පුවත්

ගොවීන්ට වී ගොවිතැන එපා වෙලාද?

By In

දිස්ත්‍රික්ක 16ක කුඹුරු අක්කර 68,525 ක් පුරන් වෙලා 

– මොහොමඩ් ආසික්

ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකක්ම ජීවත් වන ආසියානු කලාපයේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්ය. ඒ නිසාම, ආසියානු කලාපය වී ගොවිතැන සඳහා ප්‍රසිද්ධව පවතී. වී වගාවේ නිෂ්පාදන ඉලක්ක සපුරාගැනිම, ශ්‍රී ලංකාවේ මෙන්ම වී වගාකරන සෙසු රටවල්ද සිය ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන අතර, එය එම රටවල ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැදගත් සාධකයකි.

පසුගිය පාලන සමයේදි අවිචාරවත් ලෙස එළඹුණු තිරණ හේතුවෙන් ඇති වූ  පොහොර අර්බුදය වී වගාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළේය. පසුව එම පිළිවෙත වෙනස් කළ නමුත් ඉන් ඇති කළ හානිකර බලපෑම සම්පූර්ණයෙන් ඉවත් වී ඇතැයි කිව නොහැකිය. කලින් කලට ඇති වූ අර්බුද හේතුවෙන් ගොවීන් වී ගොවිතැනින් ඈත් වීම ප්‍රමුඛ ගැටලුවකි. එහෙත් ඒ පිළිබඳව ප්‍රමාණවත් තරමේ අවධානයක් යොමු වී නැත. මේ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනී‍මේ අයිතිවාසිකම්  පනත උපයෝගි කරගෙන ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා දැරූ උත්සාහයකි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙතින්  කරන  ලද  තොරතුරු ඉල්ලීමකට  ලැබුණු පිළිතුර අනුව, 2023/24 මහ කන්නයේදී ලංකාව පුරා වී වගා කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 7,85,590.699 කි. 2024 යල කන්නයේදී වී වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 4,54,264.25කි. එම මූලාශ්‍රය මගින් වැඩිදුරටත් හෙළි කර ගත් තොරතුරු අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 16ක පුරන්ව ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 68,524.90කි. එම තොරතුරු අනුව දිස්ත්‍රික් මට්ටමින් පුරන්ව ඇති කුඹුරු අක්කර ප්‍රමාණය මෙසේය.

කොළඹ –  5766.00  

ගාල්ල – 11,369.30  

මාතර  – 7,460  

ගම්පහ – 9,255.31 

කළුතර -16,437.50 

මහනුවර – 2,971.01

මාතලේ – 587.17 

නුවරඑළිය – 1,249.51 

ගාල්ල – 11,369.30 

මාතර – 7,467 

වව්නියාව – 380 

මන්නාරම – 108.25 

කුරුණෑගල – 1,548.93

පුත්තලම – 1,598.61 

බදුල්ල – 260 

රත්නපුර – 6,332 

කෑගල්ල – 3,194.90 

පුරන් වී ඇති සමස්ත කුඹුරු ඉඩම් අක්කර 68,524.90න් අක්කර 45,965.53ක නැවත වී ඇතුළු කෘෂිකාර්මික බෝග වගා කිරිමට පියවර ගෙන ඇති බවත් සදහන් කරන ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව අක්කර 22,559.37 ක් කෘෂිකාරිමික කටයුතු සඳහා යොදා ගත නොහැකි ඉඩම් පවතින බවත් සඳහන් කරයි. මෙම දත්තවල සඳහන් වන්නේ දීර්ඝකාලීනව පුරන්ව ඇති කුඹුරු වන අතර කන්නයෙන් කන්නයට තාවකාලිකව වගා නොකරන කුඹුරු ප්‍රමාණයක්ද පවතී. මේ සියල්ල සහලින් ස්වයංපෝෂිත කිරීමේ සිහිනයට බාධාවක් වෙයි. 

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි කේ.ඒ. සුමිත් චන්දන මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2023/24 වසරේ මහ කන්නයේදී ශ්‍රී ලංකාව පුරා  හෙක්ටයාර් 7,85,590.699 ක වී වගා කර ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් වී වගා කර ඇති හෙක්ටයාර් ප්‍රමාණය මෙසේය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති තොරතුරු  අනුව 2023/24 මහ කන්නයේදී  සහන පදනම මත යූරියා පොහොර මෙට්‍රික්ටොන් 6,544.40ක් ලබා දී ඇති අතර එම්ඕපී පොහොර මෙට්‍රික් ටොන් 1,726.79ක් ලබා දී තිබේ. 

යල කන්නයේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,265.31ක සහ එම්ඕපී පොහොර මෙට්‍රික් ටොන් 405.69ක් ලබා දී තිබේ. 

පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In
පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *