පුවත්

තොරතුරු පනතට සිව්වසරයි තොරතුරු ලබාදීමේදී පොදු අධිකාරීන් විසින් සිදුකරන ප්‍රමාදයන් පිළිබදව තොරතුරු කොමිසමේ දැඩි අවධානය

By In

චාමර සම්පත්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ව සිව්වසරක් සම්පුර්ණ වී ඇත.  මේවනවිට රටපුරා පොදු අධිකාරීන් තුළ තොරතුරු නිලධාරීන් , නම්කල නිලධාරන් ආදිය පත්කර ඇති අතර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ද සක්‍රීයව ක්‍රියාත්මක වේ.

මෙම වසර හතරක කාලය තුළ විශාල වශයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු කොමිසම ඇතුළු එම නීතිය  බලාත්මක කිරීමට කැපවු සියල්ලන්ටම කෘතවේදී විය යුතුය. තොරතුරු නීතිය බලාත්මක වී වසර හතරක් ගතඋවද තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් මන්දගාමී ස්වරූපයක් අනුමගනය කරන රාජ්‍ය ආයතනද නැතුවාම නොවේ. ඒ පිළිබදව අනාවරණය කිරීම මෙම ලිපියේ අරමුණ වේ. පොදු අධිකාරීන් ලෙස සැලකෙන අමාත්‍යාංශ ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයට තොරතුරු ඉල්ලීමේ අයදුම්පත් යොමුකිරීමෙන් පසුව එම රාජ්‍ය ආයතනවල ප්‍රතිචාර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරේ.

අධ්‍යාපනය අමාත්‍යාංශය

දිවයින තුළ ක්‍රියාත්මක වන පාසල් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත 2020/09/06 දින තොරතුරු ඉල්ලීමක් යොමුකර අතර ඒ සම්බන්ධයෙන් විමසීම් කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුව 2021/01/13 දින තොරතුරු ඉල්ලීම භාරගත් බව දන්වා අධ්‍යාපන අමාත්‍යාංශය පිළිතුරු ලිපියක් එවා තිබුණි.  ඉල්ලා සිටින තොරතුරු ලබාදීම  සඳහා රුපියල් 244 ක මුදලක් ගෙවීමට අවශ්‍ය බව එම ලිපියෙන් දන්වා තිබුණි.

ඒ අනුව අදාල මුදල ගෙවා රිසිට් පත අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු ඒකකයට ලබාදී අදාල තොරතුරු ඉල්ලාසිටියේය. ඒ පිළිබද එම අංශයේ නිලධාරිනියක් පැවසුයේ මෙසේය,

“තොරතුරු දෙන්න පුළුවන් දවසක් හරියටම කියන්න බැහැ. ඉල්ලලා තියෙන තොරතුරු ටික හදලා අපි තොරතුරු නිලධාරීතුමාට දෙන්නම්. එතුමා ඒක බලලා ලැබෙන්න සලස්වයි. ලැබෙන දිනයක් ගැනනම් කියන්න අමාරුයි“  යනුවෙනි.  

අදාල තොරතුරු ඉල්ලිම යොමුකර මේවනවිට සැහෙන කාලයක් ගතවී තිබුණද එම තොරතුරු කඩිනමින් ලබාදීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැති බව එම ප්‍රතිචාර දැක්වීමෙන්ම පැහැදිලිය. මේවනතුරු එම තොරතුරු ලැබී නොමැති බවද සඳහන් කළ යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශය

ඖෂධ සම්බන්ධ තොරතුරු කිහිපයක් ලබාගැනිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත තොරතුරු ඉල්ලීමක් යොමුකරන්නේ  2021/01/12 දිනය. මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම් සෞඛ්‍ය අමාත්‍යාංශයට , ඖෂධ නීතිගත සංස්ථාවට , ඖෂධ නිෂ්පාදන , සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයට යොමුකළ ද පිළිතුරු ලිපියක් ලැබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පමණි. එහි සඳහන් වුයේ අදාල තොරතුරු ලබාදීමට ඖෂධ නීතිගත සංස්ථාවට දන්වන බවය. මේ සම්බන්ධයෙන් ඖෂධ නීතිගත සංස්ථාවෙන් අවස්ථා කිහිපයකදී විමසුව ද කිසිදු යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුන් අසමත් විය. 

මේ හේතුවෙන් ඖෂධ නීතගත සංස්ථාවේ නම්කළ නිලධාරියා වෙත මේ සම්බන්ධ අභියාචනයක් යොමුකර ඇති අතර  එයින්ද මෙතෙක් පිළිතුරක් ලැබී නොමැත.

ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිසිය

ආරක්ෂක නිලධාරීන් සම්බන්ධ තොරතුරු ඉල්ලීමක් ආරක්ෂක අමාත්‍යාංශයට ,  මහජන ආරක්ෂක අමාත්‍යාංශයට සහ ශ්‍රීලංකා පොලිසියට යොමුකළ අතර 2021-01-02 යොමුකළ අතර ඒ සම්බන්ධයෙන්ද ප්‍රතිචාර ලැබීම මන්දගාමී තත්වයක ඇත. තොරතුරු ඉල්ලීම ලැබුණු බව සහ අදාල තොරතුරු තමන් සතුව නොමැති බව හා ඒවා මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගන්නා බව සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පිළිතුරු ලිපියක් 2021-01-22 දින යොමුකර තිබුණි. එය සතුටු දායක තත්වයකි. එසේ උවද මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රීලංකා පොලිසියේ කිසිදු ප්‍රතිචාරයක් නොමැතිවීමද කණගාටුවට කරුණකි.

කම්කරු අමාත්‍යාංශය

කම්කරුවන් සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා කම්කරු අමාත්‍යාංශය වෙත තොරතුරු ඉල්ලීමක් යොමුකරන්නේ 2021-01-20 දා ය. මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් කම්කරු අමාත්‍යාංශයෙන් නොලැබුණු අතර ඒ සම්බන්ධයෙන් විමසීමේදී තොරතුරු නිලධාරිවරයා ප්‍රකාශ කළේ තම කාර්යාලයේ ඊමේල්(EMAIL) පහසුකම දුර්වල බවය. සැබැවින්ම ඔහු ඒවා පරීක්ෂාකර නොතිබු බව ඔහුගේ පිළිතුරු වලින් නිරීක්ෂණය විය. කෙසේ වෙතත් අදාල තොරතුරු ලබාදෙන්නට උත්සහ කරන්නම් යැයි හෙතෙම පැවසුවද මේවනතුරු තොරතුරු ලැබුණු බව සඳහන් කළ ලිපියක් හෝ එවීමට කටයුතු කර නොමැත.

මේ හේතුවෙන් කම්කරු අමාත්‍යාංශයේ නම්කල නිළධාරියා වෙත අභියාචනයක් ඊමේල් මාර්ගයෙන් සහ ෆැක්ස් මාර්ගයෙන් යොමුකළ අතර පසුව ඒ සම්බන්ධයෙන් දුරකතන ඇමතුමක් ලබාදී විමසීමක් කරන ලදී. එහිදී නම්කළ නිලධාරිවරයා පැවසුයේ අභියාචනය ලැබුණු බවය. දින 14 ක් තුළ ප්‍රතිචාරයක් ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පැවසු අතර මෙතෙත් පිළිතුරක් ලැබී නොමැත.

කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරුවන් සම්බන්ධව වෙනත් තොරතුරු ලබාගැනීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ඉල්ලීමක් 2021/01/05 දින යොමුකළ අතර එහි ඉල්ලු තොරතුරු ඇතුළත් කරමින් සවිස්තර පත්‍රිකාවක් දින 02 ක් ඇතුළත ඊමේල් හරහා යොමුකරීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබීම පැසසිය යුතු කරුණකි. තොරතුරු ලබාදීමට දින 14 ක කාලයක් ලබාගැනීට හැකියව තිබියදී දින 02 ඇතුළත සියලු තොරතුරු ලබාදිමට කටයුතු කිරීමට අගය කළ යුතු ය

ශ්‍රීලංකා පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ තොරතුරු ඉල්ලීමක් පාර්ලිමේන්තුවට යොමුකර එය ප්‍රතික්ශේප කිරීම නිසා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනා කිරීමට සිදුවිය. එම අභියාචනය වසර 03 ට ආසන්න කාලයක් විභාගයට ගැනීමෙන් අනතුරුව වහාම තොරතුරු මුදා හරින ලෙස කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට නියෝග කළේ පසුගිය 03 දා ය.

සති දෙකකටත් අධික කාලයක් ගතවුවද තොරතුරු ලබානොදුන් බැවින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් කළ විමසීමේදී තොරතුරු කාර්යාලයේ නිලධාරීණියකගේ පිළිතුර වුයේ මෙවැන්නි,

“ඒ තොරතුරු ලබාදිම ගැන අපි තවමත් සාකච්ඡා කරනවා. මොකද මේ තරම් හදිස්සි, පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපි සාකච්ඡා කරලා තීරණයක් අරගෙන දන්වන්නම්“ 

තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු කොමිසම නියෝග කර තිබියදීත් අදාළ පොදු අධිකාරිය ඒ සම්බන්ධයෙන් දක්වන්නේ ඈලි මෑලි ප්‍රතිචාරයකි.

කොමිෂන් සභාවේ ප්‍රතිචාරය

තොරතුරු පනතට වසර හතරක් සම්පූර්ණවීම නිමිත්තෙන් තොරතුරු කොමිසම විසින් නිකුත් කළ නිවේදනයේ එම තත්ත්වය පිළිබදව මෙසේ සදහන්ව ඇත. තොරතුරු පනත අනුව කරනු ලබන ඉල්ලීම් වලට තොරතුරු ලබාදීමට පොදු අධිකාරීන් බැදී සිටියි. එසේ උවද තොරතුරු ලබාදීමට සිය මනස සකස් කර නොගත් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු තවමත් සිටින බව ඉහත කරුණු වලින් මනාව පැහැලිදිය. තොරතුරු පනත ස්ථාපිත කර වසර 04 කුත් ගතවීමෙන් පසුවත් එම තත්ත්වය වෙනස් නොවීම කණගාටුවට කරුණකි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු කොමිසම සඳහන් කරන්නේ මෙවැන්නකි.

 “ ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දීමේදී පොදු අධිකාරියේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු වී ඇති බවට ප්‍රකාශ කර සිටි අතර, පනත යටතේ වන සිය නිල රාජකාරිය මග හරිමින් සහ හිතාමතාම ප්‍රමාද කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු යයි නිශ්චය කරනු ලබන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව දන්වමින් කොමිෂන් සභාව විසින් නොතීසි යවනු ලබන බවට ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. මෙවන් අවස්ථා බහුල නොවන නමුත්, පනත මගින් කොමිසම වෙත ලබා දී ඇති ව්‍යවස්ථාපිත බලය ප්‍රකාරව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ වන නෛතික ක්‍රියාපටිපාටිය හිතාමතාම නොසලකා හරිනු ලබන හෝ පැහැර හරිනු ලබන පාර්ශවයන් සදහා අපරාධ නඩු මගින් කටයුතු කිරීමටද කොමිෂන් සභාව පසුබට නොවන බව ද කියා සිටී.“ 

තොරතුරු කොමිසම ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නේනම් මෙම තත්වය වෙනස්වනු ඇත. කෙසේවෙතත් පුරවැසියා වෙනුවෙන් ඉදිරිපත් වු තොරතුරු පනත තවදුරටත් ශක්තිමත් වනු දැකීම පුරවැසියාගේ බලාපොරොත්තුවයි

Social, පුවත්

දිස්ත්‍රික්ක අටක, වසරකට බරවා රෝගීන් 700ක් – තොරතුරු පනතින් කළ තවත් හෙළිදරව්වක්

මොහොමඩ් ආසික් ජනාකීර්ණ වූ නගරයන්හි  වීදි හරහා හදිස්සියෙන්  එහා මෙහා  යද්දී අපේ  නෙතට ගැටී නොගැටී  යන දෑත් දෙපා ඉදිමුණු  පිරිමින් මෙන්ම…

By In
Social, පුවත්

නව ලෝකයට ගැලපෙන ලෙස වෙනස්වන ළමා අපයෝජන – වැඩිහිටියනි අවධානයෙන්

හර්ෂා සුගතදාස කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් බස් රථයක් තුළ දූෂණය කළ  සි දූ  විමක්  පසුගිය දිනවල මාධ්ය…

By In
Social, පුවත්

රුපියල් මිලියන 366ක් වැය කළ තොරතුරු තාක්ෂණ උද්‍යානය පුස්සක් ද?

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින බර පතළ ආර්ථික අර්බුදයට මුල් වු හේතුන් අතර, දෙස්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *