පුවත්

තොරතුරු නිලධාරියාගේ තීරණයට එරෙහිව අභියාචනා කළ හැකි ද​?

By In

ඔබ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටිනු ලැබූ යම්කිසි තොරතුරක් අදාළ පොදු අධිකාරියෙහි තොරතුරු නිලධාරියා විසින් ලබා දීම ප්‍රතික්‍ෂේප කර ඇත්නම්, එම ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ඔබට අභියාචනාවක් ඉදිරිපත් කළ හැකි ය. යම් තොරතුරු නිලධාරියෙකු යමෙකු විසින් කරනු ලැබූ තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප කළහොත් ගත හැකි පසු පියවරක් වශයෙන් එවැනි අභියාචනා ක්‍රමයක් හඳුන්වා දී තිබීම තොරතුරු දැනගැනීමේ පනතෙහි වන සුවිශේෂී ලක්‍ෂණයකි.  

විශේෂයෙන් යම් නිලධරයෙකු විසින් තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප කරන්නේ නම් යම් විශේෂ කරුණු කිසිපයක් අදාළ ඉල්ලුම්කරු හට දැනුම් දිය යුතු ය. එනම්,

අදාළ තොරතුරු ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමට හේතුව

එම ප්‍රතික්‍ෂේප කිරීමට අදාළව අභියාචනයක් යොමු කළ හැක්කේ කවර කාලසීමාවක් ඇතුළත ද යන බව සහ

අදාළ අභියාචනය යොමු කළ යුත්තේ කවර පුද්ගලයෙකු වෙත ද  යනාදී කරුණු ය.

ඒ අනුව ඔබට, තොරතුරු දැනගැනීම ප්‍රතික්‍ෂේප වී ඇති බව දැනගත් දින සිට දින 14ක් ඇතුළත අදාළ නම් කළ නිලධාරී වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි ය. යම් ආකාරයකින් දින 14ක කාලසීමාව ඉක්මවූව ද අදාළ ප්‍රමාදය සඳහා හේතු වූ කරුණු ඔබගේ පාලනයෙන් තොර වූවක් බවට සාධාරණව ඔප්පු කළ හැකි නම් අභියාචනය ඉදිරිපත් කළ හැකි ය.

ඒ අනුව ඔබට අභියාචනා ඉදිරිපත් කළ හැකි අවස්ථා කිසිපයක් පනතෙහි 31 වැනි වගන්තිය යටතේ දක්වා ඇත. ඒවා පහත පරිදි වේ.

තොරතුරු නිලධාරියා තොරතුරු ඉල්ලීම ඍජුව ප්‍රතික්‍ෂේප කරයි නම්

තොරතුරු නිලධාරියා පනත යටතේ ඇති තොරතුරු හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවට ඇති ව්‍යතිරේඛයක් දක්වමින් තොරතුරු හෙළිදරව් කිරීමට ප්‍රතික්‍ෂේප කරයි නම්

අදාළ කාලරාමුවට අනුගත නොවන්නේ නම්

අසම්පූර්ණ, නොමඟ යවනසුලු හෝ සාවද්‍ය තොරතුරු ලබා දී ඇත්නම්

තොරතුරු ලබාදීම සඳහා වැඩිපුර ගාස්තු අය කරන්නේ නම් සහ

ඉල්ලා සිටිනු ලැබූ තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට ඔබ යුක්තිසහගත ලෙස විශ්වාස කරනු ලබන්නේ නම් 

යන අවස්ථාවන්හි දී ඔබට අභියාචනා ඉදිරිපත් කළ හැකි ය. 

මෙසේ තොරතුරු නිලධාරියා විසින් තොරතුරු ලබා දීම පිළිබඳව නම් කළ නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරපත් කළ පසුව වැඩ කරන දින 3ක් ඇතුළත අදාළ අභියාචනය භාරගත් බවට ඔබ වෙත කුවිතාන්සියක් නිකුත් කරනු ඇත. ඉන්පසු සති 3ක් ඇතුළත ඒ පිළිබඳ තීරණයක් ලබාගෙන ඔබ වෙත දැනුම්දිය යතු ය. එසේම 

ඔබ තොරතුරු නිලධරයෙකුගේ තීරණයකට එරෙහිව නම් කළ නිලධාරියා වෙත කරන ලද අභියාචනයට ලද පිළිතුර පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් සහ නම් කළ නිලධාරියා  අදාළ අභියාචනය පිළිබඳ ගන්නා ලද තීරණය සති තුනක කාලයක් ඇතුළත ලබා දීමට අපොහොසත් වන්නේ නම් යන කරුණු පාදක කොටගෙන නම් කළ නිලධාරියාගේ තීරණයට එරෙහිව කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද හැකියාව ඇත. 

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *