පුවත්

තොරතුරු පනතින් ග්‍රාමීය රෝහලට සෙත සැලසේ (මහනුවර)

By In

මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ සේවා සභාව මගින් 2016 වසරේ ප්‍රාදේශීය යොවුන් කඳවුරක් සංවිධානය කරන ලදී. මෙය පැවත්වූයේ කටුගස්තොට පරණගම මහා විද්‍යාලයේදී ය.  දෙදිනක පුහුණු වැඩසටහනක් වූ මෙහි ප්‍රථමාධාර කටයුතු සඳහා කටුගස්තොට අලුත්ගම ග්‍රාමීය රෝහලෙන් හෙදියන් කීපදෙනෙකු ලබා ගැනීමට මෙම සංවිධායක මණ්ඩලය විසින් තීරණය කෙරිණි.  නමුත් එම ග්‍රාමීය රෝහලේ කිසිදු හෙදියක් සේවය නොකරන බව රෝහල විසින් දැනුම් දෙන ලදී.  නමුත් මෙමෙ පුහුණුව සඳහා හෙදියන් වෙනුවට රෝහලේ සාත්තු සේවකයෙක් ස්වේඡ්චාවෙන් සහභාගීවිය.  නමුත් හෙදියකගේ පුහුණුව නොලත් ඔවුගෙන් වැඩසටහනෙන් බලාපොරොත්තුවූ ප්‍රමිතිසහගත ක්‍රමවේදයන් පිලිබඳ දැනුවත් වීමට නොහැකි විය.  මෙම ග්‍රාමීය රෝහලේ හෙදියකගේ අඩු පාඩුව පිලිබඳ එදින මෙම වැඩමුළුවට සහභාගීවූ සියලුම තරුණ තරුණියන්ට වැටහෙන්නට විය.

පසුව මේ පිලිබදව ඔවුන් ගම්වසින්ගෙන්ද විමසන්නට විය.  එහිදී තුවාල ලබා පැමිණෙන රෝගීන්හට ප්‍රතිකාර කිරීමට කිසිදු හෙදියක් මෙම රෝහලේ නොමැති බවත් ස්වේච්චාවෙන් ඒ සඳහා  ඉදිරිපත් වී ප්‍රතිකාර කරනු ලබන සාත්තුසේවකයෙකු සිටින බවත් දැනගන්නට විය.  නමුත් හෙදියකගේ පුහුණුව නොමැති ඔහුද රෝගීන්ද මේ හේතුවෙන් අපහසුත්වයට පත්වන බව ඔවුන්ට තේරුම්ගත හැකි විය.

ඇතම් අවස්ථා වලදී රෝගින්ම තම තුවාල සඳහා ප්‍රතිකාර කර ගන්නා අවස්ථා ඇති බව ගම්වාසීන් තව දුරටත් පැවසීය.

මේ අතරතුරේදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තරුණ තරුණියන් සඳහා කල තොරතුරු දැනගැනීමේ වැඩසටහනට සහභාගීවූ මෙම තරුණ පිරිස කටුගස්තොට අලුත්ගම ග්‍රාමීය රෝහලේ හෙද හිගය පිලිබඳ තොරතුරු විමසා සිටියහ. මෙහිදී මෙම තොරතුරු අයදුම්පත ග්‍රාමීය ස්වේච්ඡා සංගම් වෙත ඉරිදිපත් කර ඔවුන් හරහා අයදුම්පත සෞඛ්‍ය අමාත්‍යංශ වෙත යොමු කිරීමට අවශ්‍ය වැඩපිළි වෙල ඔවුන් සිදු කරන ලදී.

සති කීපයකින් පසුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිළිතුරු ලිපියකින් දැනුම් දුන්නේ මෙම ග්‍රාමීය රෝහලේ පුහුණු හෙදියකගේ පුරප්පාඩු පිළිබඳව රෝහලෙන් ඔවුන් දැනුවත් කොට නොමැති බවයි.  තවදුරටත් ග්‍රාමීය රෝහල් සඳහා පුහුණු හෙදියන් සේවයේ අනියුක්ත කල නොහැකි බවයි. එයට පිලියමක් ලෙස සායනික පුහුණුවලත් පවුල් සෞඛ්‍ය සේවිකාවක් ලබාදිය හැකි බවයි.

සෞඛ්‍ය සේවිකාවක් හෝ තම රෝහල වෙත ලබා දීමට කැමත්ත පල කිරීම පිළිබඳව ගම්වාසීන් සතුටු විය. නමුත් ඒය ක්‍රියාවට නැංවීම ඉතාම න්දගාමීවීම නිසා මෙම තරුණ පිරිස සමඟ එක්ව ප්‍රදේශවාසීන් සහ රෝහල් කමිටුව ගම්වාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සහිතව තමන් පත්ව ඇති අපහසුතාවය විස්තර කරනමින් සෞඛ්‍ය අමාත්‍යංශ වෙත ලියා පදිංචි තැපෑලෙන් ලිපියක් යොමුකරන ලදී.

කෙමින් ගත වෙද්දී සුහද මාරුවකට කැමැත්ත පල කරමින් පවුල් සෞඛ්‍ය සේවිකාවක් මෙම කටුගස්තොට අලුත්ගම ග්‍රාමීය රෝහල වෙත පැමිණියේ ය. ඇය හෙද පුහුණුව ද සහිත වීම විශේෂ කරුණක් විය. බොහෝ පහසුකම් සහිත රෝහලක් නොව ඔවුන් ලද ජයග්‍රහණය වුයේ හෙද පුහුණුව ලද පවුල් සෞඛ්‍ය සේවිකාවක් හෝ මෙම රෝහල වෙත ලබා ගැනීමයි.  අද වන විට කුඩා තුවාලයකට හෝ නිසියාකාරව බෙහෙත් දැමීම සඳහා ඔවුන් සතුව පවුල් සෞඛ්‍ය සේවිකාවක් සිටි. සැබවින්ම මේ ජයග්‍රහණය පිටුපස තොරතුරු පනත සහ තරුණ කණ්ඩායම සිටින බවට ගම්වාසීන් පුනපුනා පවසයි.

(ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්  පවත්වන ලද තොරතුරු දැනගැනීමේ පනත  හා සන්නිවේදන පුහුණු වැඩමුළුවට සහභාගී වූවන් විසින් මෙම  ලිපි සකස් කරන ලද්දේ USAID-SDGAP ව්‍යාපෘති‍යේ මුල්‍ය ආධාර සහිතවය.)

මෙමෙ ලිපි වල අන්තර්ගතය තුලින් USAID-SDGAP අදහස් පිලිබිබු නොකරන බව කරුණාවෙන් සලකන්න

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *