

By In

අංක 2, ඇදගල පන්සල පාර, පලාධිකුලම අනුරාධපුර යන ලිපිනයෙහි පදිංචිව සිටින එන්.ජි.සී සංජිව කරුණාරත්න මහතා නිරන්තරයෙන් සමාජසේවා හි නියුතුවන්නෙකි. නිරතුරුවම සමාජ ගැටළු පිලිබඳ විපරමින් සිටින ඔහු හා ප්‍රදේශයේ බොහෝ පිරිසක් නියැලී සිටින්නේ කෘෂි කර්මාන්තය ආශ්‍රිත රැකියා වලයි. මේ නිසා ඔවුන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ තම ජීවිකාව සිදු කරනු ලබයි. මේ වන විට ගම්වාසීන් විසින් මුහුණපාන ප්‍රධන ගැටළුවක් වන්නේ විහාර ස්ථානයට සහ ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා ගමනා ගමනය සඳහා භාවිතා කරන අතුරු මාර්ගයක් වන ඇදගල පන්සල පාර බොහෝ සෙයින් අබලන්ව පැවැතීමයි. ප්‍රදේශවාසීන් එක්ව දේශපාලන අධිකාරියට සහ අදාළ වගකිවයුතු පාර්ශවයන්ට මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුවත් කර තිබුණි. එහෙත් කිසිදු නිලධාරියෙක් මේ පිළිබඳ උනන්දු නොවූ බව මෙම ගම්වාසීන් විසින් දිහින් දිගටම චෝදනා කරන්නට විය. මෙහිදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් වූ සංජීව ප්‍රදේශවාසීන් පිරිසක් සමග එක්ව මේ පිලිබඳ විමසා තොරතුරු අයදුම්පතක් ප්‍රාදේශීය සභාවට යොමු කරන්න විය.

මෙහි ප්‍රතිපලයක්  ලෙස සති කීපයකින් පසුව ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් මෙම මාර්ගයයේ පිළිසකර කිරීම් සිදු කරන්න විය. මේය දුටුගම්වාසීන් සතුටින් උදම් වන්නට විය. තම අවශ්‍යතාව්‍ය සැපිරීම නිසා ගම්වාසීන්හට තොරතුරු අයදුම්පත පිළිබදවද අමතක විය.  කෙසේ නමුත් මාර්ගයේ වැඩ කටයුතු කෙමින් කෙමින් නිමවන්නට විය. අබලන්වූ මාර්ගය මත ගල්කුටි අතුල ඉතා අලංකාර ලෙස මෙන්ම ගමනා ගමනයට ඉතා පහසුවන ලෙසනිම වෙන්නට විය .

මාර්ගය නිම වී දින කීපයකින් පසු සංජිව වෙත ප්‍රාදේශීය සභාවෙන් පිළිතුරු පතක් ලේබෙන්නට විය. එහි වුයේ මෙම මාර්ගය මීටර 120 ප්‍රමාණයට ගල් කැබලි අතුරා සංවර්ධනය කොට නිම වී ඇතිබව ය. කෙසේ වෙතත් දිගුකාලයක් තිස්සේ අබලන්ව තිබු මෙම ඇදගල පන්සල පාර පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගැනුනේ තොරතුරු දැනගැනීමේ පනත නිසා බව සංජිව මහතාගේ විශ්වාසය යි. තොරතුරු දැනගැනීමේ පනත යනු ඉතාමත් ශක්තිමත් පනතක් බව ඔහු තව දුරටත් පවසා සිටියේ ය.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In
පුවත්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?

ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…

By In
පුවත්

පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…

By In
පුවත්

සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස

රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *