පුවත්

තොරතුරු ඉල්ලීමක පුරවැසියාගේ මතය ඇතුලත් විය හැකිද?

By In

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමේ හා ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳ තවමත් විවිධ ගැටලු පැනනගිනු දැකිය හැකිය. ශ්‍රී ලංකාවට හඳුන්වා දී තවමත් කෙටි කාලයක් පමණක් වීම නිසා ප්‍රායෝගික තලයේදී මෙවැනි ගැටළු ඇතිවීම සාමාන්‍යය තත්වයක් වුවද මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීම මඟින් එම ගැටළු මඟහරවා ගත හැකිය. තොරතුරු පනතේ ඇති ඇතැම් වගන්ති සහ ප්‍රතිපාදන නිවැරදි ලෙස අර්ථකතනය කර ගැනීම පුරවැසියාගේ පාර්ශවයෙන් සහ පොදු අධිකාරීින් යන අංශ දෙකෙන්ම සිදුවිය යුතු ය.

තොරතුරු දැනගැනීමේ පනත මඟින් තොරතුරු ඉල්ලා සිටීමේදී  තොරතුරු පැහැදිලිව විස්තර විය යුතු බව දන්වා ඇත. පනතේ 24(1) වගන්තිය මඟින් විස්තර කර ඇති පරිදි ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර නිශ්චිතව දක්වමින් උචිත තොරතුරු නිලධාරියාට ලිඛිත ඉල්ලීමක් කළ යුතුය.  මෙහිදී තොරතුරු නිශ්චිතව දැක්වීම යනුවෙන් තොරතුරු නිලධාරියාට පහසුවෙන් තොරතුරු ඉල්ලීමට අදාළ වපසරිය තේරුම් ගැනීම අපේක්ෂා කර ඇති බව පෙනෙයි.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද තොරතුරු ඉල්ලීමක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟිනි ප්‍රතික්ෂේප කරන ලැබ තිබුනේ ඒ තුළ ඉල්ලුම්කරුගේ මතය නියෝජනය වීම සහ තොරතුරු ප්‍රශ්නාකාරයෙන් ඉදිරිපත් කර තිබීමයි. 2019.08.02 දින කරනු ලැබූ මෙම තොරතුරු ඉල්ලීම මඟින් දැනට ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ පවතින ඇසුරුම්ගත ආහාරවල රසායනික තත්වය හා සෞඛ්‍ය හිතකර බව සහතික කරනු ලබන රසායනාගාර වැඩපිළිවෙළෙ හා එය සිදු කරන ආයතනය කුමක්ද? සහ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන පියවර මොනවාද යන තොරතුරු ඉල්ලා සිටින ලදී. මෙම තොරතුරු ප්‍රශ්නාකාරයෙන් ඉදිරිපත් කර ඇතත් අදාළ තොරතුරු නිශ්චිතව හඳුනාගත හැකිවන පරිදි විස්තර කර ඇති බව පෙනෙයි. මෙය පුරවැසියාගේ සෞඛ්‍ය සම්බන්ධ තොරතුරක් වීම නිසාවෙන් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම සිදු කිරීමද පුරවැසියෙකු වශයෙන් ගැටලුවක් නොවේ.  ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ඇතිවී ඇති ගැටලු රාශියක් පසුගිය කාලය තුල වාර්තා වූ අතර සෞඛ්‍යට අහිතකර ආහාර ගන්නා රටවල් අතර ප්‍රමුඛස්තානය ශ්‍රී ලංකාව බව පසුගිය කාලයේ ජාත්‍යන්තර වාර්තා මඟින්ද කියවිණී. මේ නිසා ජනතාව වෙත මෙම තොරතුරු වෙත ප්‍රවේශවීමේ උනන්දුවක් පැවතීම සාධාරණය.

මෙම ඉල්ලීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී තිබූ පිළිතුර වූයේ පුද්ගලයෙකු දරන මතය හෝ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය යුතු බව පනතේ සඳහන් කර නොමැති බවයි. මෙහිදී තොරතුරු නිශ්චිත නොවීම හෝ තොරතුරු විස්තරය ප්‍රමාණවත් නොවීම වැනි ගැටලුවක් ඇතිවී ඇත්නම් ඉල්ලුම්කරු ලබා දී ඇති සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය හෝ ඊ-තැපෑල හරහා සම්බන්ධ වී තොරතුරු විස්තරය පැහැදිලි කරගත හැකිව තිබුණද පුද්ගල මතය අන්තර්ගත යැයි කියමින් එම තොරතුරු ලබාදීම සිදු කර නොමැත. පනතේ සඳහන් උපරිම ලෙස තොරතුරු නිරාවරණය කිරීම සඳහා වන ප්‍රතිපත්තිය මෙහිදී අවධානයට ලක්වී නොමැත. මෙම තොරතුරු ඉහත අමාත්‍යාංශය තුළ නොපවතින අවස්ථාවකදී එම තොරතුරු තමා භාරයේ නැතිබව දැන්වීම හෝ අදාල අනෙක් පොදු අධිකාරියක් වෙත යොමු කිරීමද පනතට අනුව පොදු අධිකාරියේ වගකීමකි.

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී තවමත් මෙවැනි ගැටළු පැන නගින ආකාරය දැකිය හැකි ය. පනත පිළිබඳ නිසි අවබෝධය ලබා දීම මඟන් මෙවැනි ගැටළු මතහරවා ගතහැකිබව පෙනෙයි.

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *