Uncategorized, පුවත්

තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා පන්නරය ලබන පොළොන්නරුවේ ගොවි ජන අරගල

By In

එස්. එම්. මනෝජ්
“මේ පොළොව මිනිසාට අයිති නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහ පොළොවටයි. ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලු දැ එකිනෙකට බැදී පවතී. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි වර පටක් පමණි. ඔහු මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කරගත්තා වේ.”

වොෂින්ටන් ආණ්ඩුකාරවරයා සිය ඉඩම් විකුණා දැමිය යුතු බවට කළ නිවේදනයට ජනාධිපති ෆ්‍රැන්ක්ලින් පියර්ස් හට රතු ඉන්දියානු නායක සියැටල් පිළිතුරු බැන්දේ එලෙසිනි.

2016 වසරේ අග භාගයේ එවැනි තීන්දුවක් සඳහා පිඹුරුපත් සකස් වී තිබුණේ එවකට රජයේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුවයි.

ඒ තිස් වසරක් පුරාවට යුද්ධයක් පැවති තොප්පිගල බටහිර දෙසට මායිම් වන්නට පිහිටි මාදුරුඔය දකුණු ඉවුර ප්‍රදේශයේ ඉඩම් අක්කර 60,750 ප්‍රමාණයක් විදේශීය සමාගමකට පවරා ඒ තුළින් රට සීනී වලින් ස්වයංපෝෂිත කිරීම අරමුණ විය.

එම සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙන් මෙම ප්‍රදේශවල හේන් ගොවිතැනින් ජීවිකාව ගෙනගිය ගොවි පවුල් 2000 කට සහ කිරිගොවි කර්මාන්තයේ නිරත පවුල් 400 කට අහිමි වන ජීවිකාව රැකදීම සඳහා මෙන්ම මෙම සංවර්ධන ව්‍යාපෘතියට ජලය සපයා ගැනීමට යෝජනා වී තිබෙන මාදුරුඔය ජලාශයෙන් ජලය ලබා ගන්නා මාදුරුඔය වම් ඉවුර ප්‍රදේශයේ පවුල් 22.000 කට සිදුවන පාරිසරික බලපෑම් නිසාවෙන් මෙම ලිපියේ ලේඛක පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදී S.M මනෝජ් මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති යෝජක වන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීම් කර තිබේ.

එම තොරතුරු නිසියාකාරව නොලැබීම නිසා ඒ මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකු නම් කර ඇත.

එසේ පවරන ලද ඉඩම් පිළිබඳ තොරතුරු තමන් වෙත ලබාදෙන මෙන් තමා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙතින් ඉල්ලීම් කළත් එම තොරතුරු ලබා දීම අදාල අධිකාරිය විසින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු සිය පෙත්සමින් පෙන්වා දේ.

ඊට එරෙහිව තමා තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කළත් එම කොමිසම විසින් ද තමන්ට සාධාරණයක් ඉටු නොකළ බව පෙත්සම්කරු කියා සිටී.

එබැවින් තමන් විසින් ඉල්ලා සිටින සම්පූර්ණ තොරතුරු ලබාදෙන ලෙස හා තොරතුරු ලබාදීම පැහැරහැර තිබෙන මහවැලි අධිකාරියට නීතිය ක්‍රියාත්මක කරන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත

පසුගිය (19) දා අභියාචනාධිකරණයේදී විභාගයට ගත් මෙම පෙත්සමේ එක් වගඋත්තරකාර පාර්ශවයක් වන තොරතුරු කොමිසම අභියාචනාධිකරණය කරුණු දක්වා තිබුණේ අභියාචක ඉල්ලා ඇති තොරතුරු ඔහු වෙත මේ වන විටත් ලබාදී ඇති බවය.

ඒ පිළිබඳ පෙත්සම්කරු සෑහීමකට පත් නොවන බව අභියාචනාධිකරණයට දැනුම් දුන් අතර එය පිළිගත් අභියාචනාධිකරණය මෙහි අනෙක් වගඋත්තරකාර පාර්ශවය වන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියටද අභියාචනාධිකරණයේ පෙනීසිටින ලෙස නොතීසිය නිකුත් කළේය. මාර්තු මස 18 දා නඩු විභාගය නැවත කැඳවීමට නියමිතය.

තොරතුරු පනත ශ්‍රී ලංකාව තුළ බලාත්මක වීමෙන් පසු ශ්‍රී ලංකා තොරතුරු කොමිසමට විරුද්ධව අධිකරණයක් තුළ පුරවැසියකු පැවරු ප්‍රථම නඩුව වන මෙහි පෙත්සමකරු වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ / නීතිඥ ලලිත් ගුණරත්න / නීතිඥ මනෝජ් ප්‍රියංකර / නීතිඥ චතුර වෙත්තසිංහ / යන මහත්වරුන් පෙනීසිටියි.

මෙලෙස තොරතුරු පනතට පවා තොරතුරු සඟවමින් සිදුකරන මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන උක් ව්‍යාපෘතිය හේතුවෙන් පීඩා විඳින විවිධ ජනවර්ගයන්ට අයත් පුරවැසියන් ජීවත්වන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරින් එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් වන චෙල්කල්අඩි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දමිළ කිරි ගොවින් වෙනුවෙන් මෙම ලේකඛයා අනාවරණය කරගෙන තිබෙන තොරතුරු මත පදනම්ව කිරි ගොවින්ට අහිමිවන තණබිම්වල අයිතිවාසිකම් ඉල්ලා මඩකළපුව පලාත් බද මහාධිකරණයේ නඩු පැවරීමක් ද සිදු කොට තිබේ.

එම නඩු විභාගයද එළඹෙන මාර්තු මස 05 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

මීට පෙරද මෙම රචකයා අනාවරණය කරගත් තොරතුරු මත මේ ප්‍රදේශයේ හේන් ගොවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබේ.

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *